• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොරු ලැජ්ජාවල් මුළුගැන්වීම් මං ගාව නැහැ…

May 22, 2021
in Heart
Reading Time: 3 mins read
A A
බොරු ලැජ්ජාවල් මුළුගැන්වීම් මං ගාව නැහැ…
Share on WhatsAppShare on Facebook

අම්මා අප්පච්චි මල්ලිලා හැම මොහොතකම මගේ ජීවිතේ අංක එක…
එය අප්පච්චිගෙන් ලැබුණු දායාදයක්…
දෙවියන්ගෙන් ලැබුණු දායාදය සැඟවී යන්න ඉඩ තියන්නේ නැහැ…

ටෙලි කලාවත්, වේදිකාව මෙන්ම සිනමා කලාවත් හරිම අපූර්වත්වයෙන් යුතුව වර්ණවත් කළ ජැක්සන් අන්තනී නම් වූ ප්‍රවීණ රංගවේදියා.., තමා වෙත සහජයෙන් ලැබුණු ඒ සුරම්‍ය වූ අසාමාන්‍ය හැකියාව සිය දූදරුවන් වෙත බෙදා දී තිබුණේ, ලෝබකමක් නැතුවා සේය. නිර්ලෝබී ඒ දායාදයට උරුමකම් කී ඔහුගේ එකම දුවණිය වූයේ මාධවී ඇන්තනීය. මාධවී ඇන්තනීගේ හැකියාවන්වල කෙළවර කොතැනදැයි මනින්නට නොහැකිය. වටිනාකම කොතෙක්දැයි මිල කරන්නට නොහැකිය. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයේදී රංගනයට වාගෙම ගායනයටද මාධවී සම්මාන ලැබූයේ එක් අයකු එක් දෙයකට පමණක් සමත් වෙතැයි යන කියමන මුසාවක් කරමින්ය.
මේ දිනවල ‘තාදී’ ටෙලිනාට්‍යයෙහි ‘මදාරා’ ලෙස ගුප්ත චරිත රංගනයක නියැළෙන මාධවී කාගෙත් කතාබහට ලක්ව ඇත්තේ, ‘මව්රට’ අපටද සුහද කතාබහකට ඇයට ආරාධනා කරන්නට හිතෙන තරමේ පිපාසයක් අප සිත් තුළද ඇතිකරවමින්ය. ඉතින් මාධවී, ඒ ආරාධනය සතුටින් පිළිගත්තාය.
ඉතාම නිහතමානීව, සුහදව ඈ අප සමග සිය හඬ අවදි කළේ මෙලෙසය.

