• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කඩවර කියන්නේ යක්ෂයෙක්ද? දෙවියෙක්ද?

September 21, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ගේ පුදපූජාවට ලක්වන්නේ දෙවිවරුන්ය. දෙවිවරුන් වෙත පුදපූජා පවත්වන මිනිසුන් ඉන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාවය. තමන්ව දෙවියන් රැකගනු ඇතැයි යන විශ්වාසය නිසාම මිනිසුන් දෙවියන්ට බයපක්ෂපාතීය. දෙවියන් වෙත සිදුකරන පුදපූජා දැඩි ගෞරවයකින් යුතුව ඉටුකිරීමට මිනිසුන් වගබලා ගන්නේද ඒ නිසාය. දෙවියන්ට පමණක් නොව යක්ෂයන්ටද මිනිසුන් බයය. නමුත් දෙවියන් වෙත දක්වන බයපක්ෂපාතීත්වයට වඩා මිනිසුන් යක්ෂයන් වෙත දක්වන බිය ඉඳුරාම වෙනස්ය. මිනිසුන් විශ්වාස කරන්නේ යක්ෂයන් තමන් වෙත කරදර බාධා පමුණුවනු ඇති බවය. එබැවින් මිනිසුන් බොහෝ විට උත්සාහ කරන්නේ යක්ෂයන්ගෙන් ඈත්වී ජීවත්වීමටය. පොදු තත්ත්වය එසේ වුවද යක්ෂයන් ඇසුරු කරමින් ඒ හරහා තම කාර්යයන් පහසුවෙන් සහ කරදරයකින් තොරව ඉටුකරනා මිනිසුන් කොට්ඨාසයක්ද තවමත් අප අතර ඇත. යහපත් අරමුණු සඳහා යක්ෂයන්ගෙන් උදව් උපකාර ලබාගත නොහැකි බැවින් එලෙස යක්ෂයන් ඇසුරු කරන පුද්ගලයන් ඒ හරහා බලාපොරොත්තු වන අරමුණුද යහපත් නොවන්නේය.

අද අප කතාකරන කඩවර දෙවියන් හෙවත් කඩවර යක්ෂයා ශ්‍රී ලංකාව තුළ විශේෂ වන්නේ මේ දෙකොට්ඨාසයේම ගරු බුහුමනට ලක්වීම මතය. බොහෝ ප්‍රදේශවල ‘කඩවර අප්පච්චි’ ලෙස හඳුන්වන්නේ කඩවර දෙවියන්මය. යහපත් සිතුම් පැතුම් මුදුන් පමුණුවාගැනීමට සහ ආරක්ෂාව ලබාගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ගරුබුහුමනට ලක්වන කඩවර දෙවියන්, ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ගරුබුහුමනට ලක්වී ඇත්තේ කඩවර යක්ෂයා ලෙසටය. එම ජනතාව බොහෝදුරට කඩවර යක්ෂයාගේ උදවු උපකාර ප්‍රාර්ථනා කරන්නේ වන සතුන් දඩයම් කිරීමේදීය. දඩයම ආරම්භ කිරීමට පෙර කොළ අත්තක් ගැටගසමින් කඩවර යක්ෂයාගේ ආරක්ෂාව සහ උපකාර ප්‍රාර්ථනා කරන එම පිරිස් ඒ සඳහා ප්‍රතිඋපකාර දක්වන්නේ දඩයමේ පළමු පංගුව කඩවර යක්ෂයා වෙත පූජා කිරීමෙන්ය. දඩයමේ යෙදීමේදී ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් බින්තැන්නේ කළුබණ්ඩාර දෙවියන් ලෙස වැදි ජනතාවගේ වන්දනාවට ලක්ව ඇත්තේද කඩවර යක්ෂයාම බවට විශ්වාසයක් ඇත. එමෙන්ම සූනියම් යක්ෂයා සහ සූනියම් දෙවියන් ලෙසින් වන්දනාවට ලක්ව ඇත්තේද කඩවර දෙවියන් බවටද තවත් විශ්වාසයක් ඇත.
දෙවියකු ලෙසින් වන්දනාමාන කිරීමේදී එතරම් විශේෂත්වයක් නැති වුවද කඩවර යක්ෂයා වන්දනා කිරීම සිදුකළ යුත්තේ ඉතා විශේෂ ආකාරයටය. කඩවර යක්ෂයා යනු ක්ෂණිකව කේන්ති ගන්නා දරදඬු යක්ෂයකු ලෙස විශ්වාස කරන බැවින් එම වන්දනාව නියමාකාර ලෙසටම සිදුකළ යුතු බවට විශ්වාසයක් ජනතාව තුළ ඇත. පුරුද්දක් වශයෙන් කඩවර යක්ෂයා වන්දනා කරන්නේ නම් එය සිදුකළ යුත්තේ නිවෙසින් පිටත ඉදිවූ විශේෂ ස්ථානයකය. කිසි ලෙසකින්වත් කඩවර යක්ෂයා වන්දනා කිරීම නිවෙස් තුළ සිදු නොකරන අතර නිවෙසේ සකසා ගන්නා මස් මාංශ මෙන්ම අරක්කු, සිගරැට්, ගංජා වැනි මත්ද්‍රව්‍යද පූජාකිරීම එහිදී සිදුවන විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකිය.

