ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධාන නායකයන් අතර හෙට (16) දින පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
හෙට පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුණද අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ මෙම හමුව අවලංගු කොට ඇති බවකි.
නිල නොවන ආරංචිමාර්ගවලින් කියවෙන්නේ මාධ්‍ය ඔස්සේ මෙම හමුව පිළිබද තොරතුරු අනාවරණය වීමත් සමග අදාළ සාකච්ජාව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවකි.