• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගුරුකමකට හසුවූ තරුණිය අද කියන කතාව…

May 8, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගුරුකමකට හසුවූ තරුණිය අද කියන කතාව…
Share on WhatsAppShare on Facebook

හදිසි ලෙඩකු බලන්නට යෑමට සිදුවූ බැවින් දිනක් උදෑසනින්ම සිය පන්සලෙන් පිටත් වූ කොණ්ඩදෙණිය හිමියන් ගුරුපාර දිගේ නොයා ඉක්මනින් දුම්රිය ස්ථානයට යෑමේ අදහසින් ගම්මැද්දේ වැව් කණ්ඩිය දිගේ වැඩම කළේ කාලය ඉතිරිකර ගන්නා අදහසිනි. කොහොමත් ඉතා කලබල ගමනක් තිබූ උන්වහන්සේ එදා පා තැබුවේ ඊටත් වඩා කලබලයෙනි. අඩියට දෙකට පිම්මේ යන කොණ්ඩදෙණිය හිමියන් දුටු මොහොතේ වැවෙහි රෙදි සෝදමින් සිටි කෙල්ලන්ට මෙය තරමක් සිනානඟන කාරණයක් වූයෙන් කෙල්ලන් එකා දෙන්නාගේ මුවින් නික්මුණු හිනා හඬ කන්කරච්චලයක් වන තරමට වැඩි වූයේ කාටත් නොදැනීමය.

කෙල්ලන්ගේ මේ නොසන්ඩාල හිනාවට හිමියන්ගේ සිත හොඳටම රිදුණේය. උන්වහන්සේ මොහොතකට නැවැතී වැව දෙසත් වැවෙහි රෙදි සෝදන ගැටිස්සියන් දෙසත් බලා හිඳ පහතට නැඹුරු වී ගල් කැටයක් අහුලගෙන මඳ දුරක් ගියහ. ඉන්පසු ගල් කැටය වැවට විසිකර දමා නොපෙනී ගියේ කෙල්ලන්ගේ හිනාහඬ අතරේමය.

කාලය ගෙවී ගියේය. උදේ රෙදි සෝදන්නට පටන්ගත් කෙල්ලන් දහවල වෙද්දී වැවට බැස දියබුං ගසමින් සිනා නඟමින් හිඳිනු යළි ආපසු පන්සලට වඩින කොණ්ඩදෙණිය හිමියන්ට දක්නට ලැබුණේය. උන්වහන්සේ එය ගණනකට නොගෙනම පන්සලට වැඩියහ.

සවස් වෙද්දී උදේ වැවට ගිය ගැටිස්සියන් සොයා ඔවුන්ගේ වැඩිහිටියන් වැවට ගියේ තවමත් ගෙදරට නාවේ ඇයිද යන කාරණය සොයාගෙනය. එහෙත් වැඩිහිටියන්වද ගණන් නොගෙන පැය ගණනක් තිස්සේ වැව් ජලයේ බැසගෙන කොක්හඬ නඟමින් සිනාසෙන කෙල්ලන්ගේ අමුත්ත දුටු වැඩිහිටියන් අසල සිටියකුගෙන් තොරතුරු දැන යමක් සිදුව ඇතැයි වටහා ගත්තේය. අවසානයේ ඔවුහු හිමියන්ගෙන් සමාව ගෙන කෙල්ලන්ගේ කෙළවරක් නැති නෑම නවතා ගත්තේ යළිත් උන්වහන්සේ මැතිරූ ගල් කැටයක් ගෙනැවිත් වැවට දැමීමෙනි. අන්තිමට තෙතබරිතව පෙඟී සිටි කෙල්ලන් ගොඩට විත් සිදුවූ වරද තේරුම් ගත්තේය.

එදා ඒ ගැටිස්සියන් අතරේ සිය වැඩිමල් සහෝදරිය සමඟින් වැවට ආ කුඩා එකියකද වූවාය. ඇය නමින් බිසෝ එතනාය. මේ බිසෝ එතනා දැන් ඉන්නේ අප ඉදිරියේ යැයි කිව්වොත් ඔබ පුදුමවනු ඇත. එහෙත් එදා අක්කලාගේ කවටකම් නිසා කොණ්ඩදෙණිය හිමියන්ගෙන් පාඩමක් ඉගෙනගත් බිසෝ එතනා සිය අත්දැකීම ඔබට කියන්නට වචන කළේ මෙලෙසිනි.

