• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

විජය මෙල්ල කරන්න කුවේණියත් භාවිත කරපු අපේ නර්තනයේ පුරාණ කතාව

March 30, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
විජය මෙල්ල කරන්න කුවේණියත් භාවිත කරපු අපේ නර්තනයේ පුරාණ කතාව
Share on WhatsAppShare on Facebook

දුර අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මානයා කුල මෙන්ම ඉන්දියාව වැනි රටවලද රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුල සතරකට බෙදා වෙන්වීමක් තිබූ බවත් සඳහන් කළ හැක. ඒ අනුව පාලන තන්ත්‍රයට සමීපව කටයුතු කළ බ්‍රාහ්මණ වාංශිකයෝ අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දීමට සුදුසුකම් ලැබූයේ ඔවුනොවුන්ගේ බුද්ධිමත්භාවය තරකර තිබූ නිසාය. සිව්වේදය තුළින් දැන උගත්කම දියුණු තියුණු කරගත් බ්‍රාහ්මණ සංහතිය, සිව්සැට කලාවන්ටද දක්ෂ වූහ. නක්ෂත්‍රය, ගණිත කලාව, ගාන්ධර්ව කලාව, දූත මෙහෙවර, වෙද හෙදකම ආදී ශිල්ප ශාස්ත්‍ර බොහොමයකට දක්ෂයෝ වූහ.

එදා සුදෝවුන් රජ අවධියේ පටන් ඉන්දියාවේද, ජ්‍යොතිෂය, නර්තනය රැකුනේ උගත් බමුණන් නිසා බව සිදුහත් චරිත කතාවලින් පිළිබිඹු වෙයි. විවාහ මංගල, නම් තැබීම් කටයුතු බ්‍රාහ්මණ බුද්ධිය තුළින් සිදුවූ බවට හේතු සාධක බොහෝ ඇත.

සිදුහත් කුමාර උපතේදී අට කුලයක බමුණු බ්‍රාහ්මණයෝ කැඳවා සිදුහත් කුමාරයාණන්ට නම් තැබීමේදී රාම, ධජ, ලක්ධණ, මංතී, බෝධි, සුයාම, සුදන්ත යන අට කුල බමුණන්ගෙන් කොණ්ඩඤ්ඤ බමුණා එක් ඇඟිල්ලක් ඔසවා කියා සිටියේ ලොවට අර්ථවත් සිද්ධීන් සිදුකරන පින්වත් කුමාරයෙකු හෙයින් ‘සිද්ධාර්ථ’ යන නම උචිත වන බවය. ඒ දේහ ලක්ෂණ තෝරා ගැනීමේ බුද්ධිය නිසාමය.

ලංකාවේ සත්කෝරලය, සතර කෝරලය, උඩුනුවර, යටි නුවර, දුම්බර, හාරිස්පත්තුව යන ප්‍රදේශවල උරුමයට හිමිකම් ලැබූ පරම්පරා නර්තන ශිල්පීන් මෙම කලා ශිල්පය අදටත් සංරක්ෂණය කිරීමට ඇප කැපවී සිටීම සතුටට හේතූන්ය.

ඒ අනුව අහුගොඩ, දොරටියාව, පොල්ගහවෙල, කොන්පලය, බැවිලගමුව, රණවන, මීගස්වැව ආදී සත්කෝරලයේ දැනට ඉතිරිව ඇති පරපුරවලින් කිහිපයකි.

එසේම නිත්තපද්ගල, අමුණුගම, බුදවත්ත, සතරකෝරලයේ සහ මහනුවර එවැනි පාරම්පරික ගුරුකුල කිහිපයකි.

එමෙන්ම අපේ නර්තනයේ පුරාණය ඉතා අනභිභවනීය වෙයි. එය අපට උරුම වූයේ මීට වසර දහස් ගණනකට ඉහතදීය.

ඒ ඉතිහාසය සොයා විජය රජ අවධියට ඉහත බම්බා නුවර බම්බා රජුට සහ චන්ද්‍රාවතී බිසවට දාව උපන් සුරූපී කුමරිය ‘කුවේණිය’ දෙසට යොමු වෙමු.

ඇය යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර අඩුවක් නැතිව දැන සිටි අයෙකි. දරුණු බලගතු රජ කුමරකු වූ විජය රජු මෙල්ල කිරීමට හැකි වූයේ ඇයගේ කලාත්මක පැතිකඩ නිසාය. කුවේණියගේ ශාපය නිසා විජය රජු පසුව විනාශයට පත්විය.

