ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හාරලක්ෂ හැත්තෑ දහසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අන්තර්දායී ඖෂධ පාලන මණ්ඩලය මෑතදී සිදුකළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.
එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා සඳහන් කළේ එම පුද්ගලයින් අතර හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ලක්ෂයක්ද, ගංජාවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ලක්ෂ තුනහමාරක්ද, අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් විසිදහසක් පමණද සිටින බව හෙළි වී ඇති බවය.
එම පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට ප්‍රජා පාලන වැඩපිළිවෙළක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවල ආරම්භ කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.