‘මට මතක විදියට ඒ වංගියේ මගේ වයස අවුරුදු හය, හතක් වෙන්ටෑ. ලොකු අක්කණ්ඩිගෙ පුරුද්දක් තිබුණ උදේ පාන්දරින්ම මුහුණ, කට හෝදන්නට මගෙත් එක්කම වැවට ගොහින් රෙදි ඩිංගත් හෝදාගෙනම එන්ට. ඕක ඔය අපේ අක්කණ්ඩිට විතරක් නෙවේ අපේ ගමේ අහල පහළ කිහිප දෙනෙකුටම තිබුණු පුරුද්දක්. ඉතින් යනින් ගමන්, කට්ටියම එක්කාසු වෙනවා. ඊට පස්සේ සේරෝම ගිහින් රෙදි පෙරේදි හෝදාගෙන මුහුණකට හෝදලා වැවෙත් එබිලයි එන්නෙ.

උදෙන්ම වැවේ එබිලා දවස පටන්ගත්තාම ඇඟට දැනෙන සනීපෙ කියා නිමකරන්ට ඇහැකි කාරණයක් නොවේ. මාත් ඉතින් අක්කණ්ඩිලා එක්ක ඔය රාජකාරියට හැම දෙයකටම යනවා. හැබැයි අපේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ඔහොම වැව් කණ්ඩිය දිගේ වඩිනවා නම් දැකලාම තිබුණෙ නැහැ. ඒත් අපේ වෙලාවටමද කොහේද උන්වහන්සේ ඒ ඉසව්වෙන්ම වැඩිය නොවැ. මුලින්ම අක්කණ්ඩිලා සිනා වුණේ කටවල් අතින් වහං කොරගෙන වුණාට උන්වහන්සේට ඒ සද්දෙ ඇහුණා නොවැ. පස්සෙන් පහු අපේ අක්කණ්ඩිලාටත් හිනාව නතර කොරගන්ට බැරිව ගියා. අන්තිමට අපේ හාමුදුරුවන්ගේ හිත හොඳටෝම රිදෙන්ට ඇති. උන්වහන්සේ ගලක් අහුලලා වැවට විසික් කොරලා කේන්තියෙන් යන්ට ගියා. පස්සෙ මටත් හිතුණෙම වැවට බහින්ටමයි. වෙනදාට මං එහෙම වැවට බහින්නෙ නැහැ. ඒත් එදා මාත් වැවට බැස්සා. අපිට වෙලාව යනවා නම් දැනුණෙ නැහැ. ඒත් බඩගින්න නම් යසට දැනුණා. ඒ වුණාට ගෙදර යන්ට හිත දුන්නේ නැහැ. අක්කණ්ඩිලා බඩගිනි යකඩො කිය කියා හිනාවෙවි වතුරෙ එබි එබීම සිටියා.

පස්සෙන් පහු අම්මයි, අප්පොච්චියි ඇවිත් හාමුදුරුවන්ට කියලා අපිව ගොඩට ගත්තේ. එදා ගෙදර ඇවිත් හොඳහැටි කන්ට බොන්ට දීලා අප්පොච්චි අපිට හොඳහැටි තැලුවා. අම්මයි එහා ගෙදර නැන්දයි මැදිහත්වෙලා අපිව බේරාගත්තේ නැත්නම් අප්පොච්චි එදා අපිව කෝටුමස් කරයි. ඕං තාමත් ඒක මතක් වෙද්දී බය හිතෙනවා. එයින් මත්තේ කවදාවත් අපි ආයේ උදෑහනක්කේ වැවට නාන්ට ගියේ නැහැ. ඒ පුරුද්දට තාමත් උදේට නාන්ට බයයි වගේ. ළඟදි නම් ඒ පැත්තෙ ගියේ නැහැ. එහෙ දැන් වෙනස්වෙලා ඇති.’

බිසෝ මැණිකා නැන්දා කතාව අවසන් කළේ ඉල්ලීමක්ද කරමිනි. ඒ ඇගේ සත්‍ය නම සඳහන් නොකරන ලෙසයි. ඒ අනුව අප ඇගේ ඉල්ලීමට ගරු කළ බවත්, සියලු නම්ගම් මනඃකල්පිත බවත් මෙහිලා මතක් කරමු.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සුළඟ මැඬලූ ඩයලොග් මනුසත්කාර පවුර

Next Post

ඩුබායිවල රස්සාව කරන ලංකාවේ කොල්ලෙක්ට කෝටි 64ක ලොතරැයියක් ඇදෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.