• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම

April 13, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
Share on WhatsAppShare on Facebook

අපවත් වී වදාළ පූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප හිමිපාණන්ගේ ජීවන ගමන පිළිබඳ බොහෝ දේ සති දෙකක් පුරාවට අපි ඔබ වෙත ගෙන ආවා. උන්වහන්සේ පිළිබඳ අසා තිබුණද, උන්වහන්සේගේ ජීවන ගමන පිළිබඳ තොරතුරු බොහෝ දෙනා දැන නොසිටි බව අපට ලැබෙන ප්‍රතිචාර හරහා පැහැදිලි වෙනවා.

උන්වහන්සේ පිළිබඳව අප ගෙන ආ තොරතුරු අතරින් අනුවේදනීයම සිදුවීම් පෙළ ඔබ වෙත ගෙන ඒමට තමයි මේ උත්සාහය. දශක කිහිපයක් පුරා වනගතව බෞද්ධ දර්ශනය නියමාකාරයෙන් පිළිපදිමින් කල් ගත කළ උන්වහන්සේ
පසුගිය වසරේ සැප්තැම්බර් 12 වැනිදා අපවත් වී වදාළ බව අපි හැමෝටම දැන ගන්න ලැබුණා. ඒ ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේදී.

අපවත් වීමෙන් අනතුරුව ඥානදීප හිමිපාණන්ගේ අවසන් කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව උන්වහන්සේගෙන්ම කරුණු විමසීමට අත්දළගල ආරණ්‍ය සේනාසනයේ නායක හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කටයුතු කළ ආකාරය පිළිබඳවත් අපි ඔබට එහිදී පැහැදිලි කළා. අපවත් වීමෙන් අනතුරුව ඥානදීප හිමියන් පැවසූ ආකාරයෙන්ම ඒ කටයුතු සිදුකිරීමට එම භික්ෂූන් වහන්සේලා කටයුතු කර තිබුණා.

එම අවමඟුල් උත්සවය පැවැත්වුණේ ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේදීමයි. රටේ පැවැති වාතාවරණය මැද ඒ සඳහා සහභාගි වීමට බොහෝ දෙනකුට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ මුළු ලොවම පුදුමයට පත් කරවන විස්මිත සිදුවීම් කිහිපයක් දැක බලා ගන්න ඒ සඳහා සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට අවස්ථාව උදා වෙලා තිබුණා. ඒ අසිරිමත් සිදුවීම් පෙළ තම දෑසින් දුටු පූජ්‍ය උඩුගම්පොල විජයානන්ද හිමිපාණන් ඒ පිළිබඳව මතකය අවදි කළේ මෙහෙමයි.

“පළමුවෙන්ම උඩ චිතකය කොඩියත් එක්ක ඇලවෙලා හිටියා. නමුත් ඒ කොඩි එකක්වත් ඇවිලුණේ නැහැ. ඊට පස්සේ පෙට්ටියේ ලෑලි ටික සම්පූර්ණයෙන්ම ඇවිලුණා. උන්වහන්සේ නිදාගෙන ඉන්නවා වගේ ඒ දේහය පිටතට පෙනුණා. ඊළඟට ටිකෙන් ටික දේහයට ගිනි ඇවිලුණා. අවසානයේ හිස පමණක් ඉතිරි වුණා. හිස ටිකෙන් ටික කැබලි බවට පත්ව බිමට වැටුණා. නමුත් ඒ මුහුණ එක ගිනිදැල්ලකින්වත් ඇවිලුණේ නැහැ. ඒ ප්‍රතිරූපය ඒ විදියටම පෙනෙන්න තිබුණා. ඒ වෙලාවේ උන්වහන්සේගේ කකුල් දෙක කෝටු කෑලි දෙකක් වගේ පෙනෙන්නට තිබුණා. උන්වහන්සේගේ අත්දෙකත් වන්දනා කරන ස්වරූපයෙන්ම අවසානය වනතෙක්ම දර්ශනය වුණා. ඒ වගේ විස්මිත සිදුවීම් රාශියක්ම අපිට ඒ අවස්ථාවේ දැක ගන්න ලැබුණා. අපට අදහාගන්න බැරි සිදුවීම් බොහොමයක්ම උන්වහන්සේගේ ආදාහනය අතරේදී සිදු වුණා. උන්වහන්සේ ජීවමාන කාලයේදී අපිට දැක ගන්න ලැබුණේ නැති යම් කිසි ප්‍රාතිහාර්යයක් උන්වහන්සේගේ ආදාහනය අවස්ථාවේදී අපිට දැක ගන්න ලැබුණා. මේ ජීවිතයේදී ලබා ගත හැකි උත්තරීතර සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරිහත්වය කියන මුදුන් මල්කඩින් උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන එක ඒ දර්ශන දකිද්දී මට ඉතාම හොඳින් තේරුම් ගියා. ඒ දර්ශන මට තවමත් අදහාගන්න බැහැ.”

