• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක ‌වෙලාද: මතක් කරගන්න: 2 වැනි ‌කොටස

September 29, 2019
in News, Politics
Reading Time: 7 mins read
A A
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක ‌වෙලාද: මතක් කරගන්න: 2 වැනි ‌කොටස
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක් පුරා පැවැති මෙම නීති විරෝධී ආණ්ඩුව පිහිටුවීම පිටුපස කිසිවකු නොදත් විශාල දේශපාලන රහස් රැසක් තිබේ. ඒ කිසිවක් එකල කිසිදු පුවත්පතක් වාර්තා කළේ නැත. නමුත් අප එදා සිදු වූ සිදුවීම් ඒ ආකරයෙන්ම පාඨකයන්ට දැන ගැනීමට ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකළෙමු. එම සිදුවීමට වසරක් පිරෙන මේ මොහොතේ අප එම තොරතුරු නැවත මේ පළකරන්නේ ජනතාවට ඒ පිළිබඳ මතක් කිරීමටත්, කිසිවකු නොදත් තොරතුරු යළි කියවීමටත්ය.

මහින්ද මන්ත්‍රීවරුන්ව ගෙදරට කැඳවයි

මෙහි ඊළඟ කොටස දැකගන්නට ලැබුණේ සෙනසුරාදා (27දා) උදේ වරුවේය. ඒ අනුව සෙනසුරාදා උදෑසනම මහින්දගේ කාර්යාලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලුම ඇමැතිවරුන්ට දුරකතන ඇමැතුමක් ලැබුණු අතර, ඉන් කියැවුණේ හදිසි සාකච්ඡාවක් සඳහා එදින උදෑසනම මහින්දගේ නිල නිවෙසට පැමිණෙන ලෙසය. නමුත් ශ්‍රිලනිපයේ කිසිවකුට හෝ දැනුම් නොදී මහින්ද අගමැති කිරීමට මෛත්‍රී ගෙන තිබූ හදිසි තීන්දුව නිසා ඒ වන විටත් ශ්‍රීලනිපය ඇතුළේ කිසියම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති ආකාරයක් දැනගන්නට ලැබිණි. විශේෂයෙන් දුමින්ද දිසානායක මේ තත්ත්වය සම්බන්ධයෙන් සිය හිතවතුන් සමඟ කලකිරීමෙන් යුතුව අදහස් දක්වා තිබූ බවක්ද ඒ වන විට මෛත්‍රී ඇතුළු සියලු දෙනාටම දැනගන්නට ලැබී තිබිණි.

දුමින්ද කලකිරීමෙන්: මහින්දගේ ගෙදරට යන්න බැහැ කියයි

ඒ අනුව ශ්‍රීලනිපයේ සියලු දෙනා දුමින්දටත්, අමරවීරටත් වහාම දුරකතන ඇමැතුම් ලබාදෙමින් මහින්දගෙන් ලැබුණු ඇමැතුම පිළිබඳ විමසද්දී දුමින්ද කියා සිටියේ එසේ මහින්දගේ නිල නිවෙසට යෑමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන්ම කරුණු විමසා තීන්දුවක් ගතයුතු බවත්ය. ඒ අනුව ශ්‍රීලනිපයේ සියලු දෙනා කණ්ඩායමක් ලෙස ගොස් මෛත්‍රී මුණගැසී මහින්දගෙන් ලැබුණු මෙම හදිසි කැඳවීම පිළිබඳ ඔහුගෙන් විමසීමට කටයුතු කළහ. එයට මෛත්‍රී කියා සිටියේ තමන් ඒ පිළිබඳ දැනුවත්ව නොමැති බවකි. “අපි විසිතුන්දෙනා කණ්ඩායමක් හැටියට ඔබතුමත් එක්ක ඉන්නවා. අපිට කියන්න සර් අපි මේ රැස්වීමට යන්න එපාද, නැද්ද කියලා.” යනුවෙන් දුමින්ද මෛත්‍රීගෙන් විමසද්දී මෛත්‍රී කියා සිටියේ කැමැති අයට ඊට යා හැකි බවත්, අකමැති අයට ඊට නොයා සිටිය හැකි බවත්ය. ඒ අනුව අවසානයේදී පිරිස තීන්දු කළේ මහින්ද සිය නිවෙසේ කැඳවූ රැස්වීමට සහභාගි නොවී සිටීමටය. පසුව ඉරිදා දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේත්, අගමැති මහින්දගේත් ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවීමට එහිදී තීන්දු විය.

