• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාව රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 27, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ඇමෙරිකාව රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 මෛත්‍රි ජනාධිපති වන විට ඇමෙරිකාව ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ යෝජනා කිහිපයක් සම්මත කරගෙන තිබුණි. ඒ මහින්දගේ ආණ්ඩු කාලයේය. මෛත්‍රි ජනාධිපති වී රනිල් අගමැති වීමෙන් පසු ඇමෙරිකාව ලංකාවත් සමඟ ඒකාබද්ධ වී මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමැති විය. එම යෝජනාව හරහා යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බලන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුව එකඟතාවය පළකොට තිබුණි. ඇමෙරිකාව මූලික යෝජනාව කෙටුම්පත් කොට එවකට විදේශ ඇමැති මංගලට යැවීය. ඒත් ඇමෙරිකාවේ මේ මූලික කෙටුම්පතට ග්ලෝබල් ටැමිල් ෆෝරම් ඇතුළු දමිළ ඩයස්පෝරා සංවිධාන, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, දමිළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලාගේ විරෝධය පළ විය. ඔවුන් ලන්ඩන්වලදී මංගල හමුවිය. ඇමෙරිකානු යෝජනාවට තමන් එකඟ වීමට නම් යෝජනාව තවත් තද කළ යුතු බව ඔවුහු කීහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ යුද අපරාධවලට ජාත්‍යන්තර අධිකරණයෙන් නඩු විභාගයකින් දඬුවම් පැමිණවීමයි. ඒත් ඇමෙරිකාවේ යෝජනාවේ සඳහන් වූයේ යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් ලංකාවේ දේශීය යාන්ත්‍රණයකින් සොයා බලන්නටය. දමිළ සංවිධාන ඉල්ලීම මත මංගල එය වෙනස් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඇමෙරිකාව අතට යෝජනාව ආ විට එවකට ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂව් සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව බාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් නොසන්සුන් වූහ. ඔවුන් ජනාධිපති මෛත්‍රිපාලද, අගමැති රනිල්ද දැනුවත් කරමින් කීවේ මංගලගේ යෝජනාව සිංහල ජනතාව අතර අප්‍රසාදයට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි බවය. එය මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ජනප්‍රියත්වයට දැඩි සේ බලපානු ඇතැයි යන්න ඔවුන්ගේ මතය විය. තමන්ගෙන් නොවිමසා මංගල, යෝජනාව වෙනස් කිරීම ගැන මෛත්‍රි සහ රනිල් කෝපයට පත්වූහ. මංගලගේ යෝජනාවේ අහිතකර කොටස් ඉවත් කිරීමේ බලය මෛත්‍රි රනිල්ට පැවරීය. රනිල් මෙරට ඇමෙරිකානු තානාපති හරහා නිශා බිස්වාල්ට පණිවුඩ යවමින් යෝජනාව වෙනස් කළේය. මංගලව විදේශ ඇමැති ධුරයෙන් ඉවත් කොට ඔහුව අපහසුතාවයට පත්නොකර මුදල් ඇමැති ධුරය දීමට මෛත්‍රි සහ රනිල් තීරණය කළේ මේ සිද්ධියට පසුවය. රනිල් එකල මේ සිද්ධිය මාධ්‍යයටද දුන් අතර, විදේශ අමාත්‍යාංශයේ පාලනයක් නැතැයි යනුවෙන් පුවත් මාධ්‍යවල නිර්නාමිකව පළ කළේය.

මේ සිද්ධිය වැදගත් වන්නේ පසුගිය සතියේ ඇමෙරිකාව ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව විග්‍රහ කරද්දීය. මේ යෝජනාව සහ ඇමෙරිකානු බටහිර න්‍යාය පත්‍රය ගැන අදටත් කොටි දමිළ ඩයස්පෝරාවට අයත් ප්‍රකට වෙබ්අඩවියක් වන ටැමිල් නෙට් වෙබ් අඩවිය කියන්නේ අමුතු කතාවකි. ටැමිල් නෙට් කියන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අවශ්‍ය දමිළ ජනතාවට සාධාරණය ඉටු කරන්න හෝ යුද අපරාධකාරයන්ට දඬුවම් දෙන්න නොව චීනයට එරෙහි සන්ධානයට ලංකාව එකතු කර ගන්නය කියාය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ඇමෙරිකාව ආයුධයක් ලෙස පාවිච්චි කරන බව ඔවුන්ගේ මතයය.