🔴 ඉතින් මාධවී… ඔබේ කාර්යබහුල දවසෙන් කෙටි විරාමයක් ‘මව්රට’ වෙනුවෙන් තිළිණ කර දුන්නා?
කිසිවිටෙක මම මාධ්‍ය මඟහැර යන කෙනෙකු නෙවෙයි. මම මාධ්‍ය සමග බොහෝ සුහදයි.
🔴 ඔබ කාර්යබහුලව සිටින්නේ ‘තාදී’ හි රූගත කිරීම් සමගද?
‘තාදි’ හී රූගත කිරීම්ද සිදුවෙනවා. ඒ අතර ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි ෂෝ එක සමග ද මම වඩාත් කාර්යබහුලව සිටිනවා. මේ දිනවල වැඩිපුර කාලය ගෙවෙන්නේ එහි පුහුණුවීම් සඳහායි.
🔴 අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට තිර පිටපත් සඳහා ඔබ කැමැත්ත දී අවසානයිලු?
ඔව්… නවක නිර්මාණකරුවකු වූ කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ටෙලි නිර්මාණයක මෙන්ම, සමන් කුමාර ලියනගේ යන ප්‍රවීණ නිර්මාණකරුවාගේද නිර්මාණ සඳහා මම ටෙලි තිර පිටපත් බාර ගැනීමට නියමිතයි. එරික් අබේසිංහයන්ගේ ‘චණ්ඩි කුමාරි’ ටෙලි නිර්මාණය සඳහාද මේ දිනවල පුහුණු වීම් කෙරෙනවා. ලංකාවේ විසූ එකම ‘වන්නි නායික කාන්තාව’ ගැන කියැවෙන එම නිර්මාණයෙහි, සටන් ක්‍රම මෙන්ම අශ්වයන් පිට යෑම ගැනද පුහුණු වීම් සිදුවෙනවා.
🔴 ඔබ ‘චණ්ඩි කුමාරි’ට බොහොම මනාපයි වාගේ නේද මාධවී?
ඔව්… මම ඇයට බොහොම මනාපයි. එය මගේ හිතට දැනුණු සුවිශේෂී චරිත නිරූපණයක්… පුහුණු වීම් තුළ යෙදෙන විටද සිතට දැනෙන මිහිරියාව හරිම ප්‍රතාපවත්.
🔴 ඔබ රඟන චරිතයන් සුවිශේෂීව එකිනෙකට වෙනස්?
හැමදාමත් මා ලද ආරාධනාවන් විවිධාකාරයි. සී රජ, දස්කොන්, තාදි ඊට හොඳ නිදසුනක්. ‘තාදි’ හී ‘මදාරා’ටද මම තදින් ඇලුම් කරනවා. මදාරාගේ ගුප්ත ස්වරූපයට මගේ සිතේ තියෙන කැමැත්ත විශේෂයි.
🔴 ඔබේ අම්මා අකිලට හෝ සජිතට වඩා ඔබ ගැන වැඩි ඇල්මකින් යම් තැනක කතා කරනවා?
ඔව්… ඔවුනට මවුපිය පදවිය දුන් කුලුඳුල් දරුවා මමයි. ඒ වගේම මම ඔවුන්ගේ ලොකු දුව. ඒ හැමදේටම වඩා මම මේ ලෝකයේ වැඩිපුරම ආදරය කරන තැන මගේ පවුලයි. අම්මා, අප්පච්චි, මල්ලිලා දෙන්නා හැම මොහොතකම මගේ ජීවිතයේ අංක එක. කවුරු මගේ ජීවිතය වෙත ආවත් මොන දේ මට අලුතින් ලැබුණත් ඔවුන්ට දී ඇති ‘ප්‍රථමය’ කිසිවිටෙක වෙනස් වෙන්නේ නැහැ.
🔴 ඔබ හරිම කෙළින් කතා කරන කෙනෙක්?
ඔව්… මුළුගැන්වීම් හෝ බොරු ලැජ්ජාවන් මා ළඟ නැහැ. සමහර ගැහැනු ළමයින් ලැජ්ජාවෙන් මුළුගැන්වෙන තැන්වලදී මගේ ඉදිරිපත් වීම හරිම නිර්භීතයි. පළමු ගුවන්විදුලි වැඩසටහනට සහභාගි වන විට මම අවුරුදු පහමාරක, හයක පුංචි එකියක්. ‘ඒ’ ශ්‍රේණියේ ළමා ගායිකාවක ලෙස තේරුණේද ඒ වයසේදීමයි.
🔴 රංගනය සඳහා ආභාෂය ලැබුණේ අප්පච්චිගෙන්?
ඔව්… එය ඔහුගෙන් ලද දායාදයක්. ඒ දායාදය සමග තව බොහෝ දෑ අප්පච්චි මට දුන්නා.
