• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මහපොළොව යට වවුල් රජදහන

September 30, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රත්නපුර දිස්ත්‍රික්කයේ වවුල්පන ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම හුණුගල් ගුහාව වසර මිලියන 500ක පමණ ඉතිහාසයකට උරුමකම් කියයි. නිදහස හොඳින් විඳින්නට නම් කන්දක් මුදුනටම යායුතු වුවත් මෙවර ‘ඇවිදිමු ලංකා’ අපි නිදහස විඳින්නට ගියේ පොළොව අභ්‍යන්තරයටයි. කන්දක් නඟිනවද, කැලයකට යනවද, රාත්‍රී කඳවුරක් කරනවාද යනුවෙන් අපි හතර දෙනාම හිත හිතා ඉන්නකොට මේ සතියේ සංචාරය ටිකක් වෙනසක් කරන්න හිතුවා. දොන් අමිල, රුවන්, උදාර මාත් එක්ක අපි හතර දෙනාම කතාවුණේ සංචාරකයන්ගේ වැඩි අවධානයක් යොමුවූ සහ සංචාරකයන් අඩුවෙන්ම යන තැනක් වෙත. ශ්‍රී ලංකාවේ පොළොව ඇතුළත දිය ඇල්ලක් තිබෙන බව කිව්වොත් ඔබ පුදුම වෙනවද? ඔව් එහෙම එකක් අපට තියෙනවා. ලෝකයටම පොළොව අභ්‍යන්තරයේ දිය ඇලි සහිත ගුහා තිබෙන්නේ තුනක් පමණි. එයින් එක් ස්ථානයක් නම් වවුල්පනේ හුණුගල් ගුහාවයි. එයින්ද මෙය දෙවැනි ස්ථානය හිමිකරගන ඇත.

උදේ පාන්දරින්ම අපි රත්නපුර සමන් දේවාලය ළඟට එකතුවෙලා සමන් දෙවියන්ගේ අඩවියට යන්න අවසර වගේම දෙවියන්ගේ ආශීර්වාදයත් ලබාගෙන පඬුරු දමා උදෑසන කෑමත් ඒ අසල කඩයකින් අරන් ගියේ මෙම ගමන තරමක ත්‍රාසජනක සංචාරයක් වන නිසායි. කෙසේ නමුත් අපගේ එකමුතුකම, කණ්ඩායම් හැඟීම හේතුවෙන් අප තරණය කිරීමට ඉතා අපහසු කඳු පවා තරණය කර අත්දැකීම් ලැබුවන් වෙමු.

බයික් දෙකකින් අපි හතර දෙනෙක් රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගොස් පල්ලෙබැද්ද හන්දියෙන් වමට හැරී කළල්ගොඩ මාර්ගයේ කිලෝමීටර හයක් පමණ ජන ශූන්‍ය මාර්ගයේ කෙත්වතු, හේන් මැදින් වැටී ඇති සුන්දර තැන් පසුකර වවුල්පනේ ගමට ආවේ ඨදදටකැ සිතියමේද උදව්වෙන්. ඔබ මෙම සංචාරයෙ යෙදෙන්නේ නම් මේ ආසන්නයටම වවුල්පනේ ග්‍රාමයටම පොදු ප්‍රවාහන පහසුකම් තිබෙන බව මතක තබාගන්න. එය ඔබට ප්‍රයෝජනවත් වේවි. වවුල්පනේ හන්දිය දක්වාම බස් රථ සේවා ක්‍රියාත්මකය.

