• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රුහුණෙ මිනිස්සු යන බලගතු තැන

September 29, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

කට වරද්දගත්තොත් ඔක්කෝම දේවල් ඉවරයි. අන්න එහෙම කියන ගමන් අපි අද යන්නේ දකුණු පළාතේ “රජ්ජුරු බණ්ඩාර” කියන දෙවියන්ගේ අඩවියට. එහෙම කිව්වම දකුණේ අය නම් හොඳටම දන්නවා. ඒත් “මව්රට” කියවන අනෙක් පළාත්වල අයට නම් ඒ නම පොඞ්ඩක් හුරු නැතුව ඇති. ඒ හින්දා හැමෝටම හුරු විදියට කිව්වොත් ඇත්තටම අපි අද යන්නේ ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයට වගේම ගැටබරුව මහා දේවාලයට. රුහුණේ බටහිරට අධිපතිවූ දෙවියන් වහන්සේ විදියටත් සැලකෙන රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරනු ලබන පුදබිම තමයි ගැටබරුව විහාරය කියන්නේ.

හරියටම කිව්වොත් මාතර දිස්ත්‍රික්කයේ, මොරවක කෝරළයේ, කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළයි ගැටබරු රජමහා විහාරය වගේම දේවාලය තියෙන්නේ. අපිට ආරංචි විදියට ගැටබරුවේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඉතින් ගැටබරුව පෙරහැර මංගල්‍ය සමයෙ මෙදා පාර අපි ගැටබරුවට යන්නේ අන්න ඒ කතාව හොයන්න.
ඓතිහාසික ගැටබරුව විහාරයේ අද තියෙන විහාරයටත් වඩා ප්‍රසිද්ධ වෙන්නේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලය. ඒක අනුරාධපුරේ රජකම් කරපු වළගම්බා රජතුමාගේ සමය දක්වා ඈතට විහිදෙනවා. ගොඩාක් අය මේ දේවාලයට කියන්නේ “රුහුණේ පුංචි කතරගම” කියලා. කොහොමින් හරි ගැටබරුව නොදන්න කෙනෙක් නම් ලංකාවේ නැතුව ඇති. මොකද ඒ තරමටම ගැටබරුව දේවාලය අපේ ජනතාවට සෑහෙන්න සමීපයි. ඒ වගේම ගැටබරු දේවාලය තියෙන්නේ හරි අපූරු පරිසරයක. ගැටබරුව දේවාලයට එක පැත්තකින් තියෙන්නේ රක්වාන කඳු පන්තිය. අනෙක් පැත්තෙන් තියෙන්නේ සිංහරාජ වනාන්තරය. එතකොට ඉතිරි කොටසේ තියෙන්නේ මොරවක්කෝරළ කඳුකර ප්‍රදේශය. දැන් ඔබට හිතෙයි ගැටබරුව කියන්නේ කොයි වගේ සුන්දර පැත්තක්ද කියලා. ගැටබරුවේ ඉතිහාසය පටන් ගන්නේ අනුරාධපුර යුගයෙන්. වළගම්බා රජතුමා තමයි ගැටබරුව විහාරය හැදුවයි කියන්නේ. ඒ හින්දා ගැටබරුවේ හැංගුණු කතා ගොඩාක් ඇති කියලා අපිට විශ්වාසයි.