මෛත්‍රී ගත් තීන්දුව තමන්වත් නොගන්නා බවට මහින්දගෙන් ප්‍රකාශයක්

ඉරිදා දිනයේදී පැවති මෙම රැස්වීමේදී ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එහිදී මහින්දට සහාය පළ කරන යෝජනාවක් අමරවීර රැගෙන ආ අතර, එය දුමින්ද ස්ථිර කිරීම විශේෂ සිදුවීමක් විය. මීට අමතරව මහින්ද සිය කතාවේදී මෛත්‍රී ගත් තීන්දුව පිළිබඳව ඉතා ඉහළින් අගය කරමින් කතා කිරීමද විශේෂ සිදුවීමක් විය.
“ඇත්තටම ජනාධිපතිතුමා මේ ගත්තෙ අභීත තීන්දුවක්. සමහර වෙලාවට ඔය පුටුවේ මම හිටිය නම් මමවත් මෙහෙම දැඩි තීන්දුවක් ගන්න එකක් නැහැ” යනුවෙන් මහින්ද කියද්දී ශ්‍රීලනිප ඇමැතිවරු අත්පොළොසන් දෙමින් සිය සතුට පළකරන ආකාරයක් දැකගන්නට හැකි විය.

මහින්ද වැඩ භාරගනිද්දී අගමැති ලේකම් බිම ඇදවැටේ

මෙසේ අගමැති ධුරය පිරිනැමීමෙන් පසුව මහින්දගේ වැඩ භාරගැනීමේ උත්සවය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදා දිනයේය. මෙහිදී ශ්‍රිලනිපය සහ ඒකාබද්ධය නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරු සහභාගීව සිටි අතර, මහින්ද වැඩ භාරගන්නා අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බිම වැටී සිටි ආකාරයක්ද දැකගත හැකි විය. එය ඡායාරූපයක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සැරිසරද්දී ඇතැමුන් කීවේ මහින්ද වැඩ භාරගැනීමේ ලිපිය කියවද්දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ආගමික කටයුතු සිදුකිරීම සඳහා බිම හිඳගෙන සිටි බවත්, ඔහු දිවුරුම් දීමේ ලිපිය භාරගැනීමට නැඟිටින අවස්ථාවේ මෙම ඡායාරූපය ගෙන ඇති බවත්ය. නමුත් තවත් සමහරු කීවේ මහින්ද සිය රාජකාරිය භාර ගැනීමේ ලිපිය කියවද්දී සිරුරේ සමබරතාව නොමැති වී යෑම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා බිම ඇදවැටුණු බවකි.
මේ හා සමානම ප්‍රවෘත්තියක් ඊට දිනකට පෙර රනිල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ජාලවල පැතිර ගියේය. ඉන් කියැවුණේ අරලියගහ මන්දිරයේදී ජාතිය අමතමින් කරන්නට සූදානම් වූ කතාව සඳහා පැමිණෙද්දී රනිල්ගේ පය පැකිලී බිම ඇදවැටෙන්නට ගිය කතාවකි. නමුත් මහින්දගේ සිද්ධියේ මෙන් ඒ පිළිබඳ ඡායාරූපයක් පල නොවූ නිසා සමාජ මාධ්‍ය ජාලවල ඒ කතාවට වැඩිපුර තටු ලැබුණේ නැත.

වැඩ බලන නීතිපති දප්පුල මහින්දව පත්කළ හැටි හරි බව කතානායකට දනුම් දෙයි

මේ අතර හදිසියේම අගමැතිවරයා වෙනස් කොට ඊට මහින්දව පත්කිරීමත් සමඟ බලවත් අර්බුදයකට මුහුණදී සිටියේ කතානායක කරු ජයසූරිය මහතාය. ඒ වන විටත් මෛත්‍රි මෙම පත්වීම ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට සිදුකොට ඇති බවට මතයක් එජාප පාර්ශ්වයෙන් සහ රට ඇතුළේ විවිධ පාර්ශ්වයන්ගෙන් කියැවෙද්දී කතානායක කරු වහාම කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් විමසීමට කටයුතු කිරීමය. ඒ වන විට නීතිපති ජයන්ත ජයසූරිය මහතා විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළේ දප්පුල ද ලිවේරා මහතාය. කරුගේ මෙම කරුණු විමසීම ඊමේල් පණිවුඩයකින් ලැබීමත් සමඟ ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු යැවූ වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා එහි කිසිදු වැරැද්දක් නොමැති බවත්, එය ව්‍යවස්ථානුකූල බවත් සඳහන් කරමින් නැවත ඊමේල් පණීවුඩයක් කතානායකවරයා වෙත එවීමට කටයුතු කර තිබිණි.