අපි හතර දෙනාම වවුල්පනේ හන්දියෙ ඉඳන් හුණුගල් ගුහාව වෙත තිබෙන ගල් ගැලවුණු වළවල් සහිත 4ඥා4 වාහන පමණක් යා හැකි මාර්ගයේ ඉතා අපහසුවෙන් බයික්වල ගුහාව ආසන්නයටම ආවෙමු. යන්න පුළුවන් උපරිම ගිහින් ඒ ළඟම තිබුණු ගෙදරක බයික් නවතා තවත් කිලෝමීටරයක් විතර පල්ලමකට යන්න තියෙන පාරේ ගියා. මෙහිදී විශේෂයෙන් කිවයුතු දෙයක් නම් ඇතැම් ප්‍රදේශවාසීන් පවා මෙම ස්ථානයේ පිහිටීම හරි හැටි නොදැන සිටීමයි. ඔවුන් එහි විස්තර නොදනීද නැතහොත් එය සඟවනවාදැයි යන්න සිතාගත නොහැකිය. ඉතාමත් සුන්දර වටපිටාවක් පසුකරගෙන පල්ලම් බසිමින් ගිය ඒ ගමනට විටින් විට කඩාහැලෙන මඳ වැස්සෙන් අපට බාධා සිදුවුණත් අභියෝග නොතකා අප ඉදිරියටම ගියේ හිරිගල් ගුහාව කෙසේ හෝ දැක ගැනීමේ අටියෙනි. විනාඩි දහයක් පමණ සෙවීමෙන් පසු පඩිපෙළක් මතින් බැසගත් අපට හිරිගල් ගුහාව දැකගැනීමට හැකි විය. දකින පළමු දැක්මෙන්ම හිරිගල් ගුහාව අප සිත් වශීකර ගන්නවා මෙන්ම සිතට බියජනක පාළු හැඟීමක්ද ඇති කළේය. තවද එයින් හමා එන වවුල් වසුරු ගඳ එම බිය දෙගුණ තෙගුණ කරයි. එමෙන්ම අප පැමිණි මඟෙහිද හමුවූ ඇළ පාර දිගටම ගලාවිත් මෙම හිරිගල් ගුහා ද්වාරයෙන් ඇතුළුවී අනෙක් ද්වාරයෙන් එළියට යයි. එම ජලය බීමට තබා අතපය සෝදාගැනීමට පවා භාවිත කිරීමට නොහැකිය. ගුහාව අවට ජීවත්වන මාවවුලන්ගේ වසුරු සහ වල් ඌරන්ගේ වසුරු මිශ්‍ර වීමෙන් ජලය ඉතා අපිරිසුදුවී ඇත. සංචාරක අවධානය අඩු බැවින් පරිසරය දූෂණය අවමය.

මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 912ක උසකින් පිහිටා තිබේ. දැවැන්ත වෘක්ෂ සහ වන ගහනයක් වටකරගත් මෙම ප්‍රාග් ඓතිහාසික ගුහාව මුළුමනින්ම හිරිගල්වලින් සෑදී තිබෙන අතර හිරිලඹ සහ හිරිටැඹවලින් නිර්මාණයවී ඇත.
පෙර සුදානම්වී ආ අප පළමු ගුහා ද්වාරය අසල තනා තිබෙන නැරඹුම් අට්ටාලයේ ඉඳන් ඇඳුම් මාරුකරගෙන බෑග් සහ හිස හොඳින් පොලිතින්වලින් ආවරණය කරගත්තේ ඇතුළේ සිටින වවුලන්ගේ වසුරුවලින් ආරක්ෂා වීම සඳහාය. තවද මෙහි මැක්කන් සිටින නිසාත් අත් දිග ඇඳුමක් මෙන්ම හිසට කුමන හෝ ආකාරයේ හිස් වැස්මක්ද තිබීම යෝග්‍ය වේ.

මෙම ගුහාව තුළට පිවිසීම සඳහා නම් හොඳම තත්ත්වයේ විදුලි පන්දමක් තිබීම අත්‍යවශ්‍යය. ගුහා ද්වාරයෙන් ඇතුළු වූ අප විදුලි පන්දම් ආලෝකයෙන් සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කළෙමු. වවුල් වසුරු ගඳ ඉවසාගත නොහැකි වුවත් මඳ වේලාවකින් වවුල් ගඳට හුරු වූ නමුත් අප ආ බව දැනගත් වවුලන් කෑගසන්නටත් එහා මෙහා පියඹන්නටත් විය. විටෙක ඩ්‍රැකියුලා චිත්‍රපටය සිහිවිය. සිත තුළ බියක් හටගත්තේය. කලින් දැනගත්නට ලැබුණු කතාව සත්‍ය බවක් පසක් වූයේ ඉහළට විදුලි පන්දම් එල්ල කළ විටය. මෙම ගුහාව තුළ වවුලන් මිලියනයක් පමණ සිටින බව ගණන් බලා තිබේ. නමුත් මිලියනයකටත් අධික ප්‍රමාණයක් වෙසෙන බව සිතේ. එමෙන්ම මිලියනයක් පමණ වූ වවුලන්ගේ වසුරු ප්‍රමාණය ඔබට සිතාගත හැකිද? වවුල් වසුරු අඟල් හතරක් පහක් තට්ටු ලෙස තැන්පත්වී ඇත. ගුහාව තුළ ඉතාමත් ලිස්සන සුළුය. ඉතා පරිස්සමෙන් අඩියක් තබා අනෙක් අඩිය තබන විට සිතාමතා තැබිය යුතුය. නැතහොත් අපිරිසුදු ජල මාර්ගයට ලිස්සා ගොස් වැටෙනු ඇත. මෙය නම් වවුලන්ගේ රජදහනකි. ගුහාව තුළ සාමාන්‍ය තරමක් විශාලය. කැරපොත්තන්ද විශාල ප්‍රමාණයක් සිටී. ඇලි වර්ගයේ කැරපොත්තන්ද මෙහි දැකගත හැකිය. මීයන්ද ගුහාව තුළ එහෙ මෙහේ දිව යයි.

