තමන්ගේ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමට ලැදි ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් ‘People’s Spark’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.
මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ තරුණ උපාධිධාරීන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වැනි මට්ටමට සමාන (NVQ Level 05) හෝ එයට වඩා වැඩි වෘත්තීය සුදුසුකම් සපුරනු ලැබූ තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් පුහුණුවක් සහ දැනුමක් ලබාදී ඇප රහිත ණය පහසුකම්ද පිරිනැමීම තුළින් ඔවුන් තුළින් සාර්ථක අනාගත ව්‍යවසායකයන් නිර්මාණය කිරීමයි.
මෙම වැඩපිළිවෙළ ඔස්සේ නිෂ්පාදන කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සහ සේවා වර්ධනය කිරීමට මූලික අවධානය යොමුකරයි. මෙහිදී කෘෂිකර්මාන්තය යටතේ ගොවිතැන, පශූ සම්පත්, ධීවර, කෘෂි නිෂ්පාදන එකතුකරන්නන් සහ අතරමැදියන්, කුඩා සහල් මෝල් හිමියන් වැනි අංශ සම්බන්ධයෙන් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත, ආහාරපාන හා සම්බන්ධ අංශ, නවෝත්පාදන හා තාක්‍ෂණය පදනම් කරගත් ව්‍යාපාර කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි. සේවා අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, සහයක සේවා, සන්නිවේදන වැනි අත්‍යවශ්‍ය සේවා මෙන්ම සංචාරක කර්මාන්තයේ සේවා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබේ.