සියලුම පක්‍ෂවලින් කතානායකට ලිපි ලැබෙයි

මේ අවස්ථාව වන විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්‍ෂත්, පාර්ලිමේන්තුවේ ආසන හයක් හිමි දමිළ ප්‍රගතිශීලී සන්ධානයත්, මුස්ලිම් කොංග්‍රසයත්, දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් වෙන වෙනම කතානායකවරයා වෙත ලිපි යවමින් දැනුම් දී තිබුණේ මෛත්‍රී ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය අවසන් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවා බහුතරය බලය හිමි අගමැතිවරයා කවුරුන්ද යන්න තහවුරු කරගැනීමෙන් පමණක් බවත්ය. ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔවුන් සියලු දෙනාම කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමටද කටයුතු කර තිබිණි.

මෛත්‍රී පාර්ලිමේන්තුවත් කල් තියයි

නමුත් තත්ත්වය තවත් අර්බුදකාරී අතට පෙරළෙන බවක් පෙනෙන්නට තිබුණේ සෙනසුරාදා දහවල් වන විට පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තැබීමට මෛත්‍රී කටයුතු කිරීමත් සමඟය. ඒ අනුව එජාපය සහ විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ බොහෝමයක්ම කතානායකවරයා වෙත බලපෑම් කරමින් සිටියේ ජනාධිපතිවරයාගේ නියෝගය නොතකා මෙම හදිසි අවස්ථාවේ සිය බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. මේ නිසාම කතානායකවරයා නැවත වරක් නීතිපති අදහස් විමසීමට කටයුතු කළේ ඒ වන විට නීතිපතිවරයා දිවයිනට පැමිණ සිටීම නිසාය. නමුත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් නීතිපති ජයන්ත ජයසූරිය මහතා මෙහිදී කතානායකවරයාට ලිඛිතව දැනුම් දී සිටියේ අගමැතිවරයා පත්කිරීමේ නීත්‍යානුකූල තත්ත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ මතයක් ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවකි.

රනිල් විදෙස් තානාපතිවරුන් කැඳවයි

මේ අතරවාරයේ රනිල් සෙනසුරාදා දිනයේදී අරලියගහ මන්දිරයට විදෙස් තානාපතිවරු කැඳවීමට කටයුතු කළේය. රනිල් එසේ කළේ වහාම අරලියගහ මන්දිරයෙන් ඉවත් වන ලෙසට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් කර තිබූ දැනුම්දීමද ඉවතලමින් වීම විශේෂ සිදුවීමක් විය. මෙම හමුවට ඉන්දියානු මහකොමසාරිස්වරයාද, යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරු අටදෙනාට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරන තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් සහභාගි වී සිටියහ. ඔවුන් සියලු දෙනාටම රනිල් මෙහිදී පෙන්වා දුන්නේ මෛත්‍රි ව්‍යවස්ථාවට අනුකූල නොවන ආකාරයට තමන්ව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවා මෙම අර්බුදකාරී වාතාවරණය අවසන් කිරීමට තමන් උපරිමයෙන් ක්‍රියා කරන බවත්ය. මීට අමතරව තවත් විශේෂ සිදුවීමක් වූයේ ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදීත්, යුරෝපා කොමිසම තුළදීත් කරුණු සාකච්ඡාවට ලක්වීමය. විශේෂයෙන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධයෙන් විස්තර කොට තමන් තවමත් ලංකාවේ නිල අගමැතිවරයා ලෙස රනිල් පිළිගන්නා බවත්, මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය රජය කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේද යන්න විමසා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බි්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා මේ තත්ත්වය සම්බන්ධයෙන් ලංකාවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට පිළිතුරු ලබාදෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

මෛත්‍රිත් තරගෙට විදෙස් තානාපතිවරු කැඳවයි

එජාපය මේ ආකාරයට විදෙස් තානාපතිවරු දැනුවත් කර ඇති බව වාර්තා වීමත් සමඟ මෛත්‍රිද ජනාධිපති ලේකම් කාර්යාලයේදී තානාපතිවරුන්ගේ හමුවක් කැඳවීමට පියවර ගත්තේය. මුලින් එය සෙනසුරාදා දිනයේදීම පැවැත්වීමට මෛත්‍රි කටයුතු කළත් තානාපතිවරුන්ට විවිධ නිල රාජකාරි යෙදී තිබීම හේතුවෙන් එය පසු දිනට කල්තැබීමට මෛත්‍රී කටයුතු කර තිබිණි. ඒ අනුව පසු දින සියලුම තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුණගැසුණු මෛත්‍රි රනිල්ව ඉවත් කිරීමේදී තමන් ව්‍යවස්ථානුකූලව සියලු කටයුතු සිදුකර ඇති බවත්, එහි කිසිදු නීත්‍යානුකූල නොවන තත්ත්වයක් නොමැති බවත් ඔවුන්ට අවධාරණය කර සිටීමට කටයුතු කර සිටියේය.

