• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

May 10, 2021
in Exclusive
Reading Time: 13 mins read
A A
අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් සහ වෙනත් ග්‍රහලෝකවල සංසිද්ධීන් සමග මෙන්ම ඒ ග්‍රහ ලෝක වාසීන් සමග ද ඈත අතීතයේ දී සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වෙමින් පැවතීම ලෝකයම විස්මයට පත්කරන්නක් වී තිබේ.

ස්වදේශිකයන් විසින් “රජ රට” (රජුන්ගේ රට) වශයෙන් අභිමානයෙන් හඳුන්වනු ලබන මේ රාජධානිය ක්‍රිස්තුපූර්ව තුන්සිය හැත්තෑ හත් වැනි වර්ෂයේ දී ස්ථාපනය කරන ලද්දකි.

එමෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ හදවත වශයෙන් සැලකෙන මේ පාරදීසය යුනෙස්කෝ සංවිධානය “ලෝක උරුමයක්”වශයෙන්ද නම් කරනු ලැබ ඇති බව සාඩම්බරව සඳහන් කරනු වටී.

මෙන්න මේ කියන හේතූන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රදක්‍ෂිණාවට පත් ප්‍රදේශයේ ස්ථාපිත නුබකුස පිරිමදින දාගැබ් සිඳු (මහමුහුදු) පරදන වාපී (වැව්) කර්මාන්ත අතීත හෙළයන්ගේ දස්කම් විස්කම් සිත්කම් ලෝකයාගේ හිසට ටොකු අනිමින් පෙන්නා දෙන්නා සේය.

එමතුදු නොව තවමත් හරිහැටි නිගමනයකට පත්විය නොහැකි ගුප්ත කරුණු කාරණා ඉස්මතු වන ස්ථාන බොහාමයක්ම මේ රාජධානියේ ගොළුවත මුනිවත රකිමින් විරාජමානවම තවමත් පවත්නේමය.

අක්කර හතළිහක පමණ වපසරිය වූ ප්‍රදේශයක ස්ථාපිත “රන්මසු උයන” (රන් මත්ස්‍ය උදා්‍යනය) එවන් අබිරහස් සැඟවුණු ස්ථානයකි.

ඉතා උස් බෞද්ධ චෛත්‍ය තුනකින් වටවී ඇති ස්ථානයේ විශ්වය (වෙනත් ග්‍රහ වස්තූන් සහ ඒවායේ ජීවීන්) සමග සම්බන්ධතා පැවැත්වීමේ මාධ්‍යයක් කොටගත් බව කියන වස්තුවක් ලෙස උපකල්පනය කළහැකි සටහනක් ශෛල මස්තකයක කොටා (නෙළා) තිබේ.

විශ්කම්භය මීටර් එකයි දශම අටක් (1.8) පමණ ඇති සටහන “සක්වළ චක්‍රය” වශයෙන් හැඳින්වෙන්නකි. එහි මුහුණත භූමි මට්ටමේය. එහිම තවත් ගල් තලයක ආසන හතරක සටහනකි. ඒ ආසන අවට විදා්‍යාමානවීම සඳහා බව අරමුණ කෙරේ. මේ සක්වළ චක්‍රය සහ ආසන හතරේ සටහන් මේ දක්වාම ඉතිහාසඥයන් සහ පුරවිදා්‍යාඥයන්ගේ මනැස් අවුල් කළ ගුප්ත දේවල්ය.

කැලණිය විශ්වවිදා්‍යාලයේ පුරවිදා්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතය අනුව රන්මසු උයන දීර්ඝ ඉතිහාසයක් ඇත්තකි.

එය පසු කලෙක සංවර්ධනය කර තිබේ. ඒ හත්වැනි සියවසේදීය. ඒ අවස්ථාවේ ස්ථානයට අලුතින් ගොඩනැගිලි කීපයක් එකතු කර ඇතැයි මහාචාර්යවරයා කියයි.

කාට කාටත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වූ “සක්වළ චක්‍රය සහ ආසන සටහන” උයනට එක්වී ඇත්තේ එසේ සංවර්ධනය කෙරුණු දෙවැනි ප්‍රතිසංස්කරණ සමයේදීය.

එතෙකුදු වුවත් එය ව්‍යාපෘතියට ඈඳීම, එහි පැවැත්ම, ක්‍රියාකාරීත්වය ආදිය ගැන කිසිදු සටහනක් කිසිදු වාර්තාවක නොවීමේ හේතුවෙන් උපකල්පනය මිස පැහැදිලි යමක් කිව හැකි නොවේ.

