• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

OSCAR හොල්ලපු මහිලාව ක්ලොයි ෂාවෝ

May 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
OSCAR හොල්ලපු මහිලාව ක්ලොයි ෂාවෝ
Share on WhatsAppShare on Facebook

⬤ Anthony Hopkins ඉතිහාසගත වෙයි…

‘Covid’ යන වචනය හැරුණු විට මේ වන විට ලොව බොහෝදෙනාගේ අවධානය දිනාගත් අනෙක් වචනය බවට පත්ව ඇත්තේ ‘Nomadland’ විය යුතුය. ඒ පසුගිය සතියේ ‘Nomadland’ චිත්‍රපටය 93 වැනි ඔස්කා සම්මාන උළෙලේ අණසක පතුරවමින් එහි ප්‍රධානම සම්මාන තුනකට හිමිකම් කීමට සමත් වීමත් සමගය.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්නුවර දැඩි කොවිඩ් ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් පැවැති මෙවර සම්මාන උළෙල ඉතිහාසයට එක්වන්නේ සම්මාන පිරිනමන්නෙක් නොමැතිව සම්මානලාභියාටම තමාට හිමි සම්මානය ලබාගැනීමට සිදුවූ සම්මාන උළෙලක් ලෙසටය. චිත්‍රපට නිර්මාණ හා නිර්මාණකරුවන් ඇගයීමට ලොව කුමන ආකාරයේ සම්මාන උළෙලවල් පැවැත්වුවද ඔස්කා නැත්නම් ඇකඩමි සම්මාන උළෙල හැඳින්වෙන්නේ චිත්‍රපට සම්මාන උළෙලවල්වල මුදුන්මල්කඩ ලෙසය. ඔස්කා සම්මානය හිමිකර ගැනීම ලොව සෑම චිත්‍රපට නිර්මාණකරුවකුගේම සිහිනයක් වන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් ගියවර මෙන්ම මෙවරද ඔස්කා සම්මාන උළෙල එක් අතකින් ආසියාතික අපටද වැදගත් වන්නේය. ඒ ගියවර parasite චිත්‍රපටය වෙනුවෙන් දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ Bong Joon-ho හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය දිනාගැනීමත්, මෙවර ‘Nomadland’ අධක්ෂණය වෙනුවෙන් චීන ජාතික චිත්‍රපට අධක්ෂිකා Chloé Zhao සම්මානය දිනාගැනීමත් නිසාය. එයට අමතරව Chloé Zhao සැලකෙන්නේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔස්කා සම්මානය දිනාගත් පළමු ආසියාතික කාන්තාව ලෙසය.

මෙවර සම්මාන උළෙලේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත්වූ ‘Nomadland’ චිත්‍රපට පදනම් වන්නේ ස්ථිර වාසස්ථානයක් නොමැතිව සංචාරක දිවියක් ගත කරන ‘Nomad’ ප්‍රජාව ගැනය. හොඳම චිත්‍රපටය, හොඳම චිත්‍රපට අධක්ෂණයට අමතරව ‘Nomadland’ හි ඉදිරිපත් කරන අද්විතීය රංගනය වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානයටද හිමිකම් කීමට Frances McDormand සමත් වන්නේය. මෙම චිත්‍රපටයෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයට දායක වන Frances McDormand හැරුණු විට අනෙක් සියලුමදෙනා වෘත්තීය රංගන ශිල්පීන් නොව ‘Nomad’ ප්‍රජාව නියෝජනය කරන ජනතාව වීමය. බොහෝදෙනාගේ අදහස වන්නේ ‘Nomadland’ යනු ‘Nomad’ ජනතාවගේ සැබෑම ජීවන අන්දරය කියාපාන කතාන්දරයක් කියාය.

සම්මාන උළෙලේ බොහෝදෙනාගේ අවධානය දිනාගත් අනෙක් ප්‍රධානම කාරණය වූයේ හොඳම නළුවාට හිමි සම්මානය. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙවර සම්මාන උළෙලේදී ඔවුන් මෙතෙක් පැවතගෙන ආ සම්ප්‍රදායෙන් පිට පැනීමය. ඒ මෙතෙක් සම්ප්‍රදායක් ලෙස ඔවුන් පැවතගෙනආ අවසාන සම්මාන ප්‍රදානය ලෙස හොඳම චිත්‍රපටයට සම්මානය ප්‍රදානය කරනවා වෙනුවට මෙවර අවසාන සම්මාන ප්‍රදානය ලෙස හොඳම නළුවාට හිමි සම්මානය ප්‍රදානය කිරීමට තීරණය කිරීමය. කෙසේ වෙතත් හොඳම නළුවාට හිමි සම්මානයට යම් අගයක් එක්කිරීමට ඔවුන් යම් උත්සායක් ගත්තද එය ව්‍යර්ථ වී ගියේ එම සම්මානය ගැනීමට සම්මානලාභියා නොපැමිණීමත් නිසාය.

මෙවර හොඳම නළුවා සම්මානය සඳහා දැඩි තරගයක් පැවැති අතර, බොහෝදෙනා සිතා සිටියේ මෙවර හොඳම නළුවාට හිමි සම්මානය ‘Ma Rainey’s Black Bottom’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පිළිකා රෝගයකින් මියගිය Chadwick Boseman විසින් දිනාගනු ඇතැයි කියාය.
බොහොදෙනා එසේ සිතීමට පෙළඹී සිටියේ නැසීගිය හීත් ලෙජර් මරණින් පසු The Dark knight චිත්‍රපටයේ රංගන වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තා සේම මෙවරද නැසීගිය Chadwick Boseman හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනු ඇතැයි කියාය. නමුත් ඒ සියලු බලාපොරොත්තු බිඳහෙළමින් මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ The Father චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන් Anthony Hopkinsය. සම්මානයට අමතරව Anthony Hopkins ඉතිහාසගත වන අනෙක් කාරණය වන්නේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් වයස්ගතම පුද්ගලයා වීමෙන්ය.
83 වැනි වියෙහි පසුවන Anthony Hopkins මෙවර දිනාගන්නේ තම රංගන ජීවිතයේ දෙවැනි හොඳම නළුවාට හිමි සම්මානය වන අතර, මීට වසර තිහකට ඉහතදී ඔහු සිය පළමු හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ඇත්තේ The Silence of Lambs චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන්ය.

ඔස්කා සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන එසේ බෙදීගිය අතර, වර්ගීකරණයන් 25ක් යටතේ සමස්ත සිනමා ක්ෂේත්‍රයම නියෝජනය වන පරිදි සම්මාන ප්‍රදානය සැලැසුම් කර තිබිණි. ඒ අතර මෙවර සම්මාන උළෙලේ අවධානය දිනාගත් අනෙක් ප්‍රධාන සම්මානයන් වූයේ හොඳම සංස්කරණයට, හොඳම විදෙස් චිත්‍රපටයට හා හොඳම තිරරචනයට හිමි සම්මානයන්ය. මෙවර හොඳම සංස්කරණයට හිමි සම්මානය Sound of Metal චිත්‍රපටය දිනාගත් අතර හොඳම විදෙස් චිත්‍රපටය ලෙස Another Round චිත්‍රපටයත්, හොඳම තිරරචනයට හිමි සම්මානය Promising Young Woman චිත්‍රපටයත් දිනාගැනීමට සමත් විය.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

අයිස් විසිදාහයි: කුඩු ලක්ෂයයි: ගංජා ලක්ෂ තුනහමාරයි

Next Post

ගෝඨාගේ පුතා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.