ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්රිස්බ්රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරිඟු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන් කරන බව නිවේදනය කර සිටී. ක්රිස්බ්රෝහි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරිඟු දිස්ත්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින 2000කට ආසන්න බඩඉරිඟු ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදු කෙරේ. බඩඉරිඟු ගොවීන් සමග ඇති කර ගෙන ඇති අස්වැන්න මිලදී ගැනීමේ ගිවිසුම් ප්‍රකාරව මෙම කටයුතු සිදුකෙරෙන අතර මෙරට මුළු බඩඉරිඟු අස්වැන්නෙන් විශාලතම කොටස ක්රිස්බ්රෝ විසින් මිලදී ගනු ලබයි. මෙසේ ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා අස්වැන්න සමාගමේ අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක්‍රියාවලියම පරිගණක ගත කර ඇත.