ගැටබරුවේ රජ්ජුරු බණ්ඩාර දේවාලය ගැන කියද්දි රජ්ජුරු බණ්ඩාර දෙවියෝ ගැන නම් කියන්නේ නැතුව බෑ. මොකද ඒ දෙවියෝ හදවතේ තියාගත්තු මිනිස්සු ලංකාව වටේම ඉන්නවා. දකුණේ හොරකමක් මංකොල්ලයක් අපහාසයක් වාගේ අකටයුත්තකදි ඒ ජනතාවට පිහිට වෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියලයි කියන්නේ. ඒ වගේම වැරදිකාරයන්ට දඬුවම් දෙන්නත් රජ්ජුරු බණ්ඩාර දෙවියෝ පසුබට වෙන්නේ නෑ කියලයි අපට දැනගන්න ලැබුණේ. සමහර උදවියට රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කොච්චර නම් විශ්වාසයිද කිව්වොත් ඔවුන් පොලිසියට යන්න ඕනෙ තැනදිත් යන්නේ ගැටබරුව දේවාලයට. මොකද යුක්තිය ළඟදි ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියෝ මිනිසුන්ගේ හදවතේ ඉන්නවා කියලා ඔවුන් හිතනවා. ඒ වගේම ඔය පැත්තේ ගෙදරක දානයක් පිරිතක් හෝ පින්කමක් උත්සවයක් වගේ යම්කිසි සුබ කටයුත්තක් කරන්නට කලින් මිනිස්සු ගැටබරු දේවාලයට ගිහින් පඬුරු ගැටගහලා ඒ කටයුත්තට ආශීර්වාදය ලබාගන්නවා. ඒක කියවන ඔබට අලුත් අත්දැකීමක් වුණාට දකුණේ මිනිසුන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙලා.
අපි අද ඔබට කියන මිනිසුන්ගේ දුකට වගේම සැපතටද සිටින මේ ගැටබරු දේවාලය හොයාගත්තු කතාවත් හරි රසවත් කතාවක්. ඒ කතාව අපේ විදියට මෙහෙමයි. ඇත්තටම මේ රස කතාව සිද්ධවෙන්නේ ක්‍රි.ව.1834 කියන කාලයේ. ඔය කාලයේ කොටපොළ කෙසෙල් කොරටුවේ ගෙදරක “එලියස් හාමි” කියලා මනුස්සයෙන් ජීවත් වෙනවා. ඒ මනුස්සයා සත්තු දඩයම් කරන්න ටිකක් කැමතියි. දවසක් එලියස් හාමි සතෙක් දෙන්නෙක් දඩයම් කරන්න කියලා ගැටබරු කන්දට යනවා. ඒ කාලේ ගැටබරු කන්ද කියන්නේ මහා කැලෑවක්. එහෙම යන එලියස් හාමි ඉස්සරහට ගෝනෙක් දුවන් එනවා. ගොදුර ළඟටම ආවා කියලා හිතන එලියස් හාමි ගෝනා මරන්න ලෑස්ති වෙද්දිම ඌ ආපහු හැරිලා දුවනවා. එලියස් හාමිත් ඒ පස්සේ පන්නනවා. ඉතින් ගෝනා දුවගෙන ගිහින් ගල් ලෙනකට රිංගනවා. එලියස් හාමිට දැන් මහන්සියි. ඒ හින්දා ඔහු හෙමින් හෙමින් ගෝනා හොයන්න කියලා ගල් ලෙන ඇතුළට යනවා. අන්න එතකොට එලියස් හාමිට දකින්න ලැබෙන්නේ ගල් ලෙන අස්සේ තිබුණු දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමක්. පස්සේ ඔය කතාව ඔහු ගමේ මිනිසුන්ට කියනවා.

