කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය කියයි.
මොහු මෙම ජාවාරම එන්නත් ලබාදීම ආරම්භ කල මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.