මන්ද යත්, ඒ සියල්ල ඉතා සුපරීක්‍ෂාකාරී සහ ආරක්‍ෂිත අන්දමින් මහා සංඝරත්නය භාරයේ පැවති බැවිනි.
අනුරාධපුර යුගයේ (ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සහ දහවැනි සියවස අතර) වෙනත් චිත්‍ර රූප ආදිය සමග “සක්වළ චක්‍රය සහ ආසන සටහන” සසඳා බලන කල්හි එකකට එකක් නොගැළපෙන බැව් පැහදිලිවේ. එමගින් යමක් සිතාගැනීමට මඟ පෑදේ.

චක්‍ර සටහන ඒක කේන්ද්‍රීය කොටගත් ලක්‍ෂයකින් චක්‍ර සතකින් නිර්මිත අතර, සරල සමාන්තර සිරස් සහ තිරස් රේඛාවලින් බෙදා වෙන්කර ඇත.

ඒ අතර කුඩ නැතහොත් දුනු සහ ඊතල සහ වක්‍ර රේඛා ද පැහැදිලිව දක්නට ඇත. බාහිර රවුමේ මත්ස්‍යයන් ඉදිබුවන් සහ මුහුදු අශවයින් නෙලා තිබේ.

සඳකඩපහණ වැනි සමකාලීන වෙනත් කැටයම් සමග “සක්වළ චක්‍රය” සසඳා බලන කල ඒවායේ ලියවැල්, හංසයන් සහ නෙලුම් මල් වැනි බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායට ආවේණික ලක්‍ෂණ ඇතත් මේ සටහනෙහි එවැනි ස්වරූපයක් විද්‍යමාන නොවේ. එහි ඇත්තේ අමුත්තකි. ඒ අමුත්ත මේ කුමක්ද? යන ප්‍රශ්නය නිබඳවම මතු කරන්නක් වී තිබේ.

අන්තර්ජාල යුගය එළැඹීමට පෙර “සක්වළ චක්‍රය” කෙරෙහි එතරම් අවධානයක් නොවී ප්‍රදර්ශන භාණ්ඩයක් සේ පැවැතිණි. අනුරාධපුර රාජධානිය වැටීමෙන් පසුව රන්මසු උයන පිහිටි ඉසුරුමුණි ප්‍රදේශය (අතීතයේ වෙස්ස ගිරිය) වනගත විය.

“සක්වළ චක්‍රය” කෙරෙහි පළමුවෙන්ම මතයක් ප්‍රකාශ කළෝ එවකට ඉංගිරිසි පාලන සමයේ පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී.බෙල් මහතාණෝය.

ඔහු එක්දහස් නවසිය එකොළහේ සිය වාර්තාවේ ඉදිරිපත් කළේ “සක්වළ චක්‍රය” පැරණි ලෝක සිතියමක් වශයෙනි. වැඩි දුරටත් ඔහු ඒ පිළිබඳ ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට අනුව නිර්මිත විශ්වයේ සිතුවම බවය.

එච්.සී.පී. බෙල් මහතා දැරූ මතයට අනුව අර්ථ කථනය කළ කැටයමේ සංකේතවලින් දැක්වෙන මසුන් මුහුදු අශ්වයින් සහ වෙනත් සංකේත මහ පොළාව, මුහුද සහ අභ්‍යවකාශය නියෝජනය කරයි.

එතකුදු වුවත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ මත පළකෙරෙමින් සාකච්ඡාවලට පාත්‍රවිය. කෙසේ වෙතත් මෙහි ඓතිහාසික වැදගත්කමක් ඇති ගුප්ත කැටයමක් බව පොදු මතයවිය.

තාක්‍ෂණය දියුණු වූ මෑත යුගයේ සමාජ මාධ්‍ය මගින් මේ පිළබඳ ඡායාරූප පවා ජාත්‍යන්තරයේ සංසරණයට භාජනය කිරීමෙන් වූ ගෝලීය අවදානයද සුළුපටු නොවීය. එමගින් සෙවුම් බැලුම් විමසුම් ද වැඩි විය.

අනුරාධපුරයේ “සක්වළ චක්‍රය” හා සමාන වෙනත් රටවල පවත්නා ඒ හා සමාන ස්ථානද සංසන්දනය කර බැලිණි. එමගින් ව්‍යාප්ත වූ මතය “කැටයම” වෙනත් ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ fදාරටුවක් බවය. එමෙන්ම මෙමගින් මානවයාට විශ්වයට ප්‍රවේශ වියහැකි බවය. එම fදාරටුව විවර කෙරෙන “කේතය” මේ කැටයම බවයි.