එලියස් හාමි දකින ඔය සිද්ධිය පැය කිහිපයක් යද්දි ගමටම ආරංචි වෙනවා. ඒක හින්දා හැමෝම ගැටබරු කන්දට යනවා. එතකොට යන හැමෝමත් ඔය සිද්ධිය දකිනවා. පස්සේ එතැන හිටපු මොරවක පැත්තේ කොස්නිල්ගොඩ විදානපතිරණ කැටගොඩ මහත්තයා ගම්වාසීන්ගේ ආධාර උපකාර ඇතිව එතැන පොඩියට තාවකාලික සංඝාවාසයක් හදලා ඒක 1834 අවුරුද්දේ හිමිනමකට භාර කරනවා. කොහොම හරි ගැටබරුව රජමහා විහාරයේ විහාරාධිපති පරම්පරාවේ පළමුවැනි විහාරාධිපති විදියට හැඳින්වෙන්නේ වීරසිංහ කන්දේ සුමංගල නා හිමියෝ. ඊට පස්සේ දවසින් දවස එතැන දියුණු වෙනවා. තවත් කාලයක් යනකොට 1953 විතර අවුරුද්දේ ගැටබරුවෙත් අලංකාර වූ ඇසළ මංගල්‍යක් ඇරඹෙනවා. ඒකට මූලිකත්වය ගත්තා කියන්නේ අපවත් වී වදාළ රොටුඹ ශ්‍රී රතනපාල නා හිමියෝ කියලයි කියන්නේ. ඒ වගේම 1956 අවුරුද්දේ විතර මේ ගැටබරුවේ අලංකාර පෙරහැරකුත් සංවිධාන වෙනවා. කොහොමින් හරි දැන් ගැටබරුවේ පෙරහැර කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පෙරහැරක්. පෙරහැර කාලෙට බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න ලක්ෂ ගණනක මහා සෙනඟක් ගැටබරුවට එනවා.

ඇත්තටම ගැටබරුව කියන්නේ අද රටේ ප්‍රසිද්ධ තැනක්. හැබැයි ඒකට හේතුව අර වළගම්බා රජතුමා හදපු විහාරය නම් නෙවෙයි. ඇත්තටම ඒකට හේතුව වෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ. ඊළඟට ආයෙමත් මව්රට හෙව්වේ කවුද මේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියන්නේ කියලා. අතීතයේ මේ බණ්ඩාරවරුන් කියලා කිව්වේ රජතුමාගේ රාජකීය භාණ්ඩාගාරය භාරවෙලා හිටිය පිරිසටලු. ඉතින් එහෙම බණ්ඩාරවරයෙක් ඔන්න රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්වෙලා ඉන්නවා කියලා තමයි සමහරු කියන්නේ. කොහොම හරි රජ්ජුරු බණ්ඩාර දෙවියෝ කියන්නේ ගැටබරුවේ මිනිස්සු කියන විදියට දකුණු පළාතේ ජනතාව අදහනු ලබන බණ්ඩාර දේව කන්නලව්වේ බණ්ඩාර හත් කට්ටුවේ දෙවියෙක්ලු. ඒ වගේම බටහිර දෙවියෝ පාත හාමුදුරුවෝ සහ ගැටබරු දෙවියෝ කියන්නෙත් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ටම තමයි. මේ දෙවියන්ගේ ස්වරූපය මෙහෙමයි. දෙවියන්ගේ ඇඳුම් පැලඳුම් එක්කලා රජ්ජුරු බණ්ඩාර දෙවියෝ නිලමේ කෙනෙක් වගෙයි පේන්නේ. ඒත් එක්කම දෙවියන්ගේ හිස මත ඔටුන්නකුත් තියෙනවා. මුහුණේ උඩු රැවුලක් වගේම බෙල්ලේ තැල්ලක් එක්ක මල් මාලෙකුත් තියෙනවා. ඒ එක්කම වම් උරහිස හරහා පෙරවුණු උතුරු සළුවක් දකින්නත් පුළුවන්. අත් දෙකේම අලංකාර වූ ආභරණ වගේම දකුණතේ සෝලු ලීයකුත් වමතේ රබානකුත් තියෙනවා.

