විලාසිතා සහ විලාසිතාමය උපකරණ සහ ආයිත්තම් (උපාංග) වලට සුවිශේෂ නාමයක් දිනා ඇති ”බෙවර්ලි ස්ටී්‍රට් ආයතනය ඔවුන්ගේ නවතම ශාඛාව 772, ගාලු පාර, බම්බලපිටිය යන ස්ථානයේ විවෘත කර ඇත. මෙම ආයතය විවෘත කිරීමේ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සභාගිවිය. වර්ග අඩි 26000ක පමණ වපසරියක පැතිරී ඇති මෙම සාප්පු සංකීර්ණයෙන් දේශීය සහ ජාත්‍යන්තර ජීවන රටාවලට සරිලන විවිධ සන්නාම නිමි ඇඳුම් විලාසිතා, පාද සම්බාහන හා නිය රුපලාවණ්‍ය කටයුතු හා ක්ෂණික බේකරි පහසුකම් ඇතුව ඔබගේ සියලු අවශ්‍යතාවන් සපුරාගැනීමට හැකිය.











