• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ?

September 28, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 සැප්තැම්බර් 29 ඉරිදා සිට ඔක්තෝබර් 5 සෙනසුරාදා දක්වා

මේෂ – නිදහස
කලට වේලාවට වගකීම් ඉටුකර තරමක නිදහසකින් යුතුව කාලය ගෙවී යන අතර, ලග්නාධිපති කුජ 6 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව ස්ථාන හරහාද ගමන්ගනී. තමන්ගේ තත්ත්වය උසස් වන ආකාරයට වැඩකටයුතු සිදුවෙයි. රැකියා ව්‍යාපාර ආදියට උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. වෙනදාට වඩා උනන්දුවෙන් වැඩකටයුතුවල නිරත වන බව පෙනේ. සති අන්තයේ පවුලේ සියලුදෙනා සමඟ විනෝද ගමනකට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි.
ජය අංකය : 6, ජය වර්ණය : රෝස පාට

වෘෂභ – හදිසි අනතුරු
ලග්නාධිපති සිකුරු 5, 6 භාව ස්ථාන හරහාද, සඳු 5, 6, 7, 8 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. හදිසි අනතුරකට ලක්වීමේ අවදානමක් පවතින බැවින් වැඩකටයුතුවලදීත්, ගමන් බිමන් යෑමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර, විභාගවලින් උසස් ලෙස සමත් වෙයි. ආදායම් තත්ත්වය සතුටුදායකව පවතින අතර, දිගු කලක් පැවති ප්‍රශ්නයක් සාකච්ඡා කර විසඳා ගැනීමට හැකි වෙයි. දැනටමත් රුධිරගත සීනි සම්බන්ධ රෝග පවතින අය ඒ ගැන විශේෂ අවධානයෙන් සිටිය යුතු කාලයකි.
ජය අංකය : 5, ජය වර්ණය : දම් පාට

මිථුන – සිත් වේදනා
නොකළ වරදකට තමන් වෙත එල්ල වූ චෝදනාවක් ගැන සිත් වේදනාවෙන් පසුවීමට සිදුවන අතර, ලග්නාධිපති බුධ 4, 5 භාව හරහාද, සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන්ගනී. ඇසුරු කරන අය සමඟ වාදභේද ඇතිකර ගනී. අනුමානයට කරන වැඩක් අසාර්ථක වෙයි. ගෙදර-දොර සතුට, සාමය අඩු වන කාලයකි. මුදල් අතින් අමාරුකම් ඇති විය හැකිය. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. රුධිර පීඩනය හා සම්බන්ධ රෝග ගැන නිතර කල්පනාවෙන් සිටින්න.
ජය අංකය : 4, ජය වර්ණය : කහ පාට

කටක – ලාභ ප්‍රයෝජන
නොයෙක් ආකාරයේ ලාභ ප්‍රයෝජන ඔබට මේ කාලය තුළදී ලැබෙන අතර, ලග්නාධිපති සඳු 3, 4, 5, 6 භාව හරහා ගමන් ගනී. ව්‍යාපාරිකයන්ට විශේෂ ලාභ අත්වන අතර, රැකියාවල නියුතු අයට උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන සතියකි. වාසනාවන්ත සතියකි. ආදායම වැඩි වෙයි. අවිවාහක කටක ලග්න හිමියන්ට මංගල යෝග උදාවෙයි. පවුලේ දියුණුව පිණිස කරන කටයුත්තක් සාර්ථක වෙයි. සෙම් රෝග, වාත ආබාධ ඇති අය විශේෂයෙන් ප්‍රවේශම් වන්න. හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් වෙයි.
ජය අංකය : 4, ජය වර්ණය : රෝස පාට

සිංහ – අවිවේකී බව
වගකීම් කිහිපයක්ම තමන් වෙත එකවර පැවරීමෙන් මහත් අවිවේකී බවෙන් යුතුව කාලය ගෙවී යයි. ලග්නාධිපති රවි ලග්න භාවයේමද සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන් ගනී. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයට විදෙස්ගතවීමට අවස්ථාව සැලසෙයි. අධ්‍යාපන කටයුතු ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනේ. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතුවිලි පහළ වුවද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තරමක් ප්‍රමාද වෙයි. වියදම් වැඩි වන බව පෙනේ.
ජය අංකය : 1, ජය වර්ණය : රතු පාට

කන්‍යා – ආදායම වැඩිවෙයි
මේ සතිය තුළදී ඔබගේ ආදායම් තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ලග්නාධිපති බුධ 1, 2 භාව ස්ථාන හරහාද, සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන්ගනී. කතාවේ බලය ඉස්මතු වන කාලයකි. පෙර පින් මතුවී තමන්ගේ තත්ත්වය උසස් වීමට හේතුවන සිදුවීම් සිදුවෙයි. සමාජයේ උසස් අය සමඟ එකට වැඩකිරීමට අවස්ථාවක් උදාවිය හැකිය. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින කන්‍යා ලග්න හිමියන්ට අලුත් ඉගෙනීම්වලට යොමු වීමට සුදුසුම කාලයකි.
ජය අංකය : 2, ජය වර්ණය : කොළ පාට

