• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඈශ්ට මිස්වුණ Box office

April 25, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඈශ්ට මිස්වුණ Box office
Share on WhatsAppShare on Facebook

⬤ අතහැරුණු දේවල් ගැන දුකක් නැහැ…

⬤ ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ…

අයිශ්වර්යා රායි බච්චන්.., ලොව සිටින ලස්සනම කාන්තාවන් අතර එක් කාන්තාවක් වේ. එවැනි හැඳින්වීමකට ඈෂ් බඳුන් වූයේ, ඈ ‘මිස් වර්ල්ඩ්’ කිරුළ හිස මත දැරීම පමණක්ම නිසාම නොව… සත්තකින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඈෂ්ට උපතින්ම ආශ්චර්යමත් රූ සපුවක් හිමිව තිබිණ. ඒ නිසා මෙන්ම තවමත් ඈ කිරුළට අමතරව රූ සිරිය අතින්ද ලොව අති සුන්දර කාන්තාවකි.
ඈෂ් අහංකාර බව කියන කතාව ඇත්තද..?
අහංකාර කමකට වඩා ඈෂ් නිතර සමාජය ඉදිරියෙහි පරෙස්සමට ගනුදෙනු කරන්නීය.
ඈෂ්ගේ වචන මෙන්ම යම් කතාබහද පරෙස්සම්ය.
සම්මුඛ සාකච්ඡාවකදී ඇය තමා මෙහෙය වන්නට උත්තර බඳින්නේ බොහෝදුර හිතා බලලාය.
උත්තර දීමට අසීරු ප්‍රශ්න ඇය ඉතාම උපායශීලීව ලිස්සා හරින්නීය.
කිසිවිටෙක සහෝදර නිළියක හෝ නළුවකු විවේචනය නොකරන ඈෂ්… වාචාල කටක් හිමි කරන් ජොහාර් හමුවේ, ‘කොෆි විත් කරන්’ රියැලිටි ෂෝ එකේදී පවා කතාබහ කරන පරෙස්සම සිත්ගන්නාසුළුය.
කොටින්ම කියතොත් අයිෂ්වර්යා බච්චන් මැඳුරට කවදාවත් දූවිලි අංශුවකවත් කිලුටක් නොකරන සුන්දර කාන්තාවකි.
ඈෂ් ගැන තව රසැති තොරතුරු බොහෝමයක් වේ. ඒ අතර ඈ විසින් ප්‍රතික්‍ෂේප කරන ලද චිත්‍රපට රැසක කතාව පසුගිය දිනෙක ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවේ පලවී තිබිණ.
ඈෂ් ඒ චිත්‍රපට අතහැර දැමුවේ ඇයි..?
ඈෂ් එයට දුන් පිළිතුර වූයේ ඒ කිසිවක්ම ඇගේ සිත්ගත්තේ නැතැයි කියාය. එලෙසම පිටපත කියවන විට තමාට එය ‘බෝරිං’ යැයි සිතුණු වගද ඈෂ් කියා සිටියාය.
ඒ චිත්‍රපට දියාරු ගණයේ ඒවාද..?
ඔබ පුදුමයට පත්වන තරමට ඒ චිත්‍රපට කිහිපය මනස්කාන්තය… විචිත්‍රවත්ය, ඒ බොහෝ චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරයා වූයේ යාශ් චොප්රාය. කිහිපයක නම් පවසන්නේ නම්, කුච් කුච් හෝ හේ, වීර් සාරා, දිල් තෝ පාගල් හේ ය.
දෙවියනේ… ඈෂ් ඒ සොඳුරු පෙම් කතා අතහැර දැමුවේ ඇයි.., අනෙක යාශ්ජිගේ ආරාධනාවන් ඈෂ් ප්‍රතික්‍ෂේප කළේ මොන හිතකින්ද?
එතැන කියවෙන තවත් කදිම පුවතක් වන්නේ..,
‘ඔබ මෙහි නමට කැමැති නැතුවද..?’ එහෙම නම් අප එය වෙනස් කරමු යැයි’ කියාද යාශ් චොප්රා ඈෂ්ට පවසා ඇත. එහෙත් ඈෂ්ගේ උත්තරයෙහි වෙනසක් වී නැත. අවසානයේදී එය රාණි මුඛර්ජි, ප්‍රිටි, කාජල් සහ කරිෂ්මා අතර බෙදී ගියේය. සියලුම චිත්‍රපට අති සාර්ථක විය. ‘බොක්ස් ඔෆීස්’ අතර එය ප්‍රමුඛව තිබිණ.
ඈෂ් පසුව ඒ ගැන පසුතැවුණාද?
‘නැහැ කිසිවිටෙක මම පසුතැවීම් වෙනුවෙන් තීරන ගන්නා කෙනෙක් නෙවෙයි.’
ඉහත ප්‍රශ්නය මාධ්‍යවේදියකු ඇසූ මොහොතේ ඈෂ් දුන් පිළිතුර ඒ විය.
එනමුදු… යම්කිසි අවස්ථාවක ඈෂ් කොතැනක හෝ කියා තිබුණේ..,
‘මට අතහැරී ගිය යම් දේ තුළ මම පසුකලෙක හොඳක් දුටු අවස්ථාද තිබුණා… යැයි යනුවෙනි.
ඈ ඒ පැවැසුවේ මෙම චිත්‍රපට මාලාව ගැනද?
එය නම් කියන්නට නොදනිමු. හැබැයි ආරාධ්‍යා කුස පිළිසිඳ ගත් මොහොතේ විශිෂ්ඨ ගණයේ තෙලිඟු චිත්‍රපටයක් තමාට අත්හැරුණු වග ඈෂ් පුවත්පත් කතාබහකදී පවසා තිබුණු වග මතකය.
මේ අල්ලපනල්ලේ ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව පරණ කතාවක් ඇදගත්ත හේතුව මොකක්ද?
1960 සහ 70 දශකයේ චිත්‍රපට කිහිපයක් නව මුහුණු කිහිපයක් සමග නිෂ්පාදනය කිරීමේ සූදානමකට ප්‍රකට උතුරු ඉන්දීය නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සූදානම් වන බව ආරංචි වී ඇත.
ඉතින් එයින් සමහර නිර්මාණ සඳහා ඈෂ්ට ආරාධනා ලැබෙන්නට යනවද?
පුංචිපහේ කසුකුසුවක එහෙම සඳහන්ය. ඈෂ් තවමත් කිසිවක් පවසා නැති බවද අසන්නට ඇත.
පරණ කතාවක්.., ෆෙයාර් සඟරාවට මතක් වූයේ එනිසා වන්නට ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාවණා පාර්ලිමේන්තුවට ඇවිත්!

Next Post

රටේ තත්ත්වය ඛේදවාචකයක් වේවි! රෝහල්වලට දරාගන්න බැරි වේවි!! භයානක අනතුරු ඇගවීමක්!!!

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.