වර්තමානයේදී දඩයක්කරුවන්ට උදවු උපකාර ලබාදෙන යක්ෂයකු ලෙස විශ්වාසයට බඳුන්වී තිබුණද, ඉතිහාසයේ සඳහන්ව ඇති කඩවර උත්පත්ති කතාව එම විශ්වාසයට ඉඳුරාම විරුද්ධය. ධාතුසේන රජ සමයේ ගොවිතැන් බතින් ජීවත් වූ එක්තරා පුද්ගලයකු තම බිරිය සමඟ අමනාප වී නිවෙසින් පලාගොස් ඇත. ඔහු එලෙස නිවෙසින් බැහැරවී ගොස් ඇත්තේ තම බිරියගේ හිරිහැරය ඉවසාගත නොහැකි වීම මතය. නිවෙසින් පලාගිය එම පුද්ගලයා වන සතුන් සමඟ මිත්‍රවී වනගතව ජීවත්ව ඇත. වන සතුන් සහ ඔහු අතර පැවැති මිත්‍රත්වය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දඩයම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. වන සතුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ හැකියාවක් පවා එම පුද්ගලයාට තිබී ඇත. ධාතුසේන රජතුමාගේ රාජකීය දඩයක්කරුවන්ට පවා ඒ අවට ප්‍රදේශයේ දඩයම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත. එයට හේතුවී ඇත්තේ දඩයම් සඳහා එම ප්‍රදේශයට පැමිණෙන දඩයක්කරුවන් වන සතුන් සහ වනගත පුද්ගලයා එක්ව එළවා දැමීමය. කෙසේ වෙතත් දිගින් දිගටම දඩයම් කරගත නොහැකි වීම මත මෙම පුද්ගලයා කවුද යන්න සොයාබැලීමට රාජ සභාවේද අවධානය යොමුවී ඇත. අනතුරුව ක්‍රියාත්මක වූ ධාතුසේන රජුගේ සෙබළ පිරිසක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන රාජ සභාවට ගෙන ගියද වනගතව කාලයක් ජීවත්වීම හේතුවෙන් සාමාන්‍ය මිනිසුන් සමඟ කතාබහ කිරීමේ හැකියාවක් ඒ වන විට ඔහුට නොතිබූ බවද ඉතිහාස කතාවේ සඳහන්ය.