පසුව රජ පැමිණි පඬුවස් රජුද ඒ ඒ හේතුවලින් රෝගාතුර වූ හෙයින් ක්‍රිසතිය, සඳලිඳුය, මලරජය යන රජ තුංකට්ටුව සමඟ සෙත් පැතීමට පැමිණි බමුණු බ්‍රාහ්මණයන් සිදුකළ සෙත් පැතීම තුළින් නර්තන ශිල්පය තවත් දියුණු විය.

අපේ නර්තනයේ ආරම්භය ලෙස වලියක් නර්තනය සැලකේ. එසේම වෙස් ඇඳුම යනු සිව්සැටක් රාජාභරණවලින් සමන්විත අඩක ඇඳුමකි.

මේ තුළ ජටාව, පායිම්පත, තොඩුපත්, සිවිලිය, නෙත්තිමාලය, කරපටිය, අවල්හැරය, උරභාහු, බන්ධි වළලු, හස්තකඩ, සඟල ඔලියල්, සිලම්බු සහ සෝපනය ඇතුළත් වන අතර මේ වස්තූන් උඩරට නැටුමට පලඳින වෙස් ඇඳුම් කට්ටලයට අයත් රාජාභරණ 64කින් අඩකි.

එමෙන්ම මෙම ඇඳුම් කට්ටලය අද පවතින ‘කොහොඹා යක් කංකාරියට උරුමව පවතින උඩරට ඇඳුම් කට්ටලයයි.

මෙය පැලඳවීමට උරුමකම් ලැබුවෝ අතලොස්සකි. ඒ එදා සහ අද හඳුන්වන යක්සෙස්සා යක්දෙස්සකු වීම එතරම් පහසු කරුණක් නොවේ. චාරිත්‍රානුකූලව වෙස් ඇඳුම් කට්ටලය ඇඟලා ගැනීමද එතරම් පහසු නැත. වෙස් නැටුමේ උපාධි නාමය යක්දෙස්සා යනුවයි. යක්දෙස්සා ශිල්පයේ උසස්ම තැනට පා තැබූ අයෙකි. නර්තනය ගායනය ඉහළ තලයටම පුහුණුව ලැබූවෙකි. යකෙකුට දෙවියන් දෙස් දෙවන්නෙකි. විනය ගරුක හික්මීමෙන් යුතු තැනැත්තියකි. හොඳ සිතුවිලිවලින් පරිපූර්ණ වූවෙකි. අව ජඩ වැඩ නොකරන්නෙකි. ගුරුන්, දෙවියන්, බුදුන් පුදන්නෙකි. එමෙන්ම පිරිසුදු වූ රූප ස්වභාවයක් ඇත්තෙකි. ශාන්තදාන්ත පෙනුමක් මිස රෞද්‍ර පුද්ගලයකුද නොවේ.

මෙවැනි අයට මෙම රාජකීය ඇඳුම එදා පලඳනු ලැබුවේ දහසක් ප්‍රතිපත්ති ගරුකොට නැකැත් හෝරාවන්ට අනුකූලව මාංශ අනුභවයෙන් තොරව දින ගණනක් පිළිවෙත් රැක පාරිසුද්ධභාවයට පත්වෙමින් පසුවය.

ඒ වගේම එවැනි ඇවතුම් පැවතුම්වලින් තොර අයට මෙම ඇඳුම හිමිවන්නේ නැත.

වෙස් ඇඳුම් කට්ටලයට සරිලන වෙනත් නර්තන ඇඳුමක් ලෝකයේ මෙතෙක් බිහිවී නැත.

එම නර්තනයෙන් තමන් සතුටට පත්වෙනවා සේම අන් අය සතුටට පත්කිරීම, සාරධර්ම රැසක් හිමිකර ගැනීම, ඉවසීම, භක්තිය, දියුණු කර ගැනීම, නිරෝගී පුද්ගලයන් බිහිකිරීම, දීර්ඝායුෂ වැඩිකර ගැනීම, පංච ඉන්ද්‍රියන් පිනවීම, දෙවියන් බුදුන් ප්‍රමුඛ ප්‍රභූන්ගෙන් ආශීර්වාද ලැබීම ආදී මහත් ඵල රාශියක් ලැබීමට තුඩු දෙන සම්පතක් සේ අපේ නැටුම පෙන්වාදිය හැක.

බී.පී. අහුගොඩ
පාරම්පරික නර්තන ශිල්පී, නර්තන කලා විශාරද, විශ්ව කලා කීර්ති, රාජ්‍ය ගෞරව කලා භූෂණ උත්තම සේවා පදක්කම් ලත් (විශ්‍රාමික නා.හ. ස.ප්‍ර.සු.නි.)

SendShareShare
Previous Post

හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි

Next Post

බඩ ඉරිඟු මිලදී ගන්න ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් රුපියල් බිලියන 2ක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.