• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කිරිපැණි වෙනුවට කොරෝනා ඉතිරුණු අවුරුදු පොකුර

May 3, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
කිරිපැණි වෙනුවට කොරෝනා ඉතිරුණු අවුරුදු පොකුර
Share on WhatsAppShare on Facebook

මේ වතාවේ අපිට කතා කරන්න වෙන්නේ ආයෙත් කොවිඩ් ඇවිල්ලා කියලා. දැන් මේ කතාව මම නොකිව්වත් මම දන්නවා අපට හැමතැනින්ම ඇහෙනවා. රූපවාහිනියේ කියනවා, ගුවන්විදුලියේ කියනවා, අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ මේ හැම තැනම තියෙන්නේ කොවිඩ් ඇවිල්ලා, කොවිඩ් ඇවිල්ලා, කොවිඩ් ඇවිල්ලා, කොවිඩ් ඇවිල්ලා කියලා. ඇත්තටම කොවිඩ් කොහෙන්ද ආවේ?

කොවිඩ් ආවෙ චීනෙන්. ඒක සරල උත්තරයක් වගේම ගොන් ප්‍රශ්නයක් කියලා ඔබට හිතෙනවා. හැබැයි කොවිඩ් චීනෙන් ආවට කොවිඩ් ලංකාවෙන් ගියේ නෑ. ජනවාරි මාසේ 29 වැනිදා ලංකාවට කොවිඩ් එන්නේ චීන ජාතිකයෙක්ගේ ඇඟ ඇතුළෙ හැංගිලා. මේ චීන ජාතික කාන්තාව කොවිඩ් රෝගියෙක් බව දැනගත්තට පස්සේ ලංකාවේ අයි.ඩී.එච්. රෝහලේ ඉතාම සාර්ථකව ඇයට බෙහෙත් කරලා ඇයව සනීප කරනවා. ඒ වෙද්දී ලංකාවේ හිටපු සෞඛ්‍ය ඇමැතිතුමිය පවිත්‍රා වන්නිආරච්චි නෝනා ඇවිල්ලා මේ ලෙඩ වෙච්ච ගෑනු කෙනාගෙ මුහුණ ඉඹලා තුරුල් කරගෙන නොකල යුතු නාඩගම් ගොඩාක් නටලා ඒ ගෑනු කෙනාව ලංකාවෙන් පිට කරනවා.

හැබැයි මේ චීන කාන්තාව ලංකාවෙන් ගියාට පස්සේ ලංකාව කිසිම විදිහකින් කොවිඩ්වලට එරෙහිව සටන් කරන්න ක්‍රමවේදයක් සකස් කරන්නේ නෑ. හිතුණු හිතුණු තැන්වල ඉඳලා හිටලා මොනවා හරි කිව්වා මිසක් දේශපාලන ව්‍යාපෘතියක් නැතුව කොවිඩ් පරාජය කරන්න බැරි බව මේ පාලකයෝ දැනගෙනවත් හිටියේ නෑ. මාර්තු 6 වැනිදා අරලියගහ මන්දිරයේ තිබිච්ච මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහයේදීත් මේ බව ඉතාම පැහැදිලිව එදා එතැනට ගියපු මාධ්‍යවේදීන්ට පැහැදිලි වෙනවා. හැබැයි මාර්තු එකොළොස් වැනිදා පළවෙනි ලෙඩා හම්බ වෙනකොටත් අයි.ඩී.එච්. රෝහල නොසිතූ විදිහට මේ ව්‍යසනයට එරෙහිව සූදානම් වෙලා ඉන්නවා. ඒ සූදානම් වෙලා ඉන්නේ ඇත්තටම කොවිඩ් නිසා නෙමෙයි. ඔවුන් ඉබෝලාවලට එරෙහිව සටන් කරන්න කිහිප වතාවක්ම පෙර පුහුණුවීම් කරලා තිබුණු නිසා.

මාර්තු එකොළොස් වැනිදා පළවෙනි ලෙඩා හම්බවෙනවා. ඉන් පස්සේ එක දෙක තුන හතර පහ හය ලෙඩ්ඩු එකින් එක හම්බ වෙන්න ගන්නවා. හැබැයි ලෙඩ්ඩු දහයක් පහළොවක් හම්බවෙනකොට රට වහන්න, රටේ යම් යම් කොටස් වහන්න ඇඳිරි නීතිය දාන්න, රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය දාන්න, මේ වගේ විශේෂ පියවර කිහිපයක් ගන්න රජයට පුළුවන් වෙනවා. අප්‍රේල් මාසය උදා වෙනකොට ලංකාව සම්පූර්ණයෙන් වහලා දාන තැනට පත් වෙලා තිබුණේ. මෙහෙම රට වහමින් රට අරිමින්, විවිධ වෙලාවල්වල විවිධ තීන්දු තීරණ ගනිමින් කොවිඩ් පරද්දන්න ශ්‍රී ලංකාවේ රජය, ශ්‍රී ලංකාවේ පොලිසිය, හමුදාව, ආරක්ෂක අංශ, වෛද්‍ය කාර්යමණ්ඩල සියලුදෙනාම සටන් කරනවා. මේ සටනේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ අනිත් රටවල් කොවිඩ්වලින් වැහිලා යද්දී, මිනිස්සු පාරවල් පාරවල් ගානේ මැරිලා යද්දි අපිට කොවිඩ්වලට එරෙහිව කෙළින් හිට ගන්න පුළුවන් වෙනවා. අපේ දේශපාලකයෝ පම්පෝරි ගහන තරමට අපේ කොවිඩ් පරාජය නොකළත් යම් ප්‍රමාණයකින් අපිට කොවිඩ් එක්ක සටන් කරන්න පුළුවන් වෙනවා. සටන් කරලා ජයග්‍රහණය කරන්නත් පුළුවන් වෙනවා. හැබැයි ඔක්තෝබර් තුන්වෙනිදා අපි නොහිතපු වෙලාවක ආයෙත් කොවිඩ් මතුවෙනවා. ඒ මිනුවන්ගොඩින්. දිවුලපිටිය කියලා මුළු රටම වරද්දගෙන තිබුණත් මේ පළවෙනි රෝගියා හම්බවෙන්නේ මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවෙන්. ගම්පහ ඉස්පිරිතාලෙ වෛද්‍යවරයෙක් නොහිතපු වෙලාවක කරපු මොළේ තියෙන වැඩක් නිසා තමයි මේ කොවිඩ් රෝගියාව අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.

ඒකත් එක්ක ඇතිවෙච්ච කොවිඩ් රැල්ල රටම වහගන්න කොට දේශපාලකයෝ හැමවෙලාවෙම අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලෙ වහන දේශපාලන ප්‍රතිපත්තියකට එනවා. කොවිඩ් රෝගීන් එක ගමකින් හම්බ වෙනකොට ඒ ගම ඔහේ ඇරලා දාලා තියලා සතියකින් දෙකකින් ගම වහලා කොවිඩ් රෝගය පැතිරුණට පස්සේ ආයෙත් විකාර කරන තත්ත්වයකට අපේ රට පත්වුණා. පෑලියගොඩ මාළු කඩේ කොවිඩ් විශාල පොකුරක් හැදුණා. මිනුවන්ගොඩ දිවුලපිටිය ආශ්‍රිතව විශාල පොකුරක් හැදුණා. ඒ විශාල පොකුර මුළු රටේම පැතිරුණා. මේක වළක්වගන්න විවිධ විදිහේ උපක්‍රම ඉදිරිපත් කළත් ඒවා නිකං පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ හිතාගන්නබැරි විදිහේ උපක්‍රම බවට පත්වුණා. දිගින් දිගටම කොවිඩ් සම්බන්ධව තීන්දු ගන්න නිලධාරීන්ව මාරු කළා. සමහර නිලධාරීන් ආයෙ කවදාවත් අපිට දකින්න හම්බවුණේ නෑ. සමහර නිලධාරීන්ගේ තනතුරු ඉහළ ගියා, පහළ ගියා. ඔවුන් හොඳයි කිව්වා, නරකයි කිව්වා. පෙනුණා, නොපෙනුණා. ආගිය අතක් නැතිවෙලා ගියා.