මහින්දට චීනෙන් විතරක් සුබපැතුම්

මේ අතර දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ මහින්ද අගමැති ධුරයේ දිවුරුම් දුන් වහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මහින්දගේ නිල නිවෙසට ගොස් ඔහුට සුබපැතීමට කටයුතු කර තිබීමය. ඒ සමගම දේශපාලන ක්‍ෂේත්‍රයේ ගිය කතාවකින් කියැවුණේ මහින්දගේ පත්වීමට සුබපැතුවේ චීනය සහ මාලදිවයින පමණක් බවත්, ඉන්දියාව හෝ බටහිර වෙනත් කිසිදු රටක් මහින්දට සුබපැතීමට ඉදිරිපත් නොවූ බවත්ය. මෙයින්ම මහින්දගේ පත්වීම සම්බන්ධයෙන් කිසිදු රටක් සෑහීමකට පත්වී නොමැති බව පැහැදිලි යැයිද එම කටකතාවලින් තවදුරටත් කියැවිණි. මෙම කටකතා පැතිර යෑමත් සමඟ මෙරට සිටි චීන තානාපතිවරයා වහාම අරලියගහ මන්දිරයට ගොස් රනිල්වද මුණගැසී ඔහු සමඟද සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඒ සමගම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දිලුම් අමුණුගම සහ ඩී. වී. චානක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මහින්දට මෙරට සිටින විදෙස් තානාපතිවරු සියලු දෙනාම පාහේ කතා කොට සුබපැතූ බවත්, විදෙස් රටවලින් සුබපැතුම්ද ගලා ආ බවත්ය. ඒවා මේ මොහොතේ ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වේලාවට ඒවා ප්‍රසිද්ධ කිරීමට තමන් කටයුතු කරන බවත් එහිදී ඔවුහු සඳහන් කර සිටියහ.

මෛත්‍රිට එරෙහිව දෝෂාභියෝගයකට අස්සන් එකතු කරයි

ඊට අමතරව සෙනසුරාදා දිනය වන විට එජාපය පැත්තෙන් මෛත්‍රීට එරෙහිව තවත් විශේෂ ක්‍රියාමාර්ගයක්ද දියත් කෙරිණි. ඒ දෝෂාභියෝග යෝජනාවකට එජාප මන්ත්‍රීවරුන්ගෙන් අස්සන් ගැනීමය. ඉන් අනතුරුව කතානායකවරයාට භාරදීමට තීන්දු වුවද ඒ පිළිබඳ එජාපය වැඩි ප්‍රසිද්ධියක් ලබා නොදීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.

රහස් සාකච්ඡා දැනගෙන හිටියේ හතරදෙනයි

මේ අතරවාරයේ ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට මේ සිදුවූ දේශපාලන වෙනස පිළිබඳ හාන්කවිසියක් හෝ දැනගන්නට නොලැබීමත්, අඩුම වශයෙන් ඉඟියක් හෝ ඒ පිළිබඳ නොලැබීම නිසා බොහෝ ඇමැතිවරු සෙනසුරාදා දිනයේදී තැන් තැන්වලට දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ සිදුවීම පිළිබඳ හාරා අවුස්සන්නට පටන්ගෙන තිබිණි. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබී තිබුණේ මහින්දගේ දිවුරුම්දීම හදිසියේ කළ දැනුම්දීමට අනුව සිදුවුවද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාව සති කිහිපයක් තිස්සේ දිගින් දිගටම පැවැත්වී ඇති බවකි. විශේෂයෙන්ම සමහරු මෛත්‍රීගෙන් ඍජුවම මේ පිළිබඳ අසා තිබූ අතර එහිදී මෛත්‍රී ඔවුන්ට කියා තිබුණේ එස්. බී.ගේ කටින් මේ සම්බන්ධයෙන් තොරතුරු එළියට ඒමට පෙර සිටම අදාළ සාකච්ඡා රහසිගතව කෙරුණු බවත්, එස්. බී.ගේ කටින් එය එළියට පැමිණි පසු අතරමැදි කිසිවකුත් නොමැතිව තමන් හා මහින්ද අතර පමණක් අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දු කළ බවත්ය. එම නිසා අතරමැදි කිසිවකුත් සහභාගි නොවූ බව ඔවුන්ට කී මෛත්‍රී අවසන් දින කිහිපය තුළ සාකච්ඡා පිළිබඳ දැනගෙන සිටියේ මහින්ද, බැසිල්, ගෝඨා සහ නාමල් පමණක් බවද කීවේය.

තවත් රහස් තොරතුරු රැසක්
ලබන සතියේ…

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රුහුණෙ මිනිස්සු යන බලගතු තැන

Next Post

ජනපති ‌කොමිසමට ‌නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල ගැන රාජිත කියපු ‌දේ ‌මෙන්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.