• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුදු චූටිව කවදාවත් අමතක වෙන්නෙ නැහැ

April 3, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සුදු චූටිව කවදාවත් අමතක වෙන්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ මාලිනි ෆොන්සේකා කියන නම මම අලෙවි කළේ නැහැ…

⬤ තව යන්න ගොඩක් දුර තියෙනවා…

සෙනාලි ෆොන්සේකා ගැන අලුතින් යමක් ලියන්නට ‘ඉන්ට්‍රෝ’ එකට වැඩි යමක් එකතු කළ යුතු නැතැයි අප සිතුවෙමු.
ඒ සිතුවිල්ලට බොහෝමයක් වූ කරුණු කාරණා හේතුපාඨ වී තිබිණ.
ඉන් සමහර දෑ කෙටියෙන් කියනවා නම්..,
මේ සොඳුරු නිළි කෙල්ල ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජනගේ ලේලියකි.
තවත් සුවිශේෂී සඳහනක් කරන්නේ නම් ඈ.., ‘නාඩගම්කාරයෝ’හි ‘සරා’ට පෙම් කරන ‘සුදු චූටිය..’ එහෙමත් නැතිනම් ‘පාඨලීය’
‘සුමති’ සම්මානය දෝත දරා විශ්වයට දෑස ඔසවා සිනාසෙන්නට සෙනාලි වාසනාවන්ත වූයේද ‘සුදු චූටි’ට ප්‍රේක්‍ෂකයන් අසීමිතව ආදරය කරන්නට ගත් නිසාය.
ඉතින්… සෙනාලි සමඟ ලෙන්ගතුව දොඩන්නට හදවත වෙන්කර ගත් කෙටිකාලීන හෝරාවක මිහිරිතම විරාමය මේ විය.