මේ විකාරරූපී ප්‍රතිපත්තියත් එක්ක ලංකාවේ කිසිම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට අවශ්‍ය කරන පහසුකම් ටිකවත් හොයා ගන්න බැරි වෙන තත්ත්වයක් තියෙනකොට කොවිඩ් මහා රැල්ලකට මුළු රටම යට වුණා. අතනින් මෙතනින් හැමතැනින්ම කොවිඩ් රෝගීන් වාර්තා වුණා. හැම වෙලාවකම රට වහන ප්‍රතිපත්තිය ඒ වගේම ගම වහන ප්‍රතිපත්තිය, ඇඳිරිනීතිය දාන ප්‍රතිපත්තිය පමාවෙලා අරගත්තා. මේ පමා වීමත් එක්ක ලංකාව ආයෙත් කොවිඩ්වලින් පිරිලා ගියා. හැබැයි මේ කොවිඩ්වලින් පිරිලා ගියත් ආයෙත් අපේ රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂක කණ්ඩායම් සියල්ල එකතු වෙලා ආයෙත් කොවිඩ් එක්ක සටන් කළා. කොවිඩ් එක්ක කරපු සටනින් කොවිඩ් පැරදුණා අපි දිනුවා කියලා හිතාගෙන හිටියට ඇත්තටම කොවිඩ් පැරදුණේ නෑ. අපි පාලනය කළා. ඒ ගැන විවිධ විදිහට ආඩම්බරයෙන් කතා කියනවා අපට ඇහිලා තියෙනවා. අපි පාලනය කළා. හැබැයි අපි පාලනය කළේ කොවිඩ් නෙමෙයි. අපි පාලනය කළේ පරීක්ෂණ. පී.සී.ආර්. පරීක්ෂණ. ලෝකේ පුරාම පී.සී.ආර්. ලක්ෂ ගණන්, කෝටි ගණන් කරනකොට සමහර රටවල් ජනගහනයටත් වඩා පී.සී.ආර්. කරනකොට අපි තවමත් ජනගහනයට කිට්ටු වෙන්නවත් පුළුවන් මට්ටමකට පී.සී.ආර්. කරලා නෑ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වන දර්ශකවල අප්‍රේල් මාසයේ මැද හරියේ ඒ කියන්නේ සිංහල අවුරුදු කාලයේ පී.සී.ආර්. කරපු බවක්වත් ලංකාවේ සඳහනක් නෑ. ඉන්දියාවේ කොවිඩ් රෝගීන් තුන්ලක්ෂ හතළිස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනකොට අපි එදා දවසෙ කරන්නේ පී.සී.ආර්. පන්දහස් අටසීයයි. ලංකාවේ ජනාධිපති පී.සී.ආර්. පහළොස්දාහක් අනිවාර්යයෙන් දවසකට කරන්න ඕනේ කියලා තියෙද්දිත් අපි තවමත් පී.සී.ආර්. හයදාහක, හත්දාහක සීමාව ඇතුළේ හිර වෙලා ඉන්නවා. මේ තත්ත්වෙත් එක්ක රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පී.සී.ආර්. ඒ වගේම විදෙස් රටවල සිට පැමිණි අයගේ පී.සී.ආර්. එක්ක ගත්තම අපේ රටේ අහඹු ලෙස හෝ අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ හෝ කරන පී.සී.ආර්. ප්‍රමාණය ඉතාම අඩුයි. මේ ඉතාම අඩු ප්‍රමාණෙත් එක්ක අපිට රෝගීන් හම්බවෙන ප්‍රමාණය ඉතාම අඩුවීම සතුටු වෙන්න කාරණයක් නෙමෙයි. අපි අපිවම රවට්ටා ගැනීමක්. හැබැයි මේ කොවිඩ් ලංකාව ඇතුළේ තියෙනකොට කොවිඩ් එක්ක පිස්සුනැටුවේ කවුද? ඒත් අපිම තමයි.

