• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජැක්සන්ගේ දරුවෝ දක්ෂයි

April 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ජැක්සන්ගේ දරුවෝ දක්ෂයි
Share on WhatsAppShare on Facebook

⬤ සජිත අප්පච්චි වගේ දස්කම් පෙන්වනකොට මම පපුව පුම්බගත්තෙ නැහැ…

⬤ ජැක්සන් ඇන්තනී කියන ලේබලයෙන් කිසි දෙයක් ලබාගත්තේ නැහැ…

එකිනෙකා පරයා එකසේ දස්කම් දක්වන කලාකාමී දූ පුතුන් සපිරි කලා පවුලක් සොයා ගැනීම තරමක් දුෂ්කරය. හේතුව වන්නේ ඒ මාපියන්ගේ ආභාෂය මත පැමිණෙන දරුවන් ඇතැමෙක් සාර්ථකත්වය අතින් පිරිපුන් නැත. එහෙමත් නැතිනම්, උල්කාපාත සේ සැණින් පායා එසැණින්ම මහ පොළොවට ඇදවැටී නොපෙනී යන්නෙහිය. එනමුදු, මාපියන් තරමටම හෝ ඊට ආසන්නව ජනප්‍රියත්වයට පත්වන දක්ෂකම් දක්වන වාසනාවන්ත දරු පිරිස්ද බිහිවන කලා පවුල් නැත්තේ නොවේ. ජැක්සන් ඇන්තනීගේ පවුලද එවන් වූ වාසනාවන්ත පවුලකි. ඒ අතර මාධවී ඇන්තනි, සජිත අනුත්තර සහ අකිල ධනුද්දර හරි ආඩම්බරයෙන් පෙළගැසී සිටිති. බොහෝ විට වැඩි හරියක්ම ඔවුන්ට දායාද වූයේ අප්පච්චිගේ උපන් හපන්කම් නොවේද? ඔව්. එය එහෙම යැයි සිතමු. හැබැයි එතරම් දුර ඒ කලා දරුවනට ඇවිද යෑමට පසුබිම සැකසුවේ තිරෙන් පිටුපසට වී මහඟු සේවයක් කළ ඒ දරුවන්ගේ දයාබර අම්මාය. ඇයද අති දක්ෂ රංගන වේදිනියකි. ඒ ඔබ අප කවුරුත් දන්නා කුමාරි මුණසිංහය. ඇන්තනී කලා පවුලේ කදිම දරුවන් ගැන ළෙන්ගතු පුරසාරම් දොඩන්නට ‘මව්රට’ අප ඒ කලාකාරිය සොයා ගිය ගමනක සොඳුරු තතු මෙලෙස පවසමු.
ඉතින් කියන්න මේ දවස්වල ඔබ ඉන්නේ සරාට ලැබුණු සම්මානය ගැන සතුටින්ද?
ඔව්. සත්තකින්ම මම සරා ගැන සතුටු වෙනවා. ඒ මොකද දන්නවද? ‘නාඩගම්කාරයෝ’ නාටකයේ සරා අපේ සජිත පුතාව සම්පූර්ණයෙන් වහං කරලයි එයාගේ ඇඟට ඇවිදින් තියෙන්නේ. මටම වෙලාවකට අමතක වෙනවා එතැන ඉන්නෙ සජිත අනුත්තරද කියලා. ඒ තරමට ඔහු සාර්ථකයි.

