• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මකර ගින්න – සිංහ ආලය සහ මහරාජාගේ වෛරය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 22, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මකර ගින්න – සිංහ ආලය සහ මහරාජාගේ වෛරය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ සිට ලංකාවට මගීන් රැගත් ගුවන් ගමන් තහනම් කළේ මැයි 06 වැනි දිනය. හරියටම මැයි 16 විශේෂ ඉන්දීය ගුවන් යානයක් මගීන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට ගොඩබානු ලැබීය. එය කටුනායක ගුවන් තොටුපොළේ සේවක සේවිකාවන්ගේ විමතියට හේතු වූයේ මගීන් රැගත් ඉන්දීය ගුවන් යානා මෙරටට පැමිණීම තහනම් කර තිබීම නිසාය. එහෙත් ඒ වන විටත් මෙරට විදේශ අමාත්‍යාංශය කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට විශේෂ ඉන්දීය ගුවන් යානය පිළිගන්නා ලෙස දන්වා තිබිණි. එහි ඉන්දීය ජාතිකයන් 16ක් විය. මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔවුන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයට වාර්තා කිරීමට නියමිත ඉන්දීය තානාපති නිලධාරීන් බවය. ඔවුන් පැමිණියේ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවය අවසන් කොට යළි ඉන්දියාව බලා යන තානාපති නිලධාරීන් වෙනුවෙන් වැඩ භාරගැනීමට බවත් වාර්තා විය.

“ඒත් වරාය නගර පනත ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන සහිතව අනුමත කරලා පැය 24ක් ගතවෙන්න මත්තෙන් ඔවුන් ආවේ ඇයි… ඒ වගේම වරාය නගර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ හිමිදිරි පාන්දරම ඔවුන් ආවේ ඇයි….?”

වරාය නගරයට ඉන්දියාව බැල්ම දමාගෙන ඉන්නා බව දන්නා අයට මේ හදිසි ගුවන් යානය සහ එහි පැමිණි නිලධාරීන් ගැන වපර ඇසින් බැලීම පුදුමයක් නොවේ.

මෙයට වසර 34කට පෙර 1987 දෙසැම්බරයේ ඉන්දියා ටුඩේ සඟරාවේ මාධ්‍යවේදිනියක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුවීමට ඔහු පදිංචිව සිටි වෝඩ් පෙදෙසේ බි්‍රමාර් නිවෙසට ගියේ කලින් යොදාගත් සම්මුඛ සාකච්ඡාවකටය. ඇය ජේ.ආර්.ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.

“ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඔබෙන් බලාපොරොත්තු වෙනවා නේද ත්‍රිකුණාමලය හෝ වෙනත් කිසිදු වරායක් ඉන්දයාවට එරෙහිව යුදමය කටයුතුවලට පාවිච්චි නොකරන බවට සහතිකයක්….?

මෙයට ජේ.ආර්. දුන්නේ අපූරු උත්තරයකි.

“මම මොනවටද එහෙම කරන්නේ? ඉන්දියාව අපේ හතුරෙක් නෙවේ…’

මේ, ජේ.ආර්.ගේ උත්තරයය.

‘ඉන්දියා ටුඩේ’ මාධ්‍යවේදිනිය ඇහුවේ රජිව්ගේ එම ඉල්ලීම ඉන්දු-ලංකා ගිවිසුමේ සඳහන් වන නිසාය. එයට ඉන්දියාව වෙනුවෙන් රජිව් ගාන්ධිත්, ලංකාව වෙනුවෙන් ජේ.ආර්. ජයවර්ධනත් අස්සන් තබා තිබිණි. ඉන්දු-ලංකා ගිවිසුම ගැන තම තමන්ගේ මතය පෞද්ගලිකව තමන්ට එවන්න යැයි ජේ.ආර්. තම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලීමක් කොට තිබිණි. එවකට අගමැති ප්‍රේමදාසත්, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිත් තම මතය කියාපාමින් ‘අතිශය රහසිගතයි’ යන සීල් එක ගසා ජේ.ආර්.ට යැවූ ලියුම්වල ප්‍රශ්න කොට තිබුණේ මේ වරායන් සම්බන්ධ ගිවිසුම් වගන්තියය. ඔවුන් සඳහන් කොට තිබුණේ එම වගන්තිය ලංකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට තර්ජනයක් බවය. ඔවුන් සඳහන් කොට තිබුණේ ලංකාවේ වරායන් පිළිබඳ තීරණ ගැනීමට ලංකා රජයට ඇති අයිතියට ඉන්දියාව වැනි වෙනත් රටකට බලපෑම් කළ නොහැකි බවය.

