• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව

May 4, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව
Share on WhatsAppShare on Facebook

බැඳීම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද, තවත් කෙනෙකුට බැඳීම් යනු ජීවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි. කෙනෙකු රෝගි වූ විට තනිව සටන් කිරිමට නොහැකි අවස්ථා අනන්තය. බොහෝ දෙනෙක්ට තමන්ගේ සමිපතමයින් ඇස් පනාපිටම මිය යනවා බලාසිටින්නට සිදුව තිබේ. විශේෂයෙන්ම ජීවිත රැකගැනිමට කොරෝනා හා සටන්කිරිමට අප සියල්ලන්ටම සිදුව තිබේ.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රධන සිරස්තල යටතේ පළකරන ලද පුවතක් ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිත් කම්පා කළේය. අප්‍රියෙල් 24 වෙනිදා අග්‍රා, අවාස් විකාස්හි අංශ 7හි පදිංචි රේණු සිංගාල් නැමති කාන්තාව ඇගේ සැමියා වන රවී සිංගාල් (47) රැගෙන රෝහල් කිහිපයකට ගියේ තම ස්වාමියාගෙ ජීවිතය රැකගන්නටය. ඒ තම ස්වාමියාට කොරෝනා වෛරසය වැළඳී ඇති හෙයිනි. රෝහල් කිහිපයකින් ඇයව ප්‍රතික්ෂේප කළේය. අවසානයේ සරෝජිනි වෛද්‍ය විද්‍යාලයේ රෝහල SNMC වෙත රැගෙන යන අතරතුරදි හුස්ම ගන්නට අපහසු වුණේ නොසිතු ලෙසය.
ඒ රෝහල්වලින් ඔහුව ප්‍රතික්ෂේප කළේ ඉඩ ප්‍රමාණයට වඩා රෝගින් ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බැවිනි. මේ ප්‍රතික්ෂේප කිරිම් බරපතළ ලෙස රෝගාතුර වූ බොහෝ දෙනෙකුට අනතුරුදායක තත්වයක් උදාකොට තිබිණ. කිසිදු රෝහලකින් ගිලන් රථයක් පවා සොයා ගැනිමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. මේ නිසා ඇය තනියම ත්‍රිරෝද රථයක් රැගෙන රජයේ රෝහලක් වෙත තම සැමියාව රැගෙන ගෙනයාමට කටයුතු කළේ කිසියම් හෝ පිළිසරණක් පතාය. ඇය රෝහලක් සේව්වේ නොමළ ගේකින් අබ සොයන කිසාගෝතමියක් සේය. ඇය කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූවාය.

මේ ජීවිතයේ මා සමග දුකසැප බෙදාගත් මගේ ස්වාමියා කෙසේ නමි බේරාගන්නද කියා ඇය දහස් වරක් සිතන්නට ඇත. ඇය කිසිම පැකිලිමකින් තොරව ඇය කටින් කටට තබා හුස්ම ලබාදිමට උත්සහ කළාය. උකුල මත තිබූ මෙම සිරුර රැගෙන රෝහල් කරා ඇය පියනැගුවේ බලාපොරොත්තු සුන්වු තත්වයට පත්විමෙනි. ඇයව රෝහලෙන් ප්‍රතික්ෂේප කළේ ඔක්සිජන් සහ රෝහල් පහසුකම් ලබාදීමට නොහැකි තත්වයක් හේතුවෙනි. ඇය බොහෝ දෙනකුගෙන් උදව් ඉල්ලා සිටියාය. ඇගේ හිතෙහි කැකෑරුණු වේදනාව ඉතා දරුණුය. ඒ වේදනාව තේරුම් ගන්නට කෙනෙකු මිහිපිට සිටියේ නැත.

ඊළග මොහොතේ සැමියාගේ සිරුරේ සිටි කොරෝනා මාරයා තමන් වැළදගන්නා බව දැන දැනම ඇය කටින් හුස්ම දී උත්සාහය අතනොහැරියාය. අවසානයේදි පවා හුස්ම බිඳක් ලබාදිමට ඇය උත්සහ කළාය. ඇගේ උකුල මත ඔහු අවසන් හුස්ම හෙලුවේ ඇයද නොසිතු ලෙසය. එහෙත් ඇය අවසන් හුස්ම දක්වාම ඔහුව තනි නොකළාය. රෝහල වෙත රැගෙන ගියත් ඔහු මියගොස් ඇතිබව :ීභඵක්‍* රෝහලේ වෛද්‍යවරු පවසා සිටියහ.

