සම්පත්කාඩ්ස් සිය කාඩ්පත් හිමියන්ගේ උත්සව සතුට තව තවත් ඉහළ නංවමින් මේ අලුත් අවුරුද්දේදීත් සුවිශේෂී වට්ටම් සහ තවත් ප්රතිලාභ රැසක් ඔවුන් වෙත හිමි කර දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. විශේෂයෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට ස්තුතිය පළ කිරීමද මෙම ප්රතිලාභයන් ඔවුන් වෙත ලබාදීමෙහි තවත් එක් අරමුණකි.
මේ අනුව සම්පත් මාස්ටර්කාඩ්, වීසා ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පරාසයක විහිදුණු දිවයින පුරා හවුල්කාර අලෙවිසැල් ජාලය තුළින් 50%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව උදා වේ. එහිදී නවීන විලාසිතාවේ ඇඳුම්, පාවහන්, ඇස් කණ්ණාඩි මෙන්ම ළදරු සහ ළමා ඇඳුම්වල සිට අලංකාර ඔරලෝසු දක්වාත්, ස්වර්ණාභරණයන්ගේ සිට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ දක්වාත්, ගෘහ භාණ්ඩ සිට තෑගි භාණ්ඩ දක්වාත් සෑම භාණ්ඩයක් සඳහාම ඉහළම වට්ටම් හිමිකර ගැනීමට කාඩ්පත් හිමියන්ට හැකිය. එසේම සම්පත් කාඩ්පත් හිමියන්ට සෞඛ්‍යය හා රක්ෂණ, එදිනෙදා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, Online සාප්පු සවාරි, මෙන්ම රථවාහන සේවා සඳහාද මේ යටතේ විශේෂ වට්ටම් හිමි වේ.