ඒත් ඒ වෙලාවේ ජේ.ආර්. හිටියේ හොම්බෙන් වැටිලාය. මේ වෙන කොට ඉන්දියාව උතුරේ දෙමළ ජනතාවට ආහාර රැගත් බෝට්ටු විශාල ප්‍රමාණයක් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අවසරයකින් තොරව එවා තිබිණි. එම බෝට්ටු ලංකාවේ නාවික හමුදාව ආපසු හරවා යැවීම නිසා ඉන්දියාව 1987 ජුනි 04 උතුරට ගුවනින් ආහාර දමන බවට නිවේදනය කළේය. ජේ.ආර්.ගේ ආණ්ඩුවට එයට එරෙහිව කළ හැකි දෙයක් නොවීය. මේ වෙනකොටත් ජේ.ආර්. උතුර තම අණසකට යටත් කරන්න හමුදාව යවා තිබිණි. ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා උතුරට ගුවනින් ආහාර දැම්මේ හමුදාව බලාසිටියදීය. ඉන්දියාව ඒ තීරණය ගත්තේ යාපනයේ යුද්ධ නොකරන ලෙස ඉන්දියාව ලංකාවට අනතුරු අඟවා තිබියදීය. ඉන්දියාව ලංකාව තුළ මේ මැදිහත්වීම කළේ ප්‍රභාකරන්ට ඊළාම් රාජ්‍ය අරන් දෙන්නට නොව, ජේ.ආර්.ගේ ආණ්ඩුව උතුරු-නැගෙනහිර සිය අණසකට ගෙන ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙයි කියන බයටය. ඉන්දියාව කොටින්ට කිරි පෙව්වේත් ඒ බයටය. උතුරු-නැගෙනහිර යුද්ධයක් ඇතිවුවහොත් ඇමෙරිකාව ත්‍රිකුණාමල වරායට කෙළ හැලීම නතර කරනු ඇතැයි ඉන්දියාව ගණන් හැදීය.

එදා ඉන්දියාවට ත්‍රිකුණාමල වරායට තිබූ බයම, අද කොළඹ වරාය නගරය ගැන ඇතිවී තිබේ. චීනයට හම්බන්තොට වරායක් ඇත. මහින්ද චීන සල්ලිවලින් වරාය හැදුවේය. මෛත්‍රි-රනිල් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේය. ඒ වගේම චීනයට කොළඹ වරායේ පර්යන්තයක්ද ඇත. ඒ මදිවාට චීනය දැන් වරාය නගරය හදන්න සූදානමින් සිටී. වත්මන් ආණ්ඩුව කියන්නේ චීනය මෙලෙස වරායවල් හදන්නේ ආරථික න්‍යාය පත්‍රයකට බවය. චීනයට යුධමය න්‍යාය පත්‍රයක් නැති බව හම්බන්තොට වරාය හදන කාලේ සිටම රාජපක්ෂ ආණ්ඩුව කීවේය. ඒත් පසුගියදා මෙහි පැමිණි චීන ආරක්ෂක ඇමැති කොළඹ වරාය නගරය බලන්න ගියේය. ඉන්දියාව සැක කරන්නේ චීනය කොළඹ වරාය නගරයේ හෝ හම්බන්තොට වරායේ හෝ චීන නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කරන්න කල් යල් බලමින් සිටින බවය. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ තමන් ඊට ඉඩ නොදෙන බවය.

