• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් අතර මාරුවීම් බෑ! පාටි බෑ!! කිංස්ලි පළමු නිවේදනය නිකුත් කරයි!!!

May 10, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
එන්නත් ගැන-රට ලොක්ඩවුන් කිරීම ගැන ජනපති කතාකරයි
Share on WhatsAppShare on Facebook

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එළඹෙන මැයි 30 දක්වා එම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළ බව ද එහි සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ  ප්‍රකාශය

උපුටා ගැනීම.

“ කොවිඩ් 19 වසංගතය සමග රට තුළ වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය සහ මෙම වසංගත තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට එතුමා  සියලු පාර්ශ්වයන් සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව මම ඔබට ගෙනහැර දැක්වීමට සූදානම්.

“ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර, තවත් එන්නත් ලක්ෂ 05ක් රජය  මිලදීගනු ලැබුවා. තවත් එන්නත් 265,000ක් අපට ලැබුණා. ඒ අනුව “ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (925,000) එන්නත්කරණය සිදු වූ අතර, පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වුණා.

දෙවන එන්නත්කරණය සඳහා “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම  සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග  කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

රුසියානු Sputnik එන්නත ද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට, රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රි ලංකාවට හිමි වුණා.

Sputnik එන්නත් ක්‍රමවේදය අනෙක් එන්නත් භාවිතා කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින්, අපගේ සෞඛ්‍ය අංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබාදීම ආරම්භ කළා.

එහි දෙවන අදියර යටතේ එන්නත් 85,000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් රැසක් මෙම එන්නත්කරණය තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අයුරින්ම අපට ද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කර ගත හැකි බවටත්, ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත්, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග කොවිඩ් 19 වසංගතය පාලනය සදහා ජනතාවගේ කැපවීම ද ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා .

සියලු ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස එක් රැස්වීමෙන් වැලකීම වැනි සමාජ වගකීම් පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම නිරෝගීමත් ජාතියක් උදෙසා හේතු වන බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
  •  වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, 
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම

වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි.

ස්තූතියි. ”

(උපුටා ගැනීම අවසන්)

SendShareShare
Previous Post

ලෝකයම චීනයට එරෙහිව යයි

Next Post

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.