එහි අර්ධ සත්‍යයක් තිබේ. ඇත්ත කතාව නම් ඇමෙරිකාව ප්‍රභාකරන්ට එරෙහි යුද්ධයට සහාය දුන්නේය. එය එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය ප්‍රසිද්ධියේ කීවේය. එල්.ටී.ටී.ඊ.ය ආයුධ මිලට ගන්නා ජාත්‍යන්තර ජාලයේ කොන්ද කඩා එහි ප්‍රබලයන් අත්අඩංගුවට ගත්තේ ඇමෙරිකානු ඔත්තු සේවා මෙහෙයුමක් හරහාය. ලංකාව ආසන්නයට එන එල්.ටී.ටී.ඊ. යුද නැව් විනාශ කරන්න ඉන්දියාවට සහ ලංකාවට ඔත්තු දුන්නේත් ඇමෙරිකානු බුද්ධි සේවාය. වන්නියේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ බලා ලංකාවේ හමුදාවට ඔත්තු දුන්නේ ආසියානු ශාන්තිකර කලාපයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඇමෙරිකානු හමුදාවය. ඇමෙරිකාව මේවා කළේ හැංගිලා නොවේ. 2005 ජනාධිපතිවරණයේදී දමිළ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න ඉඩ දෙන ලෙස එවකට මෙරට ඇමෙරිකානු තානාපති බ්ලේක් බාලසිංහම් හරහා ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියේය. ප්‍රභාකරන් එයට ඉඩ දුන්නේ නැත. පසුව බ්ලේක් නැඟෙනහිර පළාතේ උත්සවයකට ගොස් කීවේ ප්‍රභාකරන් කළ ඒ ඓතිහාසික වැරැද්දට වන්දි ගෙවීමට සිදුවන බවය. ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමට ඇමෙරිකාව එවකට මහින්දගේ ආණ්ඩුවට උදව් කළත් දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් දිය යුතු බව ඇමෙරිකාව මහින්දගේ ආණ්ඩුවට නිතරම කීවේය. යුද්ධය අවසන් වූ විගස එය කරන බවට පොරොන්දු වී මහින්දගේ ආණ්ඩුව ඇමෙරිකාවේ සහාය ගෙන යුද්ධය අවසන් කොට ඇමෙරිකාවට කොකා පෙන්වීය. ඇමෙරිකාවට කොකා පෙන්වා චීනයේ කර උඩ නැග්ගේය. ඇමෙරිකාවට කේන්ති ගියේ ඒකය. චීනය ලංකාවට ගොඩබැහීම ගැන ඉන්දියාවද කලබල වූ අතර, චීනයට එරෙහිව ඇමෙරිකාව උසිගැන්වූයේ ඉන්දියාවය. එහි ප්‍රතිඵලය රාජපක්‍ෂලාට ගෙදර යන්න සිදුවීමය.

රාජපක්‍ෂලා ගෙදර යවා බලයට එන්න පාර කපපු මෛත්‍රි – රනිල් ආණ්ඩුව ලවා යුද අපරාධකාරයන්ට දඬුවම් කරගන්න ඇමෙරිකාවට අවශ්‍ය නොවීය. ඇමෙරිකාව 2015 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව මංගල දමිළ සංවිධානවලට සහ දමිළ ඩයස්පෝරාවට අවශ්‍ය ලෙස තදකළ විට ඇමෙරිකාව මැදිහත් වී එය වෙනස් කළේ ඒ නිසාය. ඇමෙරිකාවට අවශ්‍ය ලංකාව චීනයේ කොළනියක් වීම වළක්වා දමිළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමටය. කොයිතරම් ඇමෙරිකානු හිතවාදියෙක් වුවත් රනිල් මෙය තේරුම් ගත්තේ නැත. ඔහු හම්බන්තොට වරාය චීනයට බදු දීම ඇමෙරිකාව සහ ඉන්දියාව දැඩි කලකිරීමකට පත්කිරීමට සමත් විය. එලෙසම මෛත්‍රිගේ දැඩි ඇමෙරිකානු විරෝධයද ඇමෙරිකාව ඉවසුවේ නැත. කොළඹ චීන වරාය නගරයට විපක්‍ෂයේ සිටියදී විරුද්ධ වී ආණ්ඩුව ගත් පසු මෛත්‍රි සහ රනිල් යන දෙදෙනාම එය කරේ තියාගෙන යෑමද ඇමෙරිකාවට ප්‍රශ්නයක් විය.

