• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජැන්ඩියට ඇඳලා රස්සාවක් කරන්න තමයි ආස…

June 9, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ජැන්ඩියට ඇඳලා රස්සාවක් කරන්න තමයි ආස…
Share on WhatsAppShare on Facebook

ගායනය පැත්තකට දාලා සාත්තර කියන්න ගත්තා…
මම අනෙක් නාට්‍ය හෑල්ලු කරන්නෙ නැහැ…

දකුණු ඉන්දියාවේ කේරළයේ ජන කොට්ඨාසයක් මේ දවස්වල ලංකාවට ඇවිත් ජීවත්වෙනවා. ඉතින් මේ අහිකුණ්ඨික ජනතාව සමග නව පරපුරේ ගායන ශිල්පියකුත් සම්බන්ධ වෙලා. ඔහු ‘රෙන්ගා’ ලෙස තමයි මේ ජනතාවට එකතු වෙලා ජීවත් වෙන්නේ. එදා වේදිකාවේ හඬක් අවදි කළ මේ සුමියුරු හඬ දැන් සියත රූපවාහිනියේ විකාශය වන ‘රැහේ’ ටෙලිනාට්‍යයේ විශිෂ්ට ලෙස රඟපාන බව දකිනවා. ඉතින් ඔහු මේ අහිකුණ්ඨික ජනතාව සමග එකතු වෙලා කරන්න යන දේ ගැන අපි කතා කළේ මේ විදියට.

🔴 මංජුල මේ දවස්වල අහිකුණ්ඨිකයන්ට එකතුවෙලා වගෙයි?
ඔව් ඔව්, ‘රැහේ’ කණ්ඩායමට එකතුවෙලා වෙනස්ම අත්දැකීමක් විඳිනවා. මොකද මෙවැනි ටෙලිනාට්‍යයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න මීට පෙර අවස්ථාවක් ලැබෙන්න ඇති කියලා මම හිතන්නේ නැහැ. ‘රැහේ’ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ ‘හත්වැනි දවස’ චිත්‍රපටය ආශ්‍රයෙන්. ඉතින් පැය දෙකකින් මේ ජන කොට්ඨාසය ගැන කතාකරලා ඉවර කරන්න අමාරුයි. මම හිතනවා ‘රැහේ’ ටෙලිනාට්‍ය තුළින් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට හොඳ පණිවුඩයක් ලැබෙයි කියලා.

🔴 ඔබ ‘රැහේ’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන ‘රෙන්ගා’ චරිතය ගැන කතා කළොත්?
විශේෂයෙන්ම මම කියන්න කැමැතියි මම මෙතෙක් රඟපාපු ටෙලිනාට්‍ය චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ වගේම මෙවැනි හොඳ ප්‍රතිචාරයක් මට මීට පෙර ලැබිලා නැහැ. මම කරපු අනෙකුත් නිර්මාණ හෑල්ලු කරනවා නෙවෙයි, ඒ නිර්මාණ තුළින් මගේ දක්ෂතාවන් දැක්ක නිසා තමයි මට අද ‘රෙන්ගා’ වීමට වාසනාව ලැබුණේ. ‘රැහේ’ ටෙලිනාට්‍යයේ කතාකිරීමට තිබෙන දෙබස්, රංග වස්ත්‍රාභරණ වුණත් හාත්පසින්ම වෙනස්. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ අහිකුණ්ඨික ජනතාව දෙමළ අය කියලා. ඔවුන් දෙමළ අය නෙවෙයි. ඉන්දියාවේ දකුණු කේරළයේ ඉඳලා තමයි මේ ජන කොට්ඨාසය ලංකාවට එන්නේ. ඉතින් මටත් ලොකු දෙයක් ‘රැහේ’ තුළ කරන්න තිබුණා. ඒ වගේම මමත් ලොකු දැනුමක් ගත්තා මේ නිර්මාණය තුළින්.

🔴 ඔබ ගායන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලාද රංගනයට යොමු වුණේ?
මම ගායකයෙක් ලෙස කටයුතු කරන අතරතුර තමයි රඟපෑමට අවස්ථාව ලැබුණේ, මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘සිහිනයක් පාට පාටින්’ ටෙලිනාට්‍යයේ ඉන් පසු දිය යට ගින්දර, සූරියභානු, ඔය දොර අරින්න වගේ ටෙලිනාට්‍යවල සුවිශේෂ චරිත කළා. ‘ලයිව් හොරයිසන්’ පොල්ගහවෙල සංගීත කණ්ඩායමේ නිවේදන ශිල්පියකු ලෙසත්, ගායකයකු ලෙසත් මම කටයුතු කරනවා. ඒ සියලු වැඩකටයුතු නතරවෙලා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා.

🔴 ඔබ ‘රැහේ’ එක්ක ඉඳලා දැනුමකුත් ඇතිනේ, ඇයි මේ අහිකුණ්ඨික ජන කොට්ඨාසය දවස් හතකින් වෙන තැනකට යන්නේ, ඔවුන්ගේ නිවාස අතහැර?
මට ඒ ගැන විස්තරයක් කියන්න අපහසුයි. හැබැයි රැහේ කණ්ඩායමේ එවැනි ජන කොට්ඨාසයකුත් අපි සමග රඟපෑවා. ඉතින් ඔවුන්ගේ රැකියාව ශාස්ත්‍ර කීම, නයි නැටවීම වගේ දේවල්. ඔවුන්ගේ කණ්ඩායම දවස් හතිකින් ඔවුන් සිටින ප්‍රදේශය පුරාම ගිහින් ඔවුන්ගේ වෘත්තිය කරලා ඉවර කරනවා. ඉන් පස්සේ තමයි ඔවුන් වෙන පළාතක නිවාස හදන්නේ. රැහේ ටෙලිනාට්‍ය නැරඹුවොත් මීට වඩා දැනුමක් සියලු දෙනාට ලබාගන්න පුළුවන්.

🔴 රෙන්ගා සහ සිංගා ඇයි රැහේට විරුද්ධ වෙන්නේ?
සිංගා කියන්නේ රැහේ නායකයාගේ පුතා. මම ඔහුගේ යහළුවා විදියට තමයි රඟපාන්නේ. ඉතින් අපි දෙන්නා කැමැති නැහැ රැහේ සමග එකතුවෙලා ශාස්ත්‍ර කියන්න. අපි දෙන්නට ඕනෙ නාගරික පරිසරයක ජීවත්වන ජනතාව වගේ හොඳට ඇඳපැළඳගෙන රැකියාවක් කරන්න තමයි.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මිනිස්සු දුක් විඳිනවා: නගර ලස්සන කරන්න කලින් මිනිස් ජීවිත ලස්සන කරන්න: සජිත්ගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාරයක්!

Next Post

කැස්බෑවේ හෝටලයක බර්ත්ඩේ පාටියක් දැමූ 10ක් අල්ලයි: ෂැංග්‍රිලාවට වූ දෙයම වෙයිද?

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.