ජපානයේදී අද දින ලෝක කුසලාන රග්බි ශුරතාවලිය ආරම්භ වූ අතර එහි ආරම්භක තරගය සත්කාරක ජපානය හා රුසියාව අතර පැවති අතර එම තරගයෙන් 30-10 විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක ජපන් පිල සමත් විය.
තම රටේ ක්‍රීඩකයින්ගේ දස්කම් නැරඹීමට අති විශාල ජපන් ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් තරගය ආරම්භ කල මොහොතේ සිට විශාල සහයක් තම පිලට ලබාදෙන ලදී ,,එමෙන්ම රුසියානු ක්‍රීඩා ලෝලින්ද තම ක්‍රීඩකයින් උනන්දු කරනු දැකිය හැකිවිය.
තරගය නැරඹීම සදහා ජපන් අගමැති ෂින්සෝ අබේද පැමිණ සිටි අතර මෙම තරගයේ පලමු ට්‍රයි දිනුම හා එහි ප්‍රවර්තනය සාර්ථක කරමින් ලකුණු 7-0 ලෙස රුසියාව පෙරමුණ ගත්තත් ඉන්පසු තරගයට අවතීරණ වූ ජපන් ක්‍රීඩකයෝ විවේක කාලය තුලදී 12-7 ලෙසටත් තරගය පෙරමුණ ගෙන අවසානයේ දී මුළු තරගය අවසන් වන විට 30-10 ලෙස ජග්‍රහණය ලැබීමට සමත් විය.
මෙහිදී වාර්තා වී විශේෂ සිදුවීම නම් ජපන් ක්‍රීඩක උත්සාහක කොටරෝ මට්ෂිමා (TRY )ලකුණු ත්‍රිත්වයක් ලැබීමට සමත් වීමයි. ඔහු තරගයේ විරයේ සම්ම්නයද හිමි කර ගත්තේය
ජෝසප් ඩයස් (Joseph Dias )