පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපීපෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුළ පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.
කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට පත්වීමට ඉලක්ක කර තිබුණි.
බැංකුව විසින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ISO 14064 1 2018 ප්‍රමිතියට අනුව ගණනය කිරීම ආරම්භ කළ ක්ලයිමට් ස්මාර්ට් ඉනිෂියේටිව් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් බැංකුව මේ වනවිට පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ සමාගමක් ලෙස සහතිකකරණය කර තිබේ. මෙම විශ්ලේෂණය සඳහා බැංකුව විසින් සෘජුව සහ වක්‍රව පරිසරයට මුදාහරින වායු මූලාශ්‍ර 13ක් සැලකිල්ලට ගෙන ඇත. මීට අමතරව ISO 14064-3-2018 මාර්ගෝපදේශනයන් යටතේ මෙරට දේශගුණික අරමුදලේ මෙහෙයුම් කටයුතු සිදුකරන පරිසර අමාත්‍යංශය විසින් ස්වාධීන තුන්වැනි පාර්ශ්වයේ ස්ථීර කිරීමක් කොමර්ෂල් බැංකුවට ලබාදෙමින් බැංකුවට ගෞරවනීය ISO 14064 සහතිකකරණය ලබාදී තිබේ.











