• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොමඩි කොතැනද මම එතැන

April 3, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කොමඩි කොතැනද මම එතැන
Share on WhatsAppShare on Facebook

⬤ දක්ෂ කලාකරුවො චැනල්වලට ගොදුරු වෙලා…

⬤ මට සම්මත මිලක් තියෙනවා…

සමන් අල්මේදා රංගනයට ආවේ නළුවෙක් වෙන්න තිබුණු කැමැත්ත නිසාමයි. එකම එක චිත්‍රපටයක හෝ රඟපානවා යැයි සිතූ සමන් අල්මේදා පළමුව සිය රංගනය ඉදිරිපත් කළේ 1991 ජෝ අබේවික්‍රම ශූරීන් විසින් නිෂ්පාදනය කළ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක් වෙනුවෙන්ය. ආසාව කෙසේ හෝ ඉටුකර ගත්තාය, කියා ඔහුට එතැනින් නැවතීමේ තිත තියන්නට ලැබුණේ නැත. හිතුවාට වඩා තමා වාසනාවන්ත යැයි සමන් අල්මේදාට සිතුණේ රංගනය සඳහා දිගින් දිගටම ආරාධනා ලැබෙන විටය. චිත්‍රපට 35ක පමණ රඟපෑ සමන් ටෙලිනාට්‍ය 150ක් වෙනුවෙන්ද සිය හැකියාව තිළිණ දුන්නේය. ‘හාට්’හී කලාකාමී හමුව තුළින්… ඔබ හමුවට ඔහු පැමිණි මිත්‍රශීලී හෝරාවයි මේ පෙළගැසෙන්නේ.