ඒ ආකාරයෙන් ඒ මතකය අවදි කළ විජයානන්ද හිමිපාණන් ඒ අවස්ථාවේ සිදුවූ තවත් විස්මිත සිදුවීමක් සම්බන්ධයෙනුත් අදහස් පළ කළා.

“ඒ සෑය දැල්වුණු අවස්ථාවේ සිටම ඒ දෙපස සිට භාවනා කිරීමට අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් සහ විදේශීය භික්ෂූන් වහන්සේ නමක් කටයුතු කළා. සෑය දෙපස අධික රස්නය මැදත් උන්වහන්සේලා ඒ භාවනාව ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. ඒ රස්නය උන්වහන්සේලාට ගානක් වුණේ නැහැ. එදා රැය පහන්වනතුරුම උන්වහන්සේලා ඒ ආකාරයෙන්ම බවුන් වැඩුවා.”

ඒ උඩුගම්පොළ විජයානන්ද හිමියන්ගේ අදහස්.

මේ සම්බන්ධයෙන් අපි ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන්ගෙනුත් කරුණු විමසුවා. ඩෙන්මාර්කයේ ඥානදීප හිමිපාණන්ගේ ආදාහනය අවස්ථාවේදී දර්ශනය වූ එවැනි විස්මිත සිදුවීම් පිළිබඳව බොහෝ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ සමඟත් ප්‍රකාශ කර තිබුණා.

“ඥානදීප හිමිපාණන්ගේ දේහය දැල්වෙන ආකාරය බලාගෙන ඉන්න එක මට හරිම අසීරු දෙයක් වුණා. ඒ හින්දා මම ඒ ස්ථානයෙන් ඉවත් වෙලා කුටියට වැඩම කළා. මට ඒ වෙලාවේ නින්ද ගියා. ඒත් ඥානදීප හිමියන්ගේ දේහය දැල්වෙන අවස්ථාවේ දර්ශනය වූ විස්මිත දේ පිළිබඳව තොරතුරු මට ඉන්පසුව එතැන සිටි භික්ෂූන් වහන්සේලාගෙන් දැන ගන්න ලැබුණා. සෑය දැල්වෙද්දී උන්වහන්සේගේ හිස කිහිපවරක් ඉස්සෙන ආකාරය එතැන සිටිය බොහෝ දෙනා දැකලා තිබුණා. ඒ වගේම ඒ අවස්ථාවේ උන්වහන්සේගේ අතපය පවා කිහිප වරක් එසවිලා තිබුණා. එවැනි ප්‍රාතිහාර්යයන් රාශියක් ඒ අවස්ථාවේ සිදුවෙලා තිබුණා. උන්වහන්සේ මේ ආත්මයේදීම අරිහත්භාවයට පත්වෙන්න ඇති කියලා අපි විශ්වාස කරන්නේ අන්න ඒ හේතු කාරණා නිසයි.”

ඒ පූජ්‍ය කරන්දෙණියේ ඤානවීර හිමිපාණන්ගේ අදහස්.

උතුම් බුද්ධ දර්ශනයට අනුකූලව ජීවත් වන ආකාරය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථයක්ද රචනා කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ යටතේ ගුරුහරුකම් ලැබූ දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලාද බොහොමයි. ඒ භික්ෂූන් වහන්සේලා අදටත් ඥානදීප හිමි ගත් මඟ අනුගමනය කරමින් මහ වන මැද සරල සැහැල්ලු ජීවිත ගත කරමින් සතුටින් කාලය ගෙවනවා.

“කැලේ ඉන්න එක ගැන අපිට කැමැත්ත ඇති කරලා උන්වහන්සේ නිතරම කැලේ ඉන්න එක ගැන ගුණ වර්ණනා කළා. කැලේට හුරුවෙන විදිය උන්වහන්සේ අපිට කියලා දුන්නා. ආධුනික පැවිද්දෙක් විදියට පළමු සතිය දෙක තමයි කැලේ ජීවත් වෙන්න අමාරුම. අන්න ඒ කාලය තුළ කැලේට හුරුවෙන්නේ කොහොමද, කැලේට ආදරය කරන්නේ කොහොමද කියන එක උන්වහන්සේ අපිට කියලා තිබුණා. දර ටිකක් හොයාගෙන ළිපක් පත්තු කර ගන්නේ කොහොමද, ගිලන්පස පිළියෙල කර ගන්නේ කොහොමද, කැලේ ඇවිදින්නේ කොහොමද වගේ දේවල් කියලා දීලා මුල් කාලයේදී කැලේට හුරුවෙන්න උන්වහන්සේ අපිට උදව් කළා. මුලින් කැලේට හුරුවෙලා ඊට පසුව ධර්මයට අනුකූල වෙන්න ඕනෑ කියලයි උන්වහන්සේ දේශනා කළේ.”

ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්ගෙන් එම ජීවිතය ඉගෙන ගත් හිමිනමක් ඒ ආකාරයෙන් අදහස් පළ කරලා තිබුණා.
පූජනීය ඩෙන්මාර්කයේ ඥානදීප හිමිපාණන් පිළිබඳව තොරතුරු කතා කිරීමේදී අපට හමුවූ සුවිශේෂී ස්ථානයක් තමයි ඇත්දළගල ආරණ්‍ය සේනාසනය. දශක කිහිපයක් වනගතව වැඩවාසය කළ ඥානදීප හිමිපාණන් තම ජීවිතයේ අවසන් භාගයේ වැඩ වාසය කළේ එතැනයි. උන්වහන්සේ බලාපොරොත්තු වූ මානසික නිදහස ඒ සේනාසනය තුළත් දක්නට ලැබීම තමයි ඊට හේතුව.

පසුගිය සතියේ සටහන කියවූ බොහෝ දෙනකු ඇත්දළගල ආරණ්‍ය සේනාසනය පිළිබඳවත් අපෙන් තොරතුරු විමසුවා. ආරණ්‍ය සේනාසනයකින් එහාට ගොස් ත්‍රෛනිකායික භික්ෂු ගිලන් මධ්‍යස්ථානයක් බවටත් වර්තමානයේදී ඇත්දළගල පත් වෙලා තියෙනවා. මෙරට පළමු ත්‍රෛයිනිකායික භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නෙත් ඇත්දළගල ආරණ්‍ය සේනාසනයයි.

ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන්ගේ අදහසක් අනුව තමයි එය භික්ෂු ගිලන් මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. බොහෝ දෙනකු අපෙන් විමසූ ඒ තොරතුරු පිළිබඳවත් උන්වහන්සේගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.

“මම පැවිදි දිවියට ඇතුළත් වූ මුල් කාලයේදිමයි ඒ අදහස හිතට ආවේ. 2010 වසරේ ඉඳන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න මම උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ගිලන් වූ සතෙකුට වුණත් ඇප උපස්ථාන කරන්න කියලයි. ඒ හින්දා ගිලන් භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරන එක ඉතාම වටිනා පුණ්‍යකර්මයක්. නමුත් අපේ රටේ ඉතාම සිල්වත්ව, ගුණවත්ව වනවාසීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට ජීවිතයේ අවසන් අවධියේදී වැඩ වාසය කරන්න තැනක් නැහැ කියන එක මට තේරිලා තිබුණා. ඒ වගේම උන්වහන්සේලාට ඇප උපස්ථාන කරන්නත් කවුරුවත් නැහැ. ඒ වෙනුවෙන් තමයි මේ භික්ෂූ ගිලන් මධ්‍යස්ථානය ඉදි වුණේ. මේ වෙද්දි එවැනි භික්ෂූන් වහන්සේලා රාශියකට උපස්ථාන කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්ට පවා ජීවිතයේ අවසන් භාගයේදී ඇප උපස්ථාන කිරීමේ හැකියාව අපට ලැබුණේ ඒ හින්දයි.”

ඒ ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ගේ අදහස්.

ඇත්දළගල භික්ෂු ගිලන් මධ්‍යස්ථානය තුළ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සක්මන් මළු සහ වැඩ වාසය කිරීම සඳහා කුටි පවා ඉදිකරලා තියෙනවා. ඥානදීප හිමිපාණන් වෙනුවෙන් උන්වහන්සේ කැමැති ආකාරයේ දොර ජනෙල් රහිත විශේෂ කුටියක් පවා එහි ඉදි කළ ආකාරය අපි පසුගිය සතියේදී කතා කළා.

කොහොම වුණත් අදටත් ඇත්දළගල ආරණ්‍ය සේනාසනය තුළ අඩුපාඩු රාශියක් තියෙනවා. ජීවිත කාලයම වනගතව දුෂ්කර ජීවිත ගත කළ හිමිවරුන්ට ජීවිතයේ සැඳෑ කාලය හෝ සුවපහසුවෙන් ගත කිරීමට අවස්ථාව සලසා දීම සෑම බෞද්ධයෙකුගේම යුතුකමක්. ඒ හින්දා ඇත්දළගල ආරණ්‍ය සේනාසනයට උදව් කිරීමේ අවස්ථාව ඔබට උදා වෙලා තියෙනවා. 0765863699 දුරකතන අංකය හරහා ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන් අමතා ඒ පිළිබඳව විමසන්න ඔබට පුළුවන්. ඒ ගැන මතක් කරන ගමන් ලොවම මවිත කළ ඩෙන්මාර්කයේ ඥානදීප හිමිපාණන් පිළිබඳ අපේ කතාබහට මෙතැනින් විරාමය තියනවා. උන්වහන්සේගේ ජීවන ගමන පිළිබඳව මතකය අවදි කිරීමේදී ඔබේ හිතට සිසිලසක් දැනුණා නම් අපේ උත්සාහය සාර්ථකයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…

Next Post

මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.