ගැටබරු විහාරය වළගම්බා රජතුමාගේ කාලේ දක්වා ඈතට විහිදෙනවා කියලා අපි අද මුලින්ම කිව්වනේ. හැබැයි ඒ ගැන ලිඛිත සාක්ෂි නම් නෑ. ඒත් මුඛ පරම්පරාගත විශ්වාස අනුව කතාව විශ්වාස කරන්න පුළුවන්. වළගම්බා රජතුමා රුහුණු සහ මායා කියන ප්‍රදේශ දෙකේ සේනා සංවිධාන කරද්දී රජතුමාට ආරක්ෂාව රැකවරණය දුන්නයි කියන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියෝ. අන්න ඒකට කරපු කළගුණ සැලකීමක් විදියටලු වළගම්බා රජතුමා ගැටබරුවේ විහාරය සහ දේවාලය හැදුවයි කියන්නේ. ගොඩාක් වෙලාවට වළගම්බා රජතුමා හදපු ඇතැම් විහාරවල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේව ප්‍රතිමාවක් තියෙනවා “මව්රට” කියවන ඔබත් දැකලා ඇති. කොහොමින් හරි අපට ඒකෙන් තේරුම් යන කතාවක් තියෙනවා. ඒ තමයි වළගම්බා රජතුමා රජ්ජුරු බණ්ඩාරයන්ව ළඟින්ම ඇසුරු කළා කියන එක. සමහර විටෙක වළගම්බා රජතුමා රාජ්‍ය කරන කාලයේ භාණ්ඩාගාරයේ බණ්ඩාරවරයා විදියට හිටියේ රජ්ජුරු බණ්ඩාරද දන්නෙත් නෑ. ඔන්න ඒක නම් අපට හරියටම හොයාගන්න බැරිවුණා.

ගැටබරුවට ඔය නමත් වැටිලා තියෙන්නේ අපේ මිනිස්සු ඔය ස්ථානයේ පඬුරක් දෙකක් ගැට ගහලා ගැටබරුවට බාරහාර වීම නිසා කියලයි කියන්නේ. ඒ වගේම ගැටබරුවත් එක්ක යන ඉපැරණි වූ ජනප්‍රවාද ගණනාවක්ම තියෙනවා. ඔය අතර තමයි පියාඹන උකුස්සකුගේ පියාපත් අළු කිරීම වගේම අර ගොන් බානක් ගල් කිරීම වගේ හරි අපූරුම වූ ජනප්‍රවාදයන් තියෙන්නෙත්. ඇත්තටම මුහුදුබඩ ප්‍රදේශයක තිබුණට ගැටබරු රජමහා විහාරය තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි 1500ක් තරම් උසකින්. අදටත් අවුරුද්දකට ලක්ෂ ගණනක ජනතාවක් තමන්ගේ ඒ දුක් අඳෝනා, බාරහාර, අවලාද, සෙත් ශාන්ති වෙනුවෙන් පූජා පවත්වන්න රුහුණේ ගැටබරුවට එනවා. ඒත් දැන් ගැටබරුව අලුත් වෙලා කියලයි අපිට නම් හිතෙන්නේ. මොකද ඒ ගැටබරුවට අද අලුත් අලුත් අංග එකතු වෙලා.

අපි මුලින්ම කිව්වා ගැටබරුවට “රුහුණේ පුංචි කතරගම” කියනවා කියලා. දැන් “මව්රට” පුවත්පත කියවන ඔබට හිතෙයි ගැටබරුවට “රුහුණේ පුංචි කතරගම” කියන්නේ ඇයි කියලා. කතරගම කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද අපේ පුවත්පත හරහා කතරගම කතාව අකුරක් නෑරම මුල සිටම අගටම ඔබට පහුගිය දවස්වල කිව්වා. ඉතින් රුහුණු රටේදී ගැටබරුව දෙවැනි වෙන්නේ කතරගම පින් බිමටම විතරයි. අන්න ඒකයි ගැටබරුවට ඔය “රුහුණේ පුංචි කතරගම” කියන්නේ. කොහොම හරි ගැටබරුව කියන්නේ හාස්කම් අතින් ඉහළින්ම තියෙන ඉපැරණි ඓතිහාසික පූජා භූමියක්. ඒ නිසා රුහුණු රටේ වන්දනාවේ යන ඔබට ගැටබරුව නම් කොහොමත්ම අමතක කරන්න බෑ. ඒක නිසා ඔබත් ඇවිත් ගියොත් හොඳයි.

රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

රජ පුටුවට සටන් වදින අපේක්ෂකයෝ

Next Post

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක ‌වෙලාද: මතක් කරගන්න: 2 වැනි ‌කොටස

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.