🔴 කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ…?
වරදක් නැහැ.., කාලය ඉතා සතුටින් ගෙවී යනවා.
🔴 කලා තොරතුරු ගැන අලුත් ආරංචි කියනව නම්?
තවමත් නමක් සඳහන්ව නොමැති අලුත් ටෙලිනාට්‍යයක ෂූටිං සඳහා අනුරාධපුරය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අතර කළින් රඟපෑ ටෙලිනාට්‍ය 10ක් පමණ විකාශණය වීමට තිබෙනවා. ‘පාස්පොට්’ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වේවිය යන බලාපොරොත්තුව තුළ කල් ගෙවනවා.
🔴 චැනල් කිහිපයකම ඔබ රඟපෑ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වෙනවා?
ඔව්… ‘දාම්’ සහ ‘රෑනගල’ වලව්ව තුළින් මම රූපවාහිනිය සහ ‘සිරස’ යන සේවාවන් හරහා ජනතාව අතරට එනවා.
🔴 හිතුවට වඩා රංගනය ඔබේ ජීවිතය වුණා…?
ඔව්… හිතුවට වඩා සමන් අල්මේදා කියන නළුවා මගේ ජීවිතයේ කොටසක් වුණා.
🔴 වැඩිපුර ආරාධනා ආවේ ‘යර්ස් බොස්’ නිසා යැයි කිව්වොත් එය නිවැරැදිද?
සම්පූර්ණයෙන්ම එය නිවැරැදියි… සමන් අල්මේදාව ජනතාව අතර ජනප්‍රිය වුණේ ‘යර්ස් බොස්’ ටෙලිනාට්‍යය නිසයි. කොටස් 300ක්… විකාශනය වූ ජනප්‍රිය කොමඩියක් ලෙස එය වයස් බේදයකින් තොරව ප්‍රේක්‍ෂක සිත් ඇදබැඳ ගත්තා.
🔴 ඔබ කවටයකු ලෙස ලේබල් වූයේ එතැනින්?
ලේබල් වූයේ නැහැ. හාස්‍යය රංගනය හරියටම කළ නිසා මාව ‘කවටයට’ තෝරා ගනු ලැබුවා. කොමඩියක් හැදෙන්නේ කොතැනද.., එම නිර්මාණකරුවා මාව ඒ සඳහා තෝරා ගත්තා. හැබැයි, ඔබ කී ලේබල් කතාව සාධාරණ නැහැ.., මොකද මම සංවේදී චරිත රංගනයන් සඳහාද ඇරැයුම් ලැබූ නළුවෙක්. ‘පුංචි වලව්ව’ ටෙලිනාට්‍යයේ… විවාහයක් අහිමි දුවක ලෙස රඟපෑ දුලිකා මාරපනගේ වියපත් පෙම්වතා විදියට මා කළ රංගනය ගැන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. ඒ විතරක් නෙවෙයි, ‘ද නිවුස් පේපර්’ සහ ‘පාස්පෝට්’ යන ගුණාත්මක චිත්‍රපට වෙනුවෙන්ද මා රඟපෑ ‘පෝටර්ගේ’ සහ ‘තැරැව්කාරයාගේ’ චරිතය හාස්‍යයෙන් තොරයි.
🔴 රංගනය ඔබ කරන්නේ වෘත්තීය වශයෙන් නෙවෙයි?
නැහැ… මම ස්ථිර වෘත්තිකයෙක් ලෙස ජයවර්ධණපුර රෝහලේ සේවයේ නියුතු අයෙක්. බොහෝ රසිකයන් මට හමුවන්නේද ඒ වැඩබිම තුළදියි.
🔴 රැකියාවත්, රංගනයත් බැලන්ස් කරගන්න අපහසු නැද්ද?
ෂූටිං යන විට නිවාඩු දෙන්නේ වැටුප් රහිතවයි. හැබැයි එය මට එතරම් ගැටලුවක් නෙවෙයි. රංගනය තුළින් මා ලබන ආත්මික ආශ්වාදය අප්‍රමාණයි.
🔴 ඔබේ වටිනාකමට සරිලන මිල ඔබ කවදාවත් අඩු කරන්නේ නැතිලු?
ඔව්… මට සම්මත මිලක් මම නියම කරගෙන තිබෙනවා. කොමඩියක රඟපෑවත් එය එහෙමයි.., මෑතකදී ලොතරැයියක් වෙනුවෙන් කරන ඇඩ්වටීස්මන්ට් පෙළක් සඳහා මට එන්න කිවුවා. මම ඒ වෙනුවෙන් රුපියල් පනස්දාහක් ඉල්ලුවා. එතකොට ඔවුන් කිව්වා.., රුපියල් පන්දහකට එය කරන්නට ප්‍රවීණයෙක් කැමැති වුණා කියලා.., එතැනදී මම ඔවුනට කිවුවා එහෙනම් ඔයාලා ඒ අයව ගන්නය කියලා.
🔴 ඊට පස්සේ ඇඩ් එක ඔබට අහිමි වුණාද?
ඇඩ් එක අහිමි වුණාට මගේ මිල මට අහිමි වුණේ නැහැ. හැබැයි ඔවුන් කී අර පළපුරුදු රංගවේදියා එයට පෙනී හිටියා. ඇත්තටම එය මට හරි කනගාටුවක් වුණා. ඔහුගේ නම පැවැසීම සදාචාරාත්මක නොවන නිසා අපි මේ කතාවට මෙතැනින් තිත තබමු.
🔴 ඔබේ පුතුන් තිදෙනා රංගනයට කැමැත්තක් දක්වන්නේ නැතිද?
රංගනය සඳහා ඔවුන් තුළ යම් කැමැත්තක් තිබුණා. ඒත් මගේ බිරිය එයට මනාප වූයේ නැහැ. ඇගේ කැමැත්ත තිබුණේ දරුවන් ඉහළට ඉගෙන ගන්නවා දකින්නයි. ඒ නිසා එයට ඉඩ ලැබුණේ නැහැ.
🔴 කතාබහ අවසාන කිරීමට පළමුව ඔබට යමක් කියන්නට තියෙනවද සමන්..?
මෙගා නාට්‍ය කලාවේ තිබෙන අගතිය ගැන හිතට දැනෙන කනගාටුව අප්‍රමාණයි. ටී.වී. චැනල් ඔවුනට වුවමනා ලෙස මෙගා නාට්‍ය කලාව හසුරුවනවා. දක්‍ෂ රංගවේදීන් ඔවුනට ගොදුරු වෙනවා. ඇත්තෙන්ම ප්‍රේක්‍ෂකය නාට්‍ය නැරැඹීමෙන් ඈත්ව යන කාලය වැඩි ඈතක නැති බව කිව යුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුදු චූටිව කවදාවත් අමතක වෙන්නෙ නැහැ

Next Post

බිරිය මරා සැමියාත් දිවි හානි කරගනී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.