🔴 ඔබ කතා කරන්නේ හරිම උජාරුවෙන් වගේ?
අන්න ඔබ වරද්ද ගත්ත තැන. මේ වචනවල තියෙන්නේ උජාරුව නෙමෙයි. මහා සතුටක්. අපේ දරුවා අප්පච්චි වාගේම දස්කම් පෙන්නනකොට සම්මාන ගන්නකොට මම පපුව පුම්බගත්තේ නැහැ. මම කළේ අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කරපු එකයි.
🔴 ඇන්තනී පවුලේ අම්මා දෙස ඔබ වැඩිපුර සතුටු වෙන්නේ සජිත දිහා බලලාද?
කවදාවත් නැහැ. මට මගේ දරුවො තුන්දෙනාම දක්ෂයි. අමතක කරන්න පුළුවන්ද ප්‍රේක්ෂකයනට ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ කඩවසම් ගැමි තරුණයාව. ඒ වගේම තමයි ‘තාදි’ ටෙලිනාට්‍යය බලනකොට මාධවී ඇන්තනී හරිම කලාත්මකව රඟනවා. මට හිතාගන්න බැහැ ඒ අපේ දුවදැයි කියලා.
🔴 හැබැයි සජිත ඉසව් කිහිපයකම දක්ෂකම් මතු කරනවා?
ඔව්. සජිත අති දක්ෂයි. මාධවී ඇන්තනිත් ඒ වාගේම බොහෝ ඉසව් තුළ දස්කම් දක්වනවා. ඈ ගායනයට, චිත්‍ර ඇඳීමට දක්වන හැකියාව අතිවිශිෂ්ටයි. ගී ගායනයට මාධවී සම්මාන පවා ගත්තා.
🔴 ඔබ වැඩිපුර කැමැති මාධවී ගැන කතා කරන්නද?
පළමු දරු උපතේදී බලාපොරොත්තු වුණේ දුවෙක්ව, ඒ දුවව දීප්තිමත් හොඳ දරුවෙක් කරන්න සහ දක්ෂ කලාකාරියක් ඒ දුව තුළින් දකින්නට ආසාවෙන් හිටියා.
🔴 දරුවන් තිදෙනාම කලාකරුවන් වුණේ අම්මගේ සහ අප්පච්චිගේ මඟපෙන්වීම මතද?
මෙහෙමයි. දරුවන්ට හොඳට උගන්නලා කලා පවුලක් තනන්නට ඕනෑ කියන හැඟීම මගෙත් ජැක්සන්ගෙත් හිතට ආවේ මාධවී කුසේ ඉන්න දවස්වලමයි. හැබැයි අම්මලගේ අප්පච්චිලගේ හිතේ බලාපොරොත්තු ඉදිවුණු තරමට හෝ ඔවුන් දක්ෂ රංගවේදීන් වූ පමණට දරුවන්ට කලා ලොවේ නියැළෙන්න හෝ තරු මට්ටමට එන්නට ලැබෙන්නේ නැහැ. නම් වශයෙන් හඳුන්වා දීම සදාචාරාත්මක නොවන නිසා මට ඒ ඒ කීර්තිමත් පුද්ගලයන් ගැන පවසන්නට බැහැ. නමුත් ඔබ දන්නව ඇතිනේ අපේ සිනමාවේ සහ ටෙලි කලාව තුළ ජනප්‍රියත්වයට පත්වන්නට හෝ මාපියන් තරමට දක්ෂකම් මුදුන්පත් නොකළ දූ දරුවන් ඕනෑ තරම් නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.
ඒ නිසා ජැක්සන් ඇන්තනීගේ දූ දරුවන් වූ පමණින් මාධවී, සජිත හෝ අකිලට ඒ ඒ තැන ලැබුණා කියා සිතන්නට බැහැ. සමහර විට කලා ලොවේ ඇතැම් පිරිස්ද අනුවණ ලෙස ඒ ගැන හිතනවා. ‘ජැක්සන් ඇන්තනී නිසා දරුවන්ට අහවල් දේ ලැබුණාය’ කියා. සිදුවූයේ එය නෙවෙයි. ජැක්සන් ඇන්තනීගේ දරුවන් දක්ෂයි. ඒ නිසා මේ තැන ඔවුනට ලැබුණා එච්චරයි.
🔴 අම්මා සහ අප්පච්චිගේ ශක්තිමත් ආභාෂය එයට පිටිවහලක් වූයේ නැතිද?
ඇයි නැත්තේ. විශේෂයෙන් අප්පච්චි ඒ ආභාෂය ඔවුනට කියාපෑවේ වචනයෙන් පමණක් නෙමෙයි. ආදර්ශයෙන්ද එය පෙන්වූවා. සමහර චරිත සඳහා කායිකව මානසිකව අප්පච්චි කළ කැපවීම ඔවුන් හැදෑරුවා. යම් විටෙක ජැක්සන් චරිතයක් වෙනුවෙන් කොණ්ඩෙ බූ ගෑවා. තවත් විටෙක ආසාවෙන් වවාගත්ත රැවුල කපා දැම්මා. රැවුල කැපුවාම හරිම කැත බව දැන දැනත් චරිතයට සාධාරණය කළා. සමහර චරිත වෙනුවෙන් නොකා නොබී කෙට්ටු වුණා. දරුවන්ට ඔහු ආදර්ශයක් වුණේ එහෙමයි.
ඒ පසුබිම තුළයි දක්ෂ කලාකාමී පවුලක් බිහිවුණේ. නැතුව ජැක්සන් ඇන්තනී කියන ලේබලයට ඔවුන් කිසිවක් ලබාගත්තේ නැහැ. කලාවට ලැදි මාපියන් දෙදෙනකුගේ ආභාෂය තමයි එයට හේතු වූයේ.
🔴 දරුවන්ගේ අප්පච්චි කාර්යබහුල වන විට ඔබ ඔබේ රංගන හැකියාවට තිත තැබුවා?
ඔව්. දක්ෂ නිළියක වනවාට වඩා හොඳ අම්මා කෙනකු වීමට මට ඕනෑ වුණා. දක්ෂ කලා තරුවක පිටුපසින් සිට සහාය දෙන හොඳ බිරියක වන්න මට ඕනෑ වුණා. ඒ චරිත දෙපලම තුළ මම හිස්තැනක් නොතියෙන විදියට රඟපෑවා.
🔴 ඒ කියන්නේ මේ ලස්සන කලා පවුලේ සැඟවුණු නිර්මාතෘවරිය ඔබයි?
සැඟවීමක් නැහැ. මගේ දරුවන් වාගේම එයාලගෙ අප්පච්චිද එය දන්නවා.
🔴 කලාව තුළ ඔබට අතහැරී ගිය අවස්ථා ගැන කනගාටුවක් දැනෙන්නේ නැද්ද?
අවංකවම නැහැ. මොකද ඒ අතහැරීමට පසුබිම්ව මම රඳවා ගත් වටිනා දෑ ඉතා සුන්දරයි. ඒ වාගෙම අග්‍රගණ්‍යයි. ප්‍රවීණයන් මගේ දරුවන් ගැන වර්ණනා කරන විට මට දැනෙන සතුට අප්‍රමාණයි. නිදසුනක් විදියට සජිතගේ ‘කළුවර’ නම් මියුසික් වීඩියෝව ගැන ආචාර්ය සුනිල් ආරියරත්න මහතා කළ වර්ණනාව මට මහා ගෞරවයක් වුණා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලෝකයම මවිත වෙන 2022 අනාවැකි

Next Post

අලුත් අවුරුද්දෙන් පසු රටම තැතිගන්වන මහා හෙළිදරව්වක්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.