⬤ මම උත්සාහය අතහැරියේ නැහැ…
⬤ මගේ හිතේ තිබුණු ලොකු හීනයක්…
පසුගිය දවස්වල විවිධ රූපවාහිනී නාලිකාවල අවුරුදු කුමර, කුමරියෝ තරගාවලි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඉතින් ඒ කිරුළ දිනාගත් කුමර, කුමරියන්ගේ තොරතුරු ඉදිරි කලාපවල අපි ඔබට ගෙන ඒමට බැඳී සිටින අතර අපි මෙවර තෝරා ගත්තේ ස්වර්ණවාහිනි නාලිකාවේ පැවැති ‘ස්වර්ණ කුමරිය – 2021’ තරගාවලිය ජයග්‍රහණය කළ චතුෂි ජයශාණි සමග කෙටි කතාබහක යෙදුණා.
🔴 චතුෂි ඔබ මෙවර ස්වර්ණ කුමරිය අභිෂේක ලැබුවා?
ඒක මගේ තිබුණු ලොකු හීනයක්. ඉතින් මම මෙයට කලිනුත් අවුරුදු කුමරිය තරගාවලිය සඳහා සම්බන්ධ වුණා. ඒත් කිරුළ දිනාගන්න බැරි වුණා. හැබැයි මම උත්සාහය අත්හැරියේ නැහැ. මෙවර ස්වර්ණ කුමරිය ලෙසට මාව තේරී පත්වුණා.
🔴 කිරුළත් එක්ක ඔබට දැනුණේ මොන වගේ හැඟීමක්ද?
මගේ හිතේ අරමුණක් තිබුණා අවසන් තුන්දෙනා අතරට හරි යන්න. කිරුළත් එක්ක වේදිකාවේ ඉන්න ලැබුණු සතුට කියන්න මට වචන නැහැ. ඒ ලබපු ජයග්‍රහණ මට දැන්නම් හීනයක් වගේ.
🔴 චතුෂිගේ ගම පළාත් කොහේද?
මම හලාවත ප්‍රදේශයේ.
🔴 අධ්‍යාපනය හැදෑරුවේ?
සාමාන්‍ය පෙළ දක්වා සුගතානන්ද විiාලයට ගියා. උසස් අධ්‍යාපනය හැදෑරීමට මාරවිල සුද්දොවුන් බාලිකා කන්‍යාරාමයට ගියා. සෞන්දර්ය අංශයෙන් විශ්වවිiාලයට යෑමට මට අවස්ථාව ලැබුණා. ඒත් මම ගියේ නැහැ.
🔴 කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමටද ඔබේ අදහස?
තවම එහෙම හිතලා නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා. හොඳ නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණොත් මම එය ගැන සලකා බලනවා.
🔴 පසුගිය කාලේ කිරුළකට පොරබදපු අවස්ථාව ඔබට මතක ඇති. ඒ තිගැස්මත් ඔබට ඒ අවස්ථාවේ දැනුණද?
තෝරාගැනීමට හොඳ විනිශ්චය මණ්ඩලයක් හිටියා. ඉතින් එයාලාට දැනෙන්නට ඇති ස්වර්ණ කුමරියට මාව සුදුසුයි කියලා. මගේ හිතේ තිබුණා ඒ කිරුළ මට පලඳවද්දී කිරුළේ ගෞරවය මම රකිනවා කියන සිතුවිල්ල.
🔴 මේ දවස්වල මොනවද ඔබගේ වැඩකටයුතු?
ජාත්‍යන්තර ගුරු පුහුණු පාසලක මම හැදෑරීමක් කරගෙන යනවා. මගේ තවත් තියෙන ලොකු ආශාවක් තමයි ගුරුවරියක් වෙන එක.
වසන්ත විතාරණගේ