මිනිස්සු නුවරඑළි ගියා, කතරගම ගියා, අනුරාධපුරේ ගියා, පුළුවන් හැම වෙලාකම ටි්‍රප් ගියා. අවුරුද්ද ගෙදර නොඉඳ සැළලිහිණි වසන්තෙ බලන්න ගියා. ඒවා ජාතික නාලිකාවලින් හෝ ගාලා ප්‍රවර්ධනය කළා. ඊට කලින් අවුරුද්දට රෙදි ගන්න පොරකෑවා. මහරගම, පිටකොටුව, ඉඳලා හැම ප්‍රධාන නගරෙකම මග දිගේ මිනිස්සු පෝලිම්වල හිටියා. මාස්ක් දාගෙන වගේම මාස්ක් නොදාත් හිටියා. ඇඳුම් ගැලෙව්වා, ඇඳුම් ඇන්දා, මාරු කලා, ෆිටෝන් කළා. මේ හැම දේම ඉවර වුණේ අවුරුදුවලින්. අවුරුද්දට රට වහයි කියලා හැමෝම බලාගෙන හිටියට රට වැහුවෙ නෑ. සංචරණ සීමා දැම්මෙ නෑ. කිසිම සීමාවක් මායිමක් නැතිව මිනිස්සු නිදහසේ අවුරුදු කෑවා. අවුරුදු උත්සව කිසිම තහනමක් නැතිව තිබ්බා.එක රෙද්දෙන් ඇස් දෙක නහයත් එක්කම බැඳගෙන කණාමුට්ටි ගැහුවා, අලියට ඇහැ තිබ්බා. මේ තරඟවල ප්‍රතිඵල එන්න පරක්කු වුණා. දවස් කීපයක් ඇතුළත ප්‍රතිඵල ආවා. පී.සී.ආර්. කරපුගමන් හෝ ගාලා පොසිටිව් වෙන්න පටන් ගත්තා.
අප්‍රේල් 14 වැනිදා සිට මේ ලියනා දිනය රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවුණා. ඒත් ඊට සාපේක්ෂව වෙන මොනවාවත් වැඩි වුණාය කියා එකක් නැත. වරද තියෙන්නේ එතැනය.

අප්‍රේල් 14 – 117, අප්‍රේල් 15 – 212, අප්‍රේල් 16 – 237, අප්‍රේල් 17 – 253, අප්‍රේල් 18 – 357, අප්‍රේල් 19 – 309, අප්‍රේල් 20 – 367, අප්‍රේල් 21 – 578, අප්‍රේල් 22 – 672, අප්‍රේල් 23 – 962, අප්‍රේල් 24 – 895, අප්‍රේල් 25 – 793, අප්‍රේල් 26 – 1111, අප්‍රේල් 27 – 1466

ලිපිය ලියන දිනය වන විට එය ශීඝ්‍ර වැඩි වීමකි. දරා ගන්න බැරි අර්බුදයක්. දවස් පහක් තුළ රෝගීන් 5227ක් වාර්තා වෙලා ඉවරයි. ලෝකෙට සාපේක්ෂව ඒක ලොකු ගානක් නොවුණට අපේ කරන පී.සී.ආර්. ප්‍රමාණය අනුව ඒක ලොකු ගානක්. අවුරුද්ද වෙනුවෙන් වෙහෙසුණු මිනිස්සු හති අරින්නත් කලින් කොවිඩ් ආවා. අවුරුදු උත්සවවල හිටපු මිනිස්සු රංචු පිටින් ඉස්පිරිතාලවල. ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකට අනුව එකම පවුලේ දහඅට දෙනෙක් එක්තරා රෝහලක ප්‍රතිකාර ලබනවා. ඒ අය එක ගෙදරක අවුරුද්දට එකතු වෙලා අවුරුදු උත්සවයක් කරලා. අවිශ්වාසවන්ත කවුරුවත් නැතිව, ඔක්කොම අපේ අයනෙ කියන විශ්වාසය උඩ වැලඳ ගත්ත ‘තමන්ගේ අය’ නිසාම තමන්ගේ අයට කොවිඩ් වැලඳිලා ඉවරයි. හෝටන් තැන්නට යන පාරවල් අවහිර වෙලා තිබුණෙ කොවිඩ් ගැන නොදන්නා මිනිසුන්ගෙන් නෙමේ. ඇල්ල හෝටල් සියල්ලම හිස්තැන් නැතිව බුක් කරලා තිබ්බෙ කොවිඩ් ගැන නොදන්න මිනිස්සු නෙමේ. ඒ නිසා මේ මිනිසුන්ට තවදුරටත් කොවිඩ් ගැන අලුත් පාඩම් උගන්වන්න ඕන නෑ. ඒක කොවිඩ්ම උගන්නාවි. ඒ ඔබට හෝ මට වෙන්න පුළුවන්. රට වසා දැමීම හැර වෙන කිසිම විකල්පයක් නෑ කියල බොහෝදෙනෙක් කියනකොටත් රට ඇරගෙන ඉන්නේ හෝ හිටියෙ ඇයි කියන එක ගැන ඔබ මගෙන් අහන්න එපා. මොකද ඔබ වගේම මමත් මාස්ක් දාගෙන පාරෙ ඇවිදින අහිංසක පුරවැසියෙක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නාමල්ගේ රැස්වීමේදී විමලවීර පරල වෙයි

Next Post

ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.