වනගතව ජීවත්වූ කතාබහ කළ නොහැකි පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ බවට ආරංචිය ගම් දනව් පුරා පැතිර ගොස් ඇත. ඒ නිසැකවම තම ස්වාමියා බව දැනගත් එම පුද්ගලයාගේ බිරිය වහාම රජ වාසලට ගොස් තමන්ට ඔහු හා කතාකිරීමේ හැකියාව ඇති බව පවසා ඇත. ඉන් අනතුරුව ඇයගේ ඉල්ලීම ඔහුට ලබාදීමට රජ වාසල සේවකයන් කටයුතු කර ඇත. ඇති පදමට රස මසවුළු ලබා දුනහොත් තම ස්වාමියා නැවත කතාබහ කරන බව හොඳින්ම දත් බිරිය ඒ ආකාරයෙන් ක්‍රියාකරන ලෙසට රජ වාසල සේවකයන්ට දැනුම්දී ඇත. බිරියගේ උපක්‍රමය සාර්ථකවී ඇති අතර බඩකට පුරා ආහාර ගත් පුද්ගලයාට පෙර පරිදි කතාබහ කිරීමේ හැකියාව ලැබී ඇත.

වනයේ ජීවත් වූ ආකාරය සහ වන සතුන් සමඟ මිශ්‍ර වූ ආකාරය පිළිබඳ තොරතුරු එම පුද්ගලයාගෙන් විමසූ ධාතුසේන රජුට එම කතාබහේදී තමන් ඉදිකිරීමට අදහස් කරගෙන සිටිනා වැව සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳ හෝඩුවාවක්ද එහිදී හමුවී ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාබැලූ ධාතුසේන රජු අනතුරුව කලාවැව ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ එම පුද්ගලයා තෝරා දුන් ස්ථානය බව ඉතිහාස කතාවේ සඳහන්ය.

මෙම පුද්ගලයා පිළිබඳ බොහෝ සෙයින් පැහැදුණු රජු කලා වැව ඉදිකර එය රැකබලා ගැනීම පවරා ඇත්තේද මෙම පුද්ගලයාටමය. ඒ සඳහා ඔහුට ඇමැති පදවියක් පිරිනැමීමටද රජු කටයුතු කර ඇත. තම වගකීම මැනැවින් ඉටුකරමින් කලා වැව රැකගන්නා මේ පුද්ගලයා පිළිබඳ රජු තුළ ඇති පැහැදීම දිනෙන් දින වැඩිවන බව දැනගත් රාජ සභාවේ අනෙක් ඇමැතිවරුන් තුළ ඒ පිළිබඳ දැඩි කේන්තියක් හටගෙන ඇත. එතැන් පටන් ඔවුන් උත්සාහ කර ඇත්තේ රජු තුළ මේ පුද්ගලයා පිළිබඳ ඇති පැහැදීම බිඳදැමීම කෙරෙහිය. මේ අතරතුර අනුරාධපුර රාජධානියට බලපෑ දැඩි නියඟයක් හේතුවෙන් කලාවැවේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇත. ඒ සඳහා කළ යුතු එකම පිළියම වූ සතිපිරිත් දේශනයක් පැවැත්වීමට ධාතුසේන රජු තීරණය කර ඇත. සතිපිරිත් දේශනය ආරම්භවී මඳ වේලාවකින් වර්ෂාව ආරම්භවී තිබෙන අතර නියමිත පරිදි වැව පිරී පිටාර දොරටු විවර කිරීම සඳහා ඇමැතිවරයාද දැඩි සූදානමකින් කටයුතු කර ඇත.

