• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා… එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…

May 4, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා… එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…
Share on WhatsAppShare on Facebook

එංගලන්තයේ නිව්කාසල් හි අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පරිවර්තනය කිරීමේ කතා පුවතක් අසන්නට ලැබේ. එය අපූරු කතාවකි. ඒ වගේම එය සිහිනයක් තරමටම සොඳුරු දෙයකි. එය සොඳුරු වන්නේ පල්ලියක් පන්සලක් වූ නිසා නොවේ. පල්ලියක් පන්සලක් වීම වගේම පන්සලක් පල්ලියක් වීමත් සොඳුරුය. කෝවිලක් පල්ලියක් වීම වගේම පල්ලියක් කෝවිලක් වීම නැත්නම් කෝවිලක් පන්සලක් වීමද පන්සලක් කෝවිලක් වීමද මනරම්ය.

ඇත්තටම මනරම් වෙන්නෙ ඒ වෙනස් වීම නොවේ. ඒ වෙනස් වීමට ප්‍රතිචාර දක්වන මිනිස්සුය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම ගෙන ආ පසු ඒවගේ ප්‍රගතිශීලී මිනිස්සු මේ රටේ ඒ දහම ආදරෙන් වැළඳ ගන්නට ඇත. අරාබිකරෙන් ඉස්ලාම් දහම ගෙනවිත් බේරුවල පල්ලි හැදෙනවිට මිනිස්සු ඊට සෙනෙහසින් ප්‍රතිචාර දක්වන්නට ඇත. යාපනේ කෝවිල් දකුණට එන විටද එහෙමය. එකදාස් පන්සිය පහේ දී සුද්දො ලංකාවට විත් පල්ලි හදන විටද එය ඉවසිය හැකි ප්‍රගතිශීලී මිනිස්සු මේ රටේ සිටියහ. නමුත් මිනිස්සු දියුණු වෙත්ම ආගම වෙනුවෙන් මිනීමරාගන්නා තැනට පත්විය.

දැන් අපි එවන් අභිමානවත් ජාතියක් වෙමු. අපි ඕනෑම වෙලාවක පන්සිල් සමාදන්ව ගොස් පල්ලි කඩන්නට සූදානම්ය. බෞද්ධ ගෙවල්වලට ගොස් කීයක් හරි මිට මොළවා පල්ලියට කැන්දාගෙන එන්නට තක්කඩි සිටී. අපි ආගම්වල නාමයෙන් හොට පටලවාගෙනය. ඒත් මේ මිනිස්සු කොපමණ දියුණුදැයි හිතමින් මේ කතාව ඔබ කියවා ගත යුතුය. නැත්නම් රෙදි කර පින්නගෙන මා පසු පස පන්නා එන්නට ඔබ ඉක්මන් වෙනු ඇත. ආගම ඒ තරම්ම දරුණු ලෙස කර පින්නා ඉන්නා දේශයක මෙවන් කතා සුලබ නැත. කිසිවිටක අන් ආගමකට ගරු නොකරනා රටක අපි අසීරුවෙන් පය ගසාහිඳිමු. පන්සල් පල්ලි කෝවිල් සහ දේවාල තනන්නට සිය සේසතම කැප කළ මිනිස්සු ඉන්නා දේශයක මිනිස්සු දුප්පත්කමේ අඩියටම වැටී සිටී. පල්ලියේ පොළොව ටයිල් කරනා මිනිස්සු මැටි ගෑ පොළොවේ අකුරු උගනිති. පන්සලේ පහන් දල්වන මිනිස්සු රාත්‍රිය සිය පැල් කොටවල අඳුර් ගත කරති. කෝවිලේ තේරු කරත්තයට රන් මාල මුදු විසිකරනා අහිංසක මිනිස්සු තවම ලැයිම්වල වෙසෙති. කොයි ආගමේත්, කොයි ජාතියේත් කෙරුවාව ඕකය.

