• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව චෙක්පත් නිෂ්කාශන සේවා කාලය දීර්ඝ කරයි

September 21, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චෙක්පත් නිෂ්කාශන සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. එම නිසා දැන් ගනුදෙනුකරුවන්ට දවසේ මෙතෙක් පැවති සීමාවෙන් පසුව පවා චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එම චෙක්පත්වල මුදල් පසු දිනයේදීම අදාළ ගිණුම්වලට බැරවනු ඇත.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරැදිව හඳුනාගෙන එම අවශ්‍යතාවන්ට නිසි විසඳුම් ලබාදීම සඳහා සෙලාන් බැංකුව ගන්නා නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි වේ. ආරම්භයේදී මෙය ගාල්ල, මහනුවර, කිරිබත්ගොඩ, කුරුණෑගල, මාතර, නුගේගොඩ, පානදුර, පිටකොටුව, වෙන්නප්පුව, වැල්ලවත්ත සහ මිලේනියම් යන ශාඛාවල ක්‍රියාත්මක වනු ඇති අතර ඉදිරියේදී එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික්‍රමනායක මහතා මෙසේ පැවසීය. “වර්තමානයේ ආර්ථික රටාවේ වේගය දෙස බලන විට අපට ‘පහසුව’ යන සාධකය කෙතරම් වැදගත්ද යන්න පැහැදිලියි. සාමාන්‍යයෙන් මෙරට වාණිජ බැංකුවල චෙක්පත් නිෂ්කාශන සේවා කාලය සතියේ දිනවල පස්වරු 3න් අවසන් වනවා. පස්වරු 3.00 පසුවූ විට ගනුදෙනුකරුවන්ට සිදුවන්නේ චෙක්පත පසුදිනයේ බැරකර, මුදල් ලැබීමට ඊට පසුදා වනතුරු බලාසිටීමටයි. නිවාඩු දින සහ සති අන්තයන් පැමිණි විට මෙම ක්‍රියාවලිය තවත් ප්‍රමාද වනවා. මෙය විශේෂයෙන්ම චෙක්පත් මගින් නිතර ගනුදෙනු සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මුදල් ප්‍රවාහයට විශාල බලපෑමක් ඇතිකරන තත්ත්වයක්. එහෙත් සෙලාන් බැංකුව හඳුන්වා දෙන මේ නව සේවාව නිසා ගනුදෙනුකරුවන්ට දැන් සතියේ දිනවල අදාළ සෙලාන් බැංකු ශාඛාවලදී පස්වරු 4.00ත් පස්වරු 6.00ත් අතර කාලය තුළදීද චෙක්පත් බැරකිරීමට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා අයකෙරෙන්නේ නාමික ගාස්තුවක් පමණයි.”
සුහද හදක් ඇති බැංකුව ලෙස සෙලාන් බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන් තෘප්තිමත් වන සුවිශේෂී සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සේවාවක් ලබාදීමට ඇපකැප වී සිටියි. සෙලාන් බැංකුවේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබගේ ශාඛාවේ කළමනාකරු හෝ සම්බන්ධතා නිලධාරී අමතන්න.

SendShareShare
Previous Post

සෆාරි යන්න කියාපු ගම Udawalawa Safari Village

Next Post

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.