• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට අඳින්න තිබ්බ සරමක් කොයිවෙලෙත් කඩන් වැටෙනවා

May 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මට අඳින්න තිබ්බ සරමක් කොයිවෙලෙත් කඩන් වැටෙනවා
Share on WhatsAppShare on Facebook

⬤ සරම් ඇඳලා පුරුදු නෑනේ…

⬤ මම කුංෆු සටන් ඉගෙනගන්නවා…

⬤ මට ඕනෙ අධ්‍යක්ෂවරයෙක් වෙන්න…

මේ දවස්වල දකින දකින නිර්මාණවල ළමා තරු වැහිවැහැලා. ඉතින් හෝඩි පන්තියේ ඉඳලම හුරතල් බසින් හැඩවැඩ පෙන්වන පුංචි තරුවක් ගැන තමයි මේ කතාව. ඔහු සචින් නෙත්සර. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ ‘ජයසේන’ විදියට මේ පුංචි තරුව රඟපානවා. ඉතින් පුංචි පුතාගේ දඟකාරකම්, හපන්කම් ගැන අපිත් එක්ක කිව්වෙ මේ විදියට.
🔴 සචිත් පුතා මොකද කරන්නේ මේ දවස්වල?
සෑහෙන කාලයකට පස්සේ පාසල් ආරම්භ වුණා. අධ්‍යාපන කටයුතු එක්ක තමයි මේ දවස්වල මම මූලික වෙලා වැඩ කරගෙන යන්නේ. ඒත් හිතට පුංචි බයකුත් තියෙනවා ආපසු පාසල් වැහෙයිද කියලා.
🔴 පුතා පාසල් යන්නේ කොහාටද?
මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මහා විiාලයට. මම දැන් පහ වසරේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීම සඳහා ඒකට සූදානම් වෙනවා.
🔴 එතකොට රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
නිර්මාණවලින් නම් ආරාධනා එනවා. ඒත් ඒ කිසිවක් බාර ගත්තේ නැහැ. අධ්‍යාපන කටයුතු නිසා.
🔴 ‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘ජයසේන’ චරිතය ගැන කිව්වොත්?
‘මහපොළොව ටෙලිනාට්‍ය ගොඩ දෙනෙක් ආශාවෙන් නරඹනවා. මමත් ඒ ටෙලිනාට්‍ය ගොඩාක් ආශාවෙන් බලනවා. මම තමයි ඒ ටෙලිනාට්‍යයේ ‘ජයසේන’ගේ ළමා කාලයට රඟපෑවේ. මම හොඳට රඟපානවා කියලා දකින හැමෝම කියනවා. මට සුබපතනවා. ඉදිරියට හොඳට රඟපාන්න කියලා.
🔴 පුංචිම කාලේ ඉඳලම රඟපෑමට ආශාවක් පුතාගේ තිබුණද?
ඔව්… මම පෙර පාසල් යන කාලෙත් ළමා නාට්‍ය රඟපෑවා. ඉතින් මටත් ආශාවක් තිබුණා ටෙලිනාට්‍යවල රඟපාන්න. මම මුලින්ම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම්වලට. ඒ හරහා මාව දැකලා ටෙලිනාට්‍යවලට, චිත්‍රපට සඳහා රඟපාන්න සම්බන්ධ කරගත්තා.
🔴 ‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ රඟපාන්න ගිහින් අමතක නොවන සිදුවීම් එහෙම ඇති…?
ඒ ටෙලිනාට්‍ය රූගත කළේ ලස්සනම පළාතක. හරිම විනෝදයෙන් තමයි අපි හිටියේ. හැබැයි ඉතින් මගේ චරිතයට මට අඳින්න තිබුණේ සරමක්. කොයිවෙලේත් ඒක කඩා වැටෙනවා. මම සරමක් ඇඳලා නැති නිසා මට ඒක හුරු නැහැ.
🔴 පුතාට රඟපාන්න කලින් දෙබස් දෙනවාද බලාගන්න?
නැහැ… එහෙම දෙන්නේ නැහැ. මොකද අපි දෙබස් කටපාඩම් කරගෙන රඟපායි කියලා. ඒ නිසා ඒ වෙලාවට කියන දේ කරනවා. අනෙක මට එක පාරක් පිටපත බැලුවම චරිතය ගැන හිතලා මට ඒ විදියට හැඩගැහෙන්න පුළුවන්.
🔴 පුතා ‘කුංෆු’ සටන් හදාරනවා කියලා ආරංචියි?
ඔව්… මගේ අයියත් ටෙලිනාට්‍යවල රඟපානවා. එයා තමයි පහන් සන්දීප. අයියත් කුංෆු සටන් හදාරන නිසා මටත් හිතුණා ඒ කලාවත් ඉගෙනගන්න.
🔴 සචින් පුතාව අපට ඉදිරියේදී දැකබලා ගන්නට පුළුවන් නිර්මාණ මොනවද?
අපිට අපි නෑ, අත් නොහරින හිත්, කකුළුවෝ මකුළුවෝ රේස්, පස් වැනි නිර්මාණය සඳහා මම රඟපෑවා.
🔴 පුංචි හිතේ අනාගත බලාපොරොත්තුව?
මම ගොඩාක් කැමැති චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙසට වැඩ කරන්න තමයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගනන් නොගන්නා වැසිකිළියේ ගණන්කාරකම්

Next Post

මම කිසිවක් තෝරගත්තෙ නැහැ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.