ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි.
මුළුමනින්ම දේශීය සන්නාමයක් වන එම සමාගම මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සහ මෙරටදී එංගලන්තය සමග පැවැත්වුණු තරගාවලිය සඳහාද අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහාද අනුග්‍රාහකත්වය ලබාදෙනු ඇත.
කොදෙව් තරග සංචාරය යටතේ විස්සයි-20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වෙනු ඇත.