ඊජිප්තුවේ පිහිටි “අබු ගුරාබ්වල” සහ පේරු රටේ “හායු මාර්කාවල” පවත්නා සංකේත අනුරාධපුරයේ “සක්වළ චක්‍රයට” බොහෝ සමාන බව දක්නා ලදී. ඒ සමානකම්ද කතාබහට ලක්විය. අපේ කැටයම පිහිටා ඇත්තේ ද ජලාශ්‍රිතවය. ඒ තිසාවැව සමීපයේය. ඉදිකර තිබන්නේ ද ක්‍රි.පූ. 300 දීය.

ග්‍රහලා්ක ප්‍රවේශගාමී fදාරටු සිද්ධාන්තයට අනුව ඊජිප්තුවේ අබු ගුරාබ් ද, පේරු රටේ හායු මාර්කා ඉදිකරනු ලැබ ඇත්තේ ද ජලාශ්‍රිතවය.

මන්ද? වෙනත් ග්‍රහලෝකවල ජීවීන්ට පෘථිවි ජලයෙන් රන් සකසා ගතහැකි බව කියන ස්ටාර්ගේට් සිද්ධාන්තය හේතුවෙනි.

පොළොන්නරුවේ “දානිගල කන්ද” (ඇතැම් තැනෙක දානියංගල) ද විශ්ව ශක්තීන් පවත්නා අද්භූත ස්ථානයක් බව පැවසේ. වෙනත් ලෝකවල ජීවීන් සමග ප්‍රවේශ මාර්ගයක් බව ද කියැවේ. එම ස්ථානය අනුරාධපුරයේ “සක්වළ චක්‍ර” කතාව තවත් එළිය කිරීමට ඉන්ධන සැපයුවාක් සේය.

දානිගල කන්ද ඇත්තේ පොළාන්නරුවේ මහ ඝන වනාන්තරයේය. කන්දේ මුදුන සමතල මහා ගලකි. එය චක්‍රාකාරය. කඳු නගින්නන්ගේ තිප්පොළකි. මේ ස්ථානය (කඳු මුදන) ඈත අතීතයේ දී පියාඹන පීරිසි වැනි හඳුනා නොගත් පියාඹන වස්තූන් පහත් කළ ස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය.

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය සංචාරක මඟ පෙන්වන්නකු වන ශ්‍රී අබේවික්‍රම මෙසේ කීය.

දානිගල කන්ද වැඩි දෙනා හඳුන්වන්නෙ ඒලියන් මවුන්ටන් කියල. මේ කන්දට වෙන තැන්වලට වැඩිය අකුණු පහත් වෙනව. විදුලිය කොටනවා. වැහි වෙලාවට වෙන තැන්වලට වැඩිය ගොරවනවා. මේක ප්‍රදේශයේ කොයි කවුරුත් දන්න කාරණයක්.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතයද “සක්වළ චක්‍රය” ලංකාවේ ප්‍රථම පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල්ගේ මතය සේම ග්‍රහලෝක ප්‍රවේශගාමී fදාරටුවක් වශයෙන් සලකනවාට වඩා ඈත අතීත ලෝක සිතියමක් වශයෙන් බොහෝ දුරට පිළිගත හැකි බවයි.

කාල වකවානුව ස්ථානය ආදිය ද සැලකිල්ලට ගෙන බලන විට එම සටහන ආගමික ඉගැන්වීම් අනුව දකින විශ්වයට බොහෝ සමාන බවයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙසේ ද කියයි.

ක්‍රි.පූ. දෙසිය පනහටත් පෙර සිටම ශ්‍රී ලාංකිකයන්ට ග්‍රහ වස්තූන් ගැන පමණක් නොව විශ්වය පිළිබඳවද හොඳ අවබෝධයක් තිබුණු බවට සාධක තියෙනවා. අපේ බොහෝ දෙනා අතර තාරකා හා ග්‍රහලෝක සමග බැඳුණු නම් ගොත් තියෙනවා. ආගමික සහ ඓතිහාසික සංකල්ප හා බැඳුණු “කිරින්ද” සෙල් ලිපියේ “අපරිමිත ලෝක ධාතුය” යන සටහන පැහැදිලිවම දකින්නට තියෙනවා. එයින් ගම්‍ය වෙන්නෙ ඒ සටහන නෙලූ තැනැත්තාට විශ්වය සහ ඔහු ජීවත් වූ පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා කියන එකයි.

