2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5.00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජුලි 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂිල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.
එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුණි.
ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක (06) කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.










