කිලිනොච්චිය,ශිවපුරම් ප්‍රදේශයේදී ඊයේ (3) සවස ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කොට, ස්වාමිපුරුෂයාද සියදිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වන බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය හා සියදිවි හානි කර ගැනීම සිදුව ඇති බවට සැක කරන බවයි.
සිදුවීමෙන් 36 හැවිරිදි තිදරු මවක් වු ශිවඥානම් කුගනේශ්වරී නමැති කාන්තාවක් හා 38 හැවිරිදි වේලායුදම් ශිවඥානම් නමැත්තෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
මියගියවූවන්ට වයස අවුරුදු 16 ක දැරියක්,වයස අවුරුදු 13 හා හා වයස අවුරුදු 06 ක පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවද කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පැවසූහ.
පොලිසිය පැවසූවේ මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්රාැත් ටි.සරවනරාජා මහතා මහේස්ත්රාිත් මරණ පරීක්ෂණ ඊයේ සවස සිදුකළ බවයි.