ඉන්දියාව මේ වන විට හොඳ දිරච්ච ලණු දෙකක් කාලා තිබේ. එකක් නම් මෛත්‍රි හා රනිල් දුන්න ලණුවය. මහින්දගේ ආණ්ඩුව 2015 පෙරළන්න උදව් කළොත් වරාය නගරය අහෝසි කරන බවට මෛත්‍රි සහ රනිල් ඉන්දියාවට පොරොන්දු විය. රනිල් තමන් බලයට ආවොත් වරාය නගර ව්‍යාපෘතිය අහෝසි කරන බව 2015 ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ කීවේය. හැබැයි බලයට ඇවිත් වරාය නගර ව්‍යාපෘතිය අහෝසි කරන්න බැහැ යැයි කියා රනිල් ව්‍යාපෘතියේ ගිවිසුම වෙනස් කොට, ඉන්දියාව සනසන්න උත්සාහ ගත්තේය. ඉන් පසු රනිල් රාජපක්ෂලාටත් උඩින් යමින් හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේය. මෛත්‍රි මේවාට විරුද්ධ නොවීය. අන්තිමේදී මෛත්‍රීටයි, රනිල්ටයි දෙදෙනාටම අකුලාගෙන ගෙදර යන්න සිදුවිය. මෛත්‍රිටයි, රනිල්ටයි එලෙස සිදුවූයේ බැසිල්ගේ මැදිහත්වීමෙන් ගෝඨාභය හම්බන්තොට වරාය බදු ගිවිසුම වෙනස් කරන බවට ඉන්දියාවට පොරොන්දු වූ නිසාය. ගෝඨාභය 2019 ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ ඒ පොරොන්දුව දුන්නේය. සිය ප්‍රථම විදේශ සංචාරය වූ ඉන්දීය සංචාරයේදී ඔහු ඉන්දීය මාධ්‍යයන්ට එය කීවේය. හැබැයි හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් වී නැත. ඉන්දියාවට දෙන්න පොරොන්දු වූ නැගෙනහිර පර්යන්තයද ඉන්දියාවට නොදෙන්න ගෝඨා සහ මහින්ද තීරණය කළහ. දැන් වරාය නගර කොමිසමට පනතක් ගෙනැවිත් එයට වෙනම රාජ්‍යයකට පාර කපන බලතල ලබාදී ඇත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙන කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට පෙර ඉන්දියාව එන්නත් මෛත්‍රිය කියා කොරෝනා එන්නත් ලක්ෂ 06ක් පමණ නොමිලේ ගෝඨාගේ ආණ්ඩුවට පරිත්‍යාග කළේය. ගෝඨාම ගොස් එය භාරගත්තේය. සතියකින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නේ නැහැ කියා ගෝඨාත්, මහින්දත් ප්‍රකාශ කළේය. චීනයත් ලෝකයටම කොරෝනා දී ලංකාවට එන්නත් තොගයක් නොමිලේ දුන්නේය. ගෝඨා පැමිණ එය භාරගත්තේය. වරාය නගර පනතට කැබිනට් අනුමැතිය හිමිවිය. කඩිමුඩියේම එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. දැන් පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇත. කොරෝනාවලින් ලංකාව ගිනිගනිද්දී රට අගුළු දමාගෙන වරාය නගර පනත සම්මත කරගත්හ. පාර්ලිමේන්තුව කැඳවන්න දවස් කිහිපයකට රට විවෘත විය.

අලුත් ඉන්දීය තානාපති නිලධාරීන් 16ක් ඉන්දීය මගීන්ට පනවා තිබූ තහනමත් ඉවත් කරවාගෙන විශේෂ ගුවන් යානයකින් ලංකාවට ගොඩබහින්නේ කොරෝනාවෙන් රටම මර ළතෝනි දෙද්දීය.

“මොනවායින් මොනවා වෙයිද…?”

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ත්‍රස්ත මර්දක විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න එවකට ජනාධිපති ජේ.ආර්.ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරන විට ඔබ ඇමෙරිකාවෙන් උදව් ඉල්ලුවේ නැද්ද…?”

ජේ.ආර්. සුපුරුදු ලෙස සිය නාසය අතගාමින් අපූරු උත්තරයක් දුන්නේය.

“ඉන්දියාව අපිට තරජනය කළොත් ඇමෙරිකාව අපිට උදව් කරයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. මම ඇමෙරිකාවෙන් උදව් ඉල්ලුවා. ඇමෙරිකාව මට කිව්වා ඉන්දියාව එක්ක කතා කරලා මේ ප්‍රශ්නය විසඳාගන්න කියලා…”

ජේ.ආර්. කීවේය. වරාය නගරය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ඉන්දියාවට දැනිලා ඉන්දියාව ලංකාවට තර්ජනයක් කළොත් චීනය රාජපක්ෂලාට කියන්නෙත් එදා ජේ.ආර්.ට ඇමෙරිකාව කී දේමය.

ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියා කතාවක් තිබේ. රාජපක්ෂලා 2015 ඉන්දියාවෙන් හොඳට බැටකාලත් තාම ඒ කෑමේ රස තේරුම් ගෙන නැතිවා වගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බොරු ලැජ්ජාවල් මුළුගැන්වීම් මං ගාව නැහැ…

Next Post

විදුර පෝට්සිටියට ජන්දය නොදුන් හේතුව එළියට

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.