🔴 පළමුව ‘මව්රට’ වෙනුවෙන් අපේ සුබ පැතුම්! පිළිගන්න සෙනාලි…
බොහොම ස්තුතියි. මාව මෙතැනට ගෙනාවේ ඔයාලා හැමෝගෙම ආදරය තමයි…
🔴 හිතුවේ නෑ නේද ඔබ ‘සුදු චූටි’ට ප්‍රේක්‍ෂකය මේ තරමට ලෙන්ගතුය කියලා?
අපොයි නැහැ… ඒ ආදරය, ලෙන්ගතුකම දැනෙන්න ගත්තේ ‘නාඩගම්කාරයෝ’ විකාශනය වී ගෙවී යන පළමු සහ දෙවන සතිය තුළදීමයි. මඟතොටට බහින්න බැරි තරමේ ජනතා ප්‍රතිචාරය දැඩිව තිබුණා. ඇත්තටම මට අදහගන්නත් බැරි තරමට ඔවුන් මා වටා රොක් වුණා.
‘සුමති’ ටෙලිනාට්‍ය සම්මාන උළෙල සඳහා මගේ නම ‘ජනප්‍රියව’ ටිකෙන් ටික ඉහළට එනවා දකින කොටත් ඇස් දෙක පිරෙන්න කඳුළු ඉනුවා.සත්තකින්ම මම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයනට ආචාර කරනවා මාව මෙතැනට ඔසවා තැබීම ගැන.
🔴 ‘සුදු චූටි’ නිසා ඔබට ලැබෙන ආරාධනාවලට සීමාවක් නැහැ කියනවා?
ඔව්… මට හිතාගන්න බැරි තරම් ආරාධනා ගොඩගැහිලා… හැබැයි මම ඉන් තෝරා ගන්නා ප්‍රමාණය නම් ඉතාම අල්ප වේවි.
🔴 ඒ තෝරන බේරන සීමාව මොකක්ද සෙනාලි?
එකක්.., චරිත පොදියක් ගොඩගහගන්න මම කැමැති නැහැ. අනෙක සීමාවක් නැතිව විකාශනය වන මෙගා ටෙලිනාට්‍යය කලාවට මම කැමැති නැහැ. නාට්‍ය පිටපතක් අතට ලැබුණාම බලන්නේ මගේ චරිතය මොකක්ද… එය මට දැනෙනවද..? ප්‍රේක්‍ෂකයා වෙනුවෙන් මට එතැන කරන්නට යමක් තිබෙනවද..? අවසානය පෙනෙන ඉමක තියෙනවාද? ඒ අවසානයට මගේ චරිතය තුළින් සිදුවන වටිනාකමක් තියෙනවද යන කරුණු කාරණා මට හරිම වැදගත් ඇත්තටම.
🔴 ඕනෑවට වඩා තෝරන්නට යෑමෙන් ඔබට බොහෝ චරිත අහිමි විය හැකියි?
වෙන්න පුළුවන්.., නමුත් මට ඕනෑ කරන්නේ එක් ටෙලියකින් හෝ මතක හිටින යමක් කිරීමටයි. සෙනාලි නාට්‍ය සිය ගණනක රඟපෑවා කියන උජාරුවට වැඩිය, ‘සුදු චූටි’ව නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලා ප්‍රේක්‍ෂකයන් දෙන සොඳුරු තීන්දුවට මම හරි කැමැතියි.
වැඩිදුර යන්නට ඕනෑ නැහැ. ‘නාඩගම්කාරයෝ’ හී ‘පාඨලී’ හෝ ‘සුදු චූටි’ කළ හපන්කමම ඇති ඒ නිදසුන දෙන්න.
🔴 ඔබේ පරමාදර්ශි චරිතය හෙළ නිළි රැජන මාලනී සෙනෙහලතා ෆොන්සේකා?
ඔව්… සැබෑ ජීවිතය තුළ වාගේම මගේ රංගන ජීවිතයටත් මම මගේ ලොකු නැන්දිගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. ඇය සමඟ පැයක් කතා කළත් මට දැනෙන්නේ ‘වැඩමුළුවකින්’ සාර්ථක යමක් ඉගෙනගත් හැඟීමයි.
🔴 සෙනාලි, ඔබ බලාපොරොත්තුවලට ආදරය කරනවා?
ඔව්… නිළියක වුණත් සාමාන්‍ය යුවතියක වුණත් ඒ හැමෝම බලාපොරොත්තු පොදි බඳිනවා.
🔴 නිළි රැජනක ලෙස කිරුළ දැරීමේ හීනයක් ඒ බලාපොරොත්තු තුළ තියෙනවද?
ඔබ අහන දේ මට පැහැදිලි මදි කියලයි මම හිතන්නේ.
🔴 ඔබ කවදා හෝ හෙළ නිළි රැජන ‘මාලිනිය’ වීමට හීන මවනවාද?
අනේ දෙවියනේ.., මට මාලිනිය නම් සුවිශේෂී නිළි රැජන වීමට තියා ඈ ඉන්නා අහලකටවත් එන්නට පුළුවන් කියා ඔබ හිතනවාද? නැහැ… එවැන්නක් කිසිවිටෙක සිදුවන්නේ නැහැ… ‘මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නම් ඒ ජාත්‍යන්තර නිළි තාරකාවට කිසි දවසක විකල්පයක් සොයා ගන්නට කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැහැ.
🔴 ඔබ ඔබේ නැන්දනියගේ රඟපෑම් ශෛලියයන් අනුකරණය කරන්නෙත් නැතිද?
කවදාවත් නැහැ.., මම ඇයගේ ආභාෂය උකහාගන්නවා. නිළි රැජන වීමට ඈ කළ මහා කැපවීම ආදර්ශයට ගන්නවා. ඈ තුළින් රංගනය හදාරනවා. හැබැයි මම මගේ ගමන යන්නේ සෙනාලි ෆොන්සේකා ලෙසයි. සිනමාව හෝ ටෙලිනාට්‍ය කලාව යන ඉසව්ව තුළදී මාලිනී සෙනෙහලතා ෆොන්සේකා කියන ප්‍රවීණ නිළිය මගේ ආදරණීය ලොකු නැන්දා පමණයි.
ඒ වගේම අනුකරණය තරම් මා අකැමැති යමක් රංගන කලාව තුළ තවත් නැති තරමයි.
🔴 හැබැයි සෙනාලි… ඔබ පුංචි කෙල්ලක කාලේ ඇයව අනුකරණය කළා?
ඔව්… ඒ මම අවුරුදු හතරක, පහක පුංචි එකියක දවස්වල දැකපු හීනයක කොටසක්, නැන්දාගේ චිත්‍රපටයක් බලලා ගෙදර ආවම හෝ ටී.වී. එකෙන් දැක්කම මම ඒ විදියටම ඒක කරනවලු.., සමහරදාට හෝල් එකේ සීට් එක උඩ හිටගෙන ඒ විදියටම නටනවලු… නිතරම කිව්වේ, ‘මමත් ලොකු නැන්දි වාගේ නිළියක් වෙනවා’ කියලලු. ඒ මගේ පුංචි හීන ලෝකය මිසක අනුකරණයක් නෙවෙයි. කොච්චරද කියනවා නම් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කියන ප්‍රවීණ නිළියගේ ඥාති දුවණිය ලෙස මම කලා ලෝකය තුළ කිසිදුම වරමක් ලබාගත්තේ නැහැ. අදටත්, හෙටටත් එය එහෙමයි. නිදසුනක් දෙනවා නම් ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට ඉල්ලුම් පත්‍ර දානකොටවත් මම ඇගේ කීර්ති නාමය භාවිතයට ගත්තේ නැහැ.
සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය හමුවට ඉන්ටර්වීව් ආවේද ඒ කිසිවක් ඔවුනට අඟවලාවත් නෙවෙයි. ඇගේ නම මට ලොකු ආඩම්බරයක් වුණත් ඒ කීර්තිය මම කිසිවිටෙක අලෙවි කළේ නැහැ.
🔴 ජනප්‍රිය නිළිය ලෙස දැරූ කිරුළ හොඳම නිළිය ලෙස දරන්නේ කවදාද සෙනාලි?
බලමු… හොඳ යමක් මා කළහොත් මම හොඳම නිළිය ලෙස සම්මාන ගනීවි. එවැන්නක් මට හිමි වෙන්නට තිබෙයි නම් කිසිවිටෙක එය අහිමි වන එකක් නැහැ.
නමුත් කිව යුතුම යමක් සඳහන් කරන්නම්. ‘ආ මග ඉතාම කෙටියටයි තවම මම දකින්නේ, යන්නට තව බොහෝ දුර තියෙනවා. ඒ සිතුවිල්ල තුළයි සෙනාලි ෆොන්සේකා තම ගමන යන්නෙ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මට හොඳට ගහගන්න පුළුවන්

Next Post

කොමඩි කොතැනද මම එතැන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.