ගුහාවේ මීටර පහළොවක් පමණ ඉදිරියට ගමන් කළ විට එතැනින් ගලායන වතුර ශබ්දයට අමතරව තවත් වතුර වැටෙන ශබ්දයක් ඇසෙන්නට විය. මේ කිවුල් දිය ඇල්ලය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දියඇලිවලින් උසම දියඇල්ල වන මෙය ලෝකයේ දැනට තිබෙන අභ්‍යන්තර දියඇලිවලින් දෙවැනි ස්ථානය හිමිකර ගනියි. එය අපට මහත් අභිමානයකි. මෙම දියඇල්ලෙහි පැහැදිලි ජායාරූප ගැනීමට විධිමත් ආලෝක ප්‍රභවයක් අප සතු නොවූ නිසා එය අසීරු විය. නෙතින් දැක සිතින් සතුටු වී සිතේ ගබඩා කරගන්නට සිදු විය. දියඇල්ල අඩි විසිපහක් පමණ උසය. සේලයක් සේ එක දිගට කඩාහැලෙයි. මෙම ගුහාව හරහා ඇතුළුවී නැවත පිට නොවී අනෙක් පිටවීමේ ද්වාරයෙන් පිටවීමට නම් ඔබට අඩි හතරක් පමණ ගැඹුරු ඉතා කළු පැහැ අපිරිසුදු ජල පහර දිගේ යායුතුය. කෑලි කැපිය හැකි අඳුරේ ජලය මතින් බැස යෑමට කෙසේ නම් සිත හදාගැනීමට හැකිද? වවුල් වසුරු ගඳ එන්න එන්නම තීව්‍ර වේ. ඔක්කාරය, වමනය ළඟ ළඟමය. අපි නැවත ගුහාව තුළ විනාඩි තිහක් පමණ රෑඳී සිට ඇතුළු වූ ද්වාරයෙන්ම පිටවී ගුහාව උඩින් වැටී ඇති අඩි පාර ඔස්සේ ගොස් අනෙක් ද්වාරය තුළට ගියෙමු. ඉතාමත් උස අයකුට වුවත් එහි පහසු ලෙස සිටගත හැකිය. වැලි සහිත පසේ ගමන් කිරීම නම් තරමක් අපහසුය. නිසල පරිසරය ගහ කොළවලින් වට වූ ගුහාව පිටත සහ ඇතුළත සිසිල්ය. මවුබිමේ සොඳුරු තැන් කොතෙකුත් සොයා ගොස් විඳ ඇතත් අප හට මෙම සංචාරය විශේෂය. මෙවැනි තැන් ලෝකයටම ඇත්තේ තුනක් පමණි. එය ලාංකිකයන් කීයෙන් කීදෙනකු දන්නා දෙයක්දැයි නොදනී. ගුහාව තුළදී හිරිලඹ සෑදී ඇති තැන් සිතට අපූරු හැඟීමක් ඇතිකරයි. ප්‍රිස්ම හැඩැති ඒවා අලෝකය එල්ල කළ විට දිලිසේ. හිරිගල් ලෙනක් තුළ හිරිලඹ හා ප්‍රිස්ම හැඩැති වස්තූන් නිර්මාණය වීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් සිදුවන්නකි. හිරිලඹයක් දිගින් සෙන්ටිමීටර් දහයක් වර්ධනය වීම සඳහා වසර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඞ් වායුව ස්වල්ප වශයෙන් ජලයේ දියවේ. වර්ෂාව, පිනිබෑම, හිමපතනය වැනි අවස්ථාවලදී පතිත වන ජලයේ ස්වල්ප වශයෙන් දියවන කාබන්ඩයොක්සයිඞ් වායුව නිසා දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය පසෙහි ඇති කැල්සියම් සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමඟ පසෙහි පහළට කාන්දු වන කැල්සියම් බයිකාබනේට් ලෙන් පියැස්සේ සියුම් කුහර තුළින් වෑස්සි ජල බින්දුවක් ලෙස ටික වේලාවක් පියැස්සේ යටි පැත්තේ රැඳී සිටී. මෙම සුළු කාලය තුළදී ජලය වාෂ්ප වීම නිසා ජල බින්දුවේ ඇති කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී ජල බින්දුව පහළට වැටේ. පියැස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත් වේ. එසේම පියැස්සේ සිට පහළට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර එසේ පතිත වන ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත් වේ.
මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද වසර සියදහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවීම නිසා අද අපට දකින්නට ලැබෙන විවිධ හැඩතල සහ රටා නිර්මාණය කර තැබීමට ස්වභාවධර්මය සමත්වී තිබේ.