2019 මැයි මාසයේ යුද්ධය දිනන්න ඇමෙරිකාවේ සහාය අරන් දුන්න මෙරට හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ලංකාවට ආවේය. ඒ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට ගෝඨාභයගේ තේරීම වූ මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් සංවිධානයේ දේශනයක් සඳහාය. ඔහු එම දේශනයට ආවේ පාස්කු ප්‍රහාරයේ උණුසුම මැදය. ඔහු එම කතාවේදී යුද්ධයේදී ගෝඨාගේ සේවය අගයමින් කතා කළේය. ටික දිනකින් ගෝඨාභය ඇමෙරිකාව බලා ගියේය. හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් කරනවා කියා ප්‍රකාශයක් කළේය. ඔහුගේ ඇමෙරිකානු පුරවැසි ප්‍රශ්නය විසඳා දීමට ඇමෙරිකාව එකඟ විය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය ඇමෙරිකාවේ දමපු නඩු වීසි විය. ජනාධිපතිවරණය මැදදී මංගලලා ගෝඨාභය තවම ඇමෙරිකානු පුරවැසිභාවය නිසි ක්‍රමවේදයට අනුව ඉවත් කරගෙන නැතැයි කියද්දී මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨා හිතවාදී ‘දෙරණ’ මාධ්‍ය ජාලයට ප්‍රකාශයක් දෙමින් කීවේ ගෝඨා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බවට මංගලලා ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවය. මෙයින් පෙනුණේ ගෝඨාභය ඇමෙරිකාවේ තේරීමක් බවය. ගෝඨාභය ගැන ඇමෙරිකාව විශ්වාසය තබන්න ඇත්තේ මහින්දගේ ආණ්ඩු කාලයේ ගෝඨාභය බය නැතිව ඇමෙරිකාව සමඟ අස්සන් කළ ආරක්‍ෂක ගිවිසුම නිසාය. ඒත් ඇමෙරිකාව කපපු පාරේ බලයට ආ මෛත්‍රිපාල ඒ ගිවිසුම දික් කිරීම ප්‍රතික්‍ෂේප කළේය.

ඇමෙරිකාව හිතන්න ඇත්තේ දේශප්‍රේමී ඇමෙරිකානු විරෝධී බටහිර විරෝධී රැල්ලකින් බලයට එන ගෝඨා දේශප්‍රේමී ඇමෙරිකානු බටහිර විරෝධී ජනමතය වෙනස් කොට ඔවුන්ට සත්‍ය පහදා දී මහින්දගේ ආණ්ඩුව මෙන් චීන වන්දනාවේ නොයයි කියාය. ඒත් ආයෙත් රාජපක්‍ෂලාගේ ගැලවුම්කාරයා වී ඇත්තේ චීනයය.

රාජපක්‍ෂලා යළිත් ඇමෙරිකාවට කොකා පෙන්වා ඇත. ඉතින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇමෙරිකාව යළිත් රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලීම පුදුමයක් නොවේ. මේ පාර ඉල්ලන්න යන ගේමේ හැටියට නම් වන්දි ගෙවන්න වෙන්නේ රාජපක්‍ෂලාට පමණක් නොව රටටමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ග්‍රහ අපල සහ පුද පූජා

Next Post

මගේ ටාර්ගට් එක හොඳම කැටගරියට යන්න

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.