තුලා – නිෂ්ඵල වියදම්
ප්‍රයෝජනවත් නොවන වැඩ සඳහා ඔබගේ මුදල් මේ සතිය තුළදී නිකරුණේ නාස්තිවන අතර, ලග්නාධිපති සිකුරු 12, 1 භාව හරහාද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන් ගනී. රැකියා ස්ථානයේ තිබුණු පිළිගැනීම, ව්‍යාපාරික කටයුතුවල තිබුණු විශ්වාසය අඩු වීමට හේතු වන කාලයකි. උගුර, කණ, නාසය සම්බන්ධ රෝගයකට ප්‍රතිකාර ගැනීමට යොමු වෙයි. මහත් බලාපොරොත්තුවෙන් කරන ලද වැඩක අසාර්ථක වී යයි.
ජය අංකය : 1, ජය වර්ණය : රෝස පාට

වෘශ්චික – උසස්වීමක්
සඳු 11, 12, 1, 2 භාව හරහාද, ලග්නාධිපති කුජ 11 වැන්නේද ගමන් ගනිමින් ගෙවීයන මේ සතිය තුළදී ඔබගේ තත්ත්වය උසස් වීමට නියමිතය. රැකියාවේ උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වෙයි. ව්‍යාපාරිකයන්ට තම ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය හිමිවී ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වෙයි. ගෘහ ජීවිතයේ වාසනාව, ප්‍රීතිය ඇතිකරමින් අලුත් ඥාතීන් හිතවතුන් සමඟ කාලය ගතකිරීමට අවස්ථාව ලැබේ. ශරීරය වෙහෙසා කරන බර වැඩක් කිරීමටද සිදුවෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : දුඹුරු පාට

ධනු – බලාපොරොත්තු ඉටුවෙයි
දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මේ සතිය තුළදී ඔබට ඉටුකර ගැනීමට හැකි වන අතර, ලග්නාධිපති ගුරු වැයස්ථානය වන 12 වැන්නේද, සඳු 10, 11, 12, 1 යන භාව හරහාද ගමන් ගනී. පිය පාර්ශ්වයෙන් ලැබෙන්නට තිබුණු උරුමයක්, හිමිකමක් නිරවුල්කර ගැනීමට අවස්ථාව සැලසෙයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කාලයත්, මුදලුත් වැය කිරීමට සිදුවන සතියකි. පෙනහලු ආශ්‍රිත අසනීපයක් මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
ජය අංකය : 3, ජය වර්ණය : කහ පාට

මකර – ලෙඩ, දුක්
මේ සතිය තුළදී ඔබට නොයෙකුත් අසනීපවලින් පීඩා වඳීමට සිදුවන අතර, ලග්නාධිපති ශනි 12 වැන්නේද, සඳු 9, 10, 11, 12 යන ස්ථාන හරහාද ගමන්ගනී. කලක් යටපත්ව තිබුණු සෙම් රෝගයක් නැවත මතුවී ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු කාලයකි. දරුවකුගේ අසනීපයක් නිසා රැකියා කටයුතුවලට බාධක එල්ල විය හැකිය. ආදායමට වඩා වියදම වැඩි වන අතර, අවශ්‍ය මුදල් සොයාගැනීමද එතරම් පහසු නොවේ.
ජය අංකය : 3, ජය වර්ණය : නිල් පාට

කුම්භ – දුර ගමනක්
ලග්නාධිපති ශනි 11 වැන්නේද, සඳු 8, 9, 10, 11 යන භාව හරහාද ගමන් ගන්නා අතර, ඔබට මේ සතිය තුළදී විශේෂ දුර ගමනක යෙදීමට සිදුවෙයි. ආදායම් තත්ත්වය යහපත් අතට හැරී මුදලක් අත ඉතිරිකර ගැනීමටද හැකිවෙයි. අසල්වැසියකු සමඟ අමනාපකමක් ඇති විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. අනාගත දියුණුව සඳහා අලුතින් වැඩක් ආරම්භ කරන අතර, එයින් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි. මව් පාර්ශ්වයේ ඥාතියකුගෙන් උදව්, උපකාර ලැබේ.
ජය අංකය : 2, ජය වර්ණය : නිල් පාට

මීන – මුදල් නාස්තියක්
අත ඇති මුදල් නිකරුණේ නාස්ති වී යන අතර, ලග්නාධිපති ගුරු නව වැන්නේද, සඳු 7, 8, 9, 10 යන භාව හරහාද ගමන්ගනී. මේ කාලය තුළදී ඔබ ජලයෙන් ප්‍රවේශම් විය යුතුය. ස්වයං රැකියාවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට ආදායම අවහිර වන ලෙස වැඩකටයුතු සැලසේ. උදරාබාධ, අක්මාව ආශ්‍රිත රෝග ඇති වන කාලයකි. අඹු – සැමියන් අතර තිබෙන විශ්වාසය පළුදු විය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී විය යුතු සතියකි.
ජය අංකය : 9, ජය වර්ණය : සුදු පාට

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්දු, අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

පොහොට්ටුව බෑ: ‌පොදු ලකුණකින් විතරයි: ශ්‍රීලනිපය අන්තිම තීන්දුව ගනී

Next Post

පවුලේ හැමෝටම දවසේ ගමනකට නියම තැන

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.