මෙම ගුහාව ඉහළට ගොස් ගුහාව තුළට වැටෙන දියපහරද දැකගත හැකිය. ඔබ එහි සංචාරය කරන්නේ නම් එම ආසන්නයටම ගමන් කිරීමෙන් වළකින්න. එය අනතුරුදායක විය හැකිය. ඒ අසලම දිය පීල්ලක් හමුවේ. කිතුල් කොටයකින් සාදා ඇති දිය පීල්ලෙන් එන ජලය ඉතාමත් කිවුල්ය. මෙයින් දිය නෑමෙන් ලෙඩ රෝග සුවවන බව පැවසේ. නෑමේදී සබන් හෝ ෂැම්පු වර්ග භාවිත නොකරන්න.

ගුහාව තුළදී වවුල් වසුරු නාපු අප වවුල් ගඳ යනතුරු කිවුල් වතුර නාගත්තා. මෙම ගුහාව ආසන්නයේම කිරිගරුඬ පාෂාණද දැකගත හැකිය. එය විශේෂය. වෙනත් කිසිදු පරිසර කලාපයන් තුළ මෙවැනි කිරිගරුඬ පාෂාණ දැකගත නොහැකි තරම්ය.

හැම තැනකම ඇවිද ගෙදර යන්නට සූදානම් වන විට උදාර කිව්වේ උඩගම දූවිලි ඇල්ල බලන්න යමු කියලා. පාරක් තොටක් හරි හැටි දන්නෙ නැති වුණත් වෙලාවත් ඉතිරි නිසා ඒ ගමනත් ගිහින් ආවා. වවුල්පනේ හන්දියෙන් පල්ලේබැද්ද හන්දිය පැත්තට ආයෙමත් ගිහින් උඩගම හන්දියෙන් ගමට දිවෙන මාර්ගය ඔස්සේ ගොස් වෙල් යායවල්, හේන් අතුරින් වැටී ඇති අඩි පාර ඔස්සේ කිලෝමීටර හතරක් වැටෙමින් ලිස්සමින් එනසාල් වතු, පුවක් අරඹවල්, මැදින් ඇති දුෂ්කර මාර්ගයේ ගොස් උඩගම දුහුවිලි ඇල්ල සොයාගත්තෙමු. මීටර 30ක පමණ උසකින් යුත් මෙම ඇල්ලේ ජලය ඉතා සිසිල්ය. දුහුවිලි මෙන් විසිරී පැතිරී යයි. ඇල්ල අවට ඉතාමත් උස් වූ ගස් වැල්ය. අවට තවත් කුඩා දියඇලිද දැකගත හැකිය. ඇල්ලට හරිහැටි ප්‍රවේශ මාර්ගයක් නොමැති නිසාදෝ සංචාරක ආකර්ෂණයේ අඩුවක් ඇත. එම නිසා පරිසර දූෂණයද අඩුය. ඔබත් සංචාරයේ යෙදෙන්නේ නම් හිරිගල් ගුහාව හා උඩගම දුහුවිලි ඇල්ල ආරක්ෂා කර නැවත පැමිණීමට වගබලා ගන්න.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

ඉතාලි ගිය දුලානි

Next Post

මුල්කිරිගල අලුත් කතාව

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.