තම ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම ගැන පවා ඇය සිතුවාය. විවාහ වූදා සිට දුක සැප බෙදාගත් මේ තමන්ගේ ස්වාමි පුරුෂයා බව ඇයට සිතෙන්නට ඇත.

සැමියෙක් යනු බිරිදකගේ දෙවියෙක් වැනිය. ඇය තම සැමියාව සැපෙහිදි මෙන්ම දුකේදීද ජීවිතය පරදුවට තබා ආරක්ෂා කිරීමට උත්සාහ කළාය. ඒ සැබෑම ආදරයේ අරුතයි.

බොහෝ දෙනෙකුට ඇය මෝඩ ගැහැනියක් ලෙස පෙනුනද ආදරයේ සැබැ අරුත ඇය ලෝකයටම පෙන්නුවාය. ඇයවද අද කොරෝනා මාරයා වැළඳගෙන තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇගේ ජීවිතයේ හෙට දවස පිළිබඳ තිරණය කෙසේ විසදෙයිද කියා අප කාටවත් කිව නොහැක. බුදුදහමට අනුව මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව අප තේරුම් ගතයුතුය.

බොහෝ දෙනෙකුට මුදල් තිබුණද රෝහලක් සොයාගැනිමට නොහැකි තත්වයට මේ වන විට ඉන්දියාව පත්ව තිබේ. අපටද මෙයින් තේරුම් ගැනීමට බොහෝ දේ තිබේ. ඒ මුදල්වලටත් මේ ලෝකේ කරන්නට බැරි දේවල් ඇති බවය. ආදරණිය බැඳීමක් කවදාවත් මුදල්වලට ගන්නට නොහැක. බැඳීම් ජීවිතයේ දුකක් විය හැකි වුවත් ඒ බැදිම්වලට ජීවිතයේ සාධාරණයක් ඉෂ්ඨ කළ යුතු බව රේණු සිංගාල් අපට ඉගැන්නුවාය.

මේ අතර ඉන්දියාවේ මිහිපිට දෙවියෙක් වැනි පුද්ගලයෙක් පිළිබදවද අපට දැනගන්නට ලැබිණ. ඒ මුම්බායි නුවර Shahnawaz Shaikh නමින් ජීවත්වන අවුරුදු 32ක තරුණයෙක් පිළිබඳවය. ඔහු තම ත්‍දරා ෑබාැ්ඩදමර රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔක්සිජන් ටැංකි මිලදී ගෙන ජනතාව බේරාගැනිමට උපකාර කළ බව පසුගියදා වාර්තා විය. ඔහු තම මිතුරන් සමග එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට යළි ජීවය ලබාදීමට පියවර ගෙන තිබිණි.

ඔහුට මෙම උතුම් ක්‍රියාවට සිත යොමුවී ඇත්තේ, මාස 6ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් පහකින් ඔක්සිජන් නැතැයි කියා හරවා යවා තිබීම නිසාය. ඒ හේතුවෙන් ඔහු ඉදිරිපිටදී ඇය මියගියේ ත්‍රිරෝද රථයක් තුළදීය.
එයින් අතිශය කම්පාවට පත් ඔහු තම මෝටර් රථය විකුණා ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට කටයුතු කර තිබිණ.

ඉන්දියාවේ ඔහු දැන් “ඔක්සිජන් මෑන්” යනුවෙන් හඳුන්වයි. ඔහු විසින් දැනට ඔක්සිජන් නොමැතිව මරණයට ලක්වීමට සිට බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950කි.

ඒ සියලු දෙනාම රෝහල්වලින් දංහටැබ නොමැතිව හරවා යැවු රෝගින් බවද දැනගන්නට ඇත. මෙවැනි සත්පුරුෂයින් රටට කොතරම් සම්පතක්ද? ඔවුන් ලෝකයටම ආදර්ශයකි.

අද ඉන්දියාව හරියට විසාලා මහනුවරක් වැනිය. හෙට දවසේ අප රටටද නිසි නිරෝධායන නීති පිළිපැදිම් නොකළහොත් මෙවැනි තත්වයක් උදාවන බව නොඅනුමානය.

අපේ මේ පුංචි රටේ සියල්ලන්ගේම වගකිම ඉටුකර ආරක්ෂා වෙමු. අප කාගේත් හෙට දවසේ බලාපොරොත්තුව මේ කොරෝනා වෛරසය නිමාවී පිරිසිදු දේශයක් ළගාකර ගැනීමය. අප රටට මෙවැනි තත්වයක් උදානොවේවායි අපි දස දහස් වාරයක් ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කිරිපැණි වෙනුවට කොරෝනා ඉතිරුණු අවුරුදු පොකුර

Next Post

එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා… එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.