රංගනවේදිනියක ලෙස ඉවසීම ප්‍රගුණ කළ යුතු තැන්… දරාගත යුතු තැන්, කැපවීම් කළයුතු තැන් සහ පරිත්‍යාගයන් කළ යුතු තැන්ද අප්පච්චි වටහා දුන් ආකාරය හරිම අපූරුයි. යම් චරිතයක පෙනී හිටිනවා වෙනුවට… එම චරිතය තුළ ජීවත් වන්නේ කොහොමදැයි කියන කාරණය ගැනද ඔහු ලබා දුන් වැටහීම අති අනර්ඝයි.
🔴 ඒ අති අනර්ඝ බව තුළ ඔබ ඔබේ නිළිකම හැඩකර ගත්තා?
අනිවාර්යයෙන්ම එය එසේ සිදුවූවා. මට විතරක් නෙවෙයි මගේ මල්ලිලා දෙදෙනාටද ඒ අනර්ඝත්වය අප්පච්චිගෙන් ලැබුණා.
🔴 ටෙලි කලාව තුළ දීර්ඝව රැඳී සිටීමෙන් ඔබ තුළ සිටින ගායිකාව සැඟවී යාවිද?
නැහැ… කවදාවත් මා දෙවියන්ගෙන් ලද හැකියාවන්ට සැඟවී යෑමට ඉඩ තියන්නේ නැහැ. මගේ නවතම ගීත නිර්මාණයන් සඳහා සියලුම සැලසුම් සූදානම්.
🔴 මාධවී ඔබ වඩාත්ම ඇලුම් කරන්නේ ඔබ තුළ සිටින ගායිකාවටද, නැත්නම් රංගනවේදිනියටද?
මගේ ජීවිතයට යම් වටිනාකමක් දුන් ඒ දෙදෙනාටම මම දැඩිව ඇලුම් කරනවා.
🔴 ඔබ කලාකාරියක ලෙස ඔබ ගැන තෘප්තිමත් දැයි ඇසුවහොත්?
උත්තරය හරිම පහසුයි. මම මාධවී ඇන්තනී කියන කලාකාරිය ගැන තෘප්තිමත්.
🔴 මගහැරී ගිය යමක් ඒ කලාකාරිය තුළින් ඔබ දුටුවේ නම්, ඒ කුමක්ද?
ඒ ප්‍රශ්නයට නම් දියයුතු උත්තරය හරිම සංකීර්ණයි. මොකද කලාකාරියක ලෙස මම ඉතාම තදින් ප්‍රිය කරන තැනක් තියේ නම් ඒ වේදිකාවයි. එම වේදිකාවේ ඉතාම සතුටින් රඟන්නට තිබුණු බොහෝ අවස්ථා මට මඟහැරී ගියා. මඟහැරුණු ඒ තැන් සපුරා ගැනීමේ බලාපොරොත්තුවක් සහ පරමාර්ථයක් මා තුළ තියෙනවා.
🔴 ඒ මඟහැරීම සිදුවූයේ, ටෙලි රංගනය නිසාද?
නැහැ… මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීම තුළ ඒ මඟහැරීම සිදුවුණා.
🔴 අධ්‍යක්‍ෂණයට පිවිසීමේ කැමැත්ත තුළ ඔබ යම් නිර්මාණයකට අවැසි බීජ සොයනවද?
තවම නම් නැහැ… ඒ වගේම හෙට දවස තුළ ජීවිතය අපව කොතැන තබයිද..? අප යන මාර්ගය කොයිබදැයි කියන්න නම් ටිකක් අපහසුයි. සමහර විට නොසිතූ යමක නියැළෙන්නටත් පුළුවන්. කොහොමත් මම අධ්‍යක්‍ෂණයට කැමැතියි. සංස්කරණයටත් හරිම ප්‍රියයි. සමහර අවස්ථාවල මගේ සහ අප්පච්චිගේ ‘යූ-ටියුබ්’ පෝග්‍රෑම්වල සංස්කරණ කටයුතු කරන්නේද මමයි. ඇතැම් විට මාධවී ඇන්තනී කියන කලාකාරිය තුළ සංස්කරණවරියකුත් බිහිවීමට ඉඩ තියේවි.., හැබැයි එය ලෙහෙසි පහසු නැහැ. යම් නිර්මාණ කාර්යයකදී එම නිර්මාණය වෙනුවෙන් ප්‍රේක්‍ෂකයාට වැඩිපුරම වගකිවයුතු චරිතය වන්නේ අධ්‍යක්‍ෂවරයාගේ තනතුරයි. අන්න ඒ නිසා එම තනතුර දරන විට බොහෝ පරෙස්සම් විය යුතුයි.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නීතිපති විවෘත කළ ඵලකයේ දෙමළ නෑ: ඒ වෙනුවට චීන භාෂාව දාලා

Next Post

මකර ගින්න – සිංහ ආලය සහ මහරාජාගේ වෛරය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.