“සක්වළ චක්‍රය” යන ගුප්ත කැටයම කුමක්ද? එහි අරමුණ කුමක්ද? කවර ක්‍රියාකාරී කටයුත්තක් සඳහා නිර්මාණය කළේද? යන කරුණු හඳුනාගැනීම සඳහා ඇති ප්‍රධාන අභියෝගය මේ සටහන නිර්මාණය කළේ කවර කාලයකද? ඒ කුමක් සඳහාද? යන්න ගැන නිවැරැදි විස්තරයක් සොයාගැනීමට ඇති නොහැකියාවයි.

අනුරාධපුරයේ ක්‍රි.පූ. දෙසිය පනස් වැන්නේ දී පමණ ඉදිකෙරුණු ස්තූප (දාගැබ්) ඉසුරුමුණිය, රන්මසු උයන ආදිය ගැන ශිලා ලිපිවල සහ වංශකතාවල සඳහන් වෙනවා. එහෙත් මේ සක්වළ චක්‍රය ගැන නම් කිසිම තැනක කිසිම සඳහනක් ඇති බවක් මෙතෙක් හමුවෙලා නෑ. මේක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික කටයුත්තක් වෙනුවෙන් යොදාගත් එකක් වශයෙන් අනුමාන කරන්න පුළුවන්. ඒ කවර ක්‍රියාවක්ද යන්න අපට සොයාගන්න බැරි හේතුව තමයි කිසිම විස්තරයක් නැති එක.
මොරටුව විශ්වවිදා්‍යාලයේ භූමි සැකසුම් (උදා්‍යාන විදා්‍යාව) පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෂෙරීන් අල්මේන්ද්‍රා මෙසේ කීවාය.

මා හිතන්නෙ “සක්වළ චක්‍රය” කියන්නෙ ඒ සමයේ ඉදිකළ විශාල ස්තූප වැනි විශාල ව්‍යාපෘතියක සැලැස්මක් ඇතැම් විට එය සීගිරිය වැන්නක් විය හැකියි.

පස් වැනි සියවසේ ඉදිකෙරුණු සීගිරිය අපේ රටේ අතීත හෙළයාගේ කායික මානසික නිර්මාණ ශක්ති සමග සංස්කෘතිය ආදී මෙකී නොකී උත්තරීතර තත්ත්වයේ අනන්‍යතාව ලෝකයට හඬගා කියන සංකේතයකි.

ලෝකය මවිත කරවන වාරි පද්ධති, උදා්‍යාන සැලසුම්, ලැගුම් කුටි අද්විතීයයි.

මේ “ආලකමන්දාවට” අනුරාධපුරයේ සිට අඩ හෝරාවකින් යා හැකියි. අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර යන ත්‍රිත්ව නගර ත්‍රිකෝණගතයකි. රන්මසු උයනේ ඇති සටහනේ දැක්වෙන ආසන සමාන්තරව එකිනෙකාට මුහුණලා අසුන් ගත් තිදෙනකුගේ සාකච්ඡාවක් වාගෙ. හරියට ගෘහ නිර්මාණ ශිල්පීන් තිදෙනකු එක්ව ඉදිරි සැලසුමක් ගැන සාකච්ඡා කරනව වාගෙ.

ඒ ආසන භාවනා කිරීමක් වැනි ආගමික සංකල්පයක් අරමුණු කළ එකක් නම් ඒවා තිබිය යුත්තේ එක පෙළට මිස ඔය අන්දමින් නොවෙයි යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෂෙරීන් අල්මේන්ද්‍රා වැඩිදුරටත් විස්තර කළාය.

උභතෝකෝටික ප්‍රශ්න මාලාවක් චිරාත් කාලයක් තිස්සේ අප ඉදිරියේ තැබූ ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ fදාරටුවක් වශයෙන් ද හැඳින්වෙන “සක්වළ චක්‍රය” තවත් දීර්ඝ කාලයක් පුරා අබිරහසක් විය හැකිද?

වසර සිය දහස් ගණනාවක් තිස්සේ වනගතව තිබූ “සක්වළ චක්‍රය” සමාජ මාධ්‍ය මගින් විශාල කතිකාවක් ජාත්‍යන්තරය පුරා ගොඩනැගීමෙන් ඇරඹි නොතිත් උනන්දුව අවසාන තීන්දුවක ආරම්භය විය හැකිය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පළාත් අතර මාරුවීම් බෑ! පාටි බෑ!! කිංස්ලි පළමු නිවේදනය නිකුත් කරයි!!!

Next Post

පුරවැසිකම රටවල් 2ක! ගීතාට වගේ ඩයනාටත් මන්ත්‍රීකම නැතිවෙයිද?

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.