• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘ජංගල්බුක්’ – ‘මවුග්ලි’ සුනිල් ටී. කොපි කළාද? මංකොල්ල කෑවද?

March 7, 2021
in Heart
Reading Time: 3 mins read
A A
‘ජංගල්බුක්’ – ‘මවුග්ලි’ සුනිල් ටී. කොපි කළාද? මංකොල්ල කෑවද?
Share on WhatsAppShare on Facebook

⬤ 1950 ඉඳන් කොපි කරන කලාව පටන් ගත්තෙ…

⬤ කරන්න බැරි දෙයක් කළාම FB එකේ ගැට කොල්ලන්ට හුඟක් රිදෙනවා…

⬤ මම කවුරුත් නොකරන ෆිල්ම් එකක් කළා…

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මේ දවස්වල ‘මුහුණු පොත’ තුළ විවිධ සමූහයන් හරහා සුවිශේෂීව කතාබහට ලක්ව ඇත. මොකක්ද ඒ සුවිශේෂී බවට හේතුව,
ඒ කාරණය නොදන්නා කෙනකු සිටින්නට බැරිය. කතාවේ හැටියට සිදුව තිබෙන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු ජාත්‍යන්තර කීර්තියට පත් ‘ඩිස්නි’ සමාගමට අයත් චිත්‍රපටයක කොටස් හොරකම් කිරීමය. කෙනකු කියන්නේ එය ජංගල් බුක් (Jungle Book) චිත්‍රපටයෙහි කොටස් කියාය. තවත් අය කියන්නේ එය ‘මෝග්ලි’ (Moglie) චිත්‍රපටයට අයත් කොටස් කියාය.
‘සුනිල් ටී.’ යන නාමයට ‘සුනිල් තේ’ කියා උපහාසයෙන