මේ සඳහනට අනුව ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන නිව්කාසල්හි ධම්මකාය පන්සල තුළ කෙරෙන බෞද්ධ වැඩසටහන් ජනතාවගේ අභ්‍යන්තර සාමය (INNER PEACE) දියුණු කර ගැනීම මෙන්ම සිත දියුණු කිරීම මුල් කොටගත් ඉගැන්වීම් වේ. ඒවා කොයි ආගමට අයිතිද කියා හෝ කොයි ජාතියකට අයිතිද කියා ඉරි ගසා වෙන් කර නැත. අර ජාතියට මේ ජාතියට ඇතුල්වීම තහනම් කර නැත. අධ්‍යාත්මික සුන්දරත්වය විඳින්නට ජාති ආගම් බේද නැත. ලංකාවේද ඒක නම් එහෙමය. කිසිම පල්ලියකට පන්සලකට කෝවිලකට අන්‍ය ආගමිකයන්ට ඇතුළු වීම තහනම් නැත. ඒ ඒ ආගම්වල ආගමික ස්ථානවල වූ සාමාන්‍ය නීති සහ සම්ප්‍රදායන් ඉක්ම නොයනවා නම් ඕනෑම විටක ඒවායේ ගේට්ටු විවෘතව තිබේ. දළදා මාළිගාව හෝ ජය ශ්‍රී මහා බෝධියට ඕනෑ තරම් අන්‍යආගමික අය ඇතුල් වී තිබේ. මඩු පල්ලියට වගේම නල්ලූර් කෝවිලටත් එහෙමය. හැබැයි මුස්ලිම් පල්ලිවලට හුඟක් අය මොකක්දෝ බියක් දක්වයි. නමුත් ලියුම්කරු රතු පල්ලියටත් ගොඩ වී තිබේ. කිසිම කරදරයක් හිරිහැරයක් නැත. ඒ නිසා ජාති ආගම් කූඩුවලින් එළියට පැන නිදහසේ සැරිසරන්නට ඔබට කිසිම තනමක් නැත.

සතියේ සෑම බදාදා දිනකම සවස 7.00 සිට 8.20 දක්වා භාවනා වැඩසටහන් මාලාවක් පැවැත්වේ. භාවනා වැඩසටහන්වලට සහ වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමේ තහනමක් නැත.

ඒ හැරුණු කොට ඉරිදා සවස 2.30 සිට 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා සවස 7.00 සිට 8.30 දක්වාත් මෙම පන්සලේ බෞද්ධ වැඩසටහන් පැවැත්වේ. මේ සියලු වැඩසටහන් සැලසුම් කර ඇති ආකාරය අපූරුය. සෑම කටයුත්තක්ම කිසිවෙක්ට හානි නොවන පරිදිය. දැඩි කාර්යබහුලත්වය මැද වුවද මේ කටයුතු සඳහා වෙලාව වෙන් කර ගැනීමේ හිරිහැරයක් නැත. වැඩිම වුණොත් විනාඩි අනූවකි. සාමාන්‍යයෙන් පැය ගණන් පැවැත්වෙන ආගමික සන්දර්ශනවලට වඩා මේවා ආගමට වැඩි නැඹුරුවක් ඇතිකරන සුලුය. මිනිස්සු සිය ජීවිතය නවතා තබා පන්සල්, පල්ලි, කෝවිල් යානොහැකි තැනට පත්ව තිබේ. කලබලකාරී ලෝකයකට නීති දමා ආගමික දේ බලෙන් කා වද්දනු වෙනුවට සාමාන්‍ය සරල ක්‍රියාකාරකම් අතිශය වැදගත්ය.

විනාඩි 30 – 40ක් අතර “ථෙරවාද බෞද්ධ භික්ෂූන්ගේ කෙටි ඉගැන්වීම්” මැයෙන් වූ වැඩසටහනක්ද මෙම පන්සලේ බෞද්ධ ඉගැන්වීම්වලට ඇතුළත්ව තිබේ.

එංගලන්තෙ නිව්කාසල් ප්‍රදේශය එරට උතුරු නැගෙනහිර ප්‍රදේශයට අයත් වන අතර තුන් ලක්ෂයකට අධික ජනගහනයක් ජීවත් වේ. සාමාන්‍යයෙන් එංගලන්තය යනු බෞද්ධ රටක් නොවේ. අඩුම තරමේ බෞද්ධ බහුතරයක්වත් ඉන්නා රටක් නොවේ. ඒ අනුව ක්‍රිස්තියානි 59.5%, ආගමක් නැති 25.7%, ඉස්ලාම් 4.4%, හින්දු 1.3%, බෞද්ධයන් ඉන්නේ සීයට 0.4%ක පමණ ප්‍රමාණයකි. එහෙම තත්ත්වයක් යටතේ සුලුතරය යැයි කියමින් කිසිම ක්‍රිස්තියානි පුද්ගලයෙක් අවිආයුධ අමෝරාගෙන එන්නේ නැත. පන්සල් පල්ලි, කෝවිල් කඩා හිරිහැර කරන්නේ නැත. නමුත් එංලන්තයේ තවමත් කළු සුදු බේදය තිබේ. නමුත් මේ මිනිස්සු ආගම දහම ඉවසන තරමටම විනය ගරුකය. පාඩම් උගත යුතු එහෙමය. ලංකාවෙ එහෙම ඔහොම වුණානම් කියනා තැනින් මේ කතාව නතර කරමු. එතැන් සිට අනුමාන සහ උපමාන ගොඩනගාගැනීම ඔබට බාරය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව

Next Post

කල්ක-චූර්ණ-දුම් හට්ටි-අරිෂ්ට මැද ‘ධම්මික පැණියෙන්’ පස්සෙ ආ ‘ශ්‍රියන්තගේ පෙත්ත’

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.