එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා හෙට (27) දිනයේදී හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමට තීරණය කොට ඇත.
අද (26) උදෑසන අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකදී මෙම එකගතාවයට එළඹ තිබේ.
මෙහිදී අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු කොන්දේසියක් ඉදිරිපත්ව නොමැති අතර පක්ෂයේ ප්‍රතිපත්ති පමණක් පිළිගන්නා ලෙසට යෝජනා වී ඇත.
ඒ අනුව පක්ෂයේ ප්‍රතිපත්ති වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම ආදී ප්‍රතිපත්තිවලට එකගතාවය පළ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
කෙසේවෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සලකුණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා වී ඇති අතර අලියා, දුරකතනය සහ හංසයා යන ලකුණු 3 පිළිබදව සාකච්ජා සිදුව ඇත. එහිදී ප්‍රේමදාස මහතා හංසයා ලකුණින් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කොට තිබේ.
ඒ අනුව ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ හිමි රවි කරුණානායක මහතාගෙන් තමන්ට එම සලකුණ ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර කරුණානායක මහතාද ඊට එකගතාවය පළ කොට ඇත.