එම යුගයේ වර්ෂාපතනය මැනගැනීම සඳහා භාවිත කර ඇත්තේ පොල් කටුවෙන් සෑදූ උපකරණයකි. එය රඳවා තබා ඇත්තේ ස්වාමින්වහන්සේ පිරිත් දේශනා කරන මණ්ඩපය ආසන්නයේ උස් ස්ථානයක් මතය. එම උපකරණය පිරීයන ප්‍රමාණය අනුව වැවේ දොරටු විවරකිරීම ඇමැතිවරයාගේ අරමුණ වුවත්, කවුරුන් හෝ එම උපකරණය සිතා මතා පලුදු කිරීම මත නියමාකාරයෙන් වර්ෂාපතනය මැනගැනීමට ඇමැතිවරයා අසමත්වී ඇත. ඒ වන විටත් නියමිත ප්‍රමාණයට වඩා පිරීගිය වැවේ බැම්ම කඩාගෙන පුපුරා යන තරමටම ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබී ඇත. දොරටු විවර කිරීම අතිශය අවදානම් වූ මොහොතක ඒ සඳහා ඉදිරිපත් වීමටද සේවකයන් අකැමැති වී ඇති අතර එම අවදානම භාරගෙන ඇත්තේද ඇමැතිවරයාමය. කෙසේ හෝ දොරටු විවර කරමින් වැව් බැම්ම බේරාගැනීමට ඇමැතිවරයා සමත් වුවද ගලාආ මහා ජල කඳට හසුව ගසාගෙන ගිය ඇමැතිවරයා ජීවිතක්ෂයට පත්වී ඇත. ඉතිහාස කතාවට අනුව කඩවර දෙවියන් ලෙසින් ගරුබුහුමනට පාත්‍රවී අදටත් කලා වැව ආරක්ෂා කරන්නේ එලෙස දිවි පිදූ ඇමැතිවරයාය.

එම ඇමැතිවරයා කඩවර යක්ෂයා බවට පත්වීම පිටුපස ඇත්තේද මේ සිද්ධියේම අතුරු කතාවකි. වර්ෂාපතනය මැනගැනීම සඳහා තමන් සූදානම් කළ උපකරණය පලුදු කර ඇති බව දැනගත් ඇමැතිවරයා දැඩි කෝපයට පත්වී ඇත. එම උපකරණය පලුදු කිරීම සඳහා එම ස්ථානයට ගමන් කර හැකිව තිබූණේ සතිපිරිත් දේශනයට වැඩම කළ ස්වාමින්වහන්සේ නමකට පමණක් බව හොඳින් දත් ඇමැතිවරයා ඒ අවස්ථාවේ එහි සිටි සියලුම ස්වාමින්වහන්සේලා ඝාතනය කර වැවට පැන සියදිව නසාගෙන ඇත. කඩවර යක්ෂයා ලෙස ජනතාවගේ විශ්වාසයට පාත්‍රව ඇත්තේ එලෙස වැවට පැන ජීවිතය නැති කරගත් ඇමැතිවරයාය.

දේවත්වයට පත්වීමෙන් පසු කතරගම දෙවියන් හමුවට ගිය කඩවර දෙවියන් අසුරයන් සමඟ යුද්ධ කර ඉන් ජයගත් බවත්, ඉන් අනතුරුව කතරගම දෙවියන්ගේ ආරක්ෂක තේවාවේ එක් මුරයක් කඩවර දෙවියන්ට භාරවූ බවත් ඉතිහාසයේ සඳහන්ය. කතරගම දෙවියන් වැඩසිටින තොරණේ එක් අන්තයක කඩවර දෙවියන්ටද ඉඩක් ලැබී ඇත්තේ ඒ අනුවය. කඩවර දෙවියන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පැණිරස කෑමට ප්‍රිය දෙවි කෙනකු ලෙසටය. අදටද බොහෝ ප්‍රදේශවල කතරගම දෙවියන් වෙනුවෙන් සකස් කරන මුරුතැන් බතෙන් කොටසක් කඩවර දෙවියන් වෙතද වෙන්කරන්නේ ඒ හේතුව නිසාමය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන්නේ කඩවර යනු අර්ධ දේවත්වයට පත් වූ යක්ෂයකු බවය. එබැවින් දෙවි කෙනකු සහ යක්ෂයකු යන දෙආකාරයෙන්ම කටයුතු කිරීමේ හැකියාව කඩවර සතු බව ඔවුන්ගේ විශ්වාසයයි. කඩවර දෙවියන් වෙනුවෙන් ඉදිවූ ප්‍රධානම දේවාලය ඇත්තේ කලාවැව ඉවුරේ වුවද, කඩවර රූපය වෙනුවෙන් පුදපූජා පවත්වන ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ හතරදිග්භාගයේම දක්නට ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජපනුන් වැඩ අල්ලයි

Next Post

කොමඩි කිරුල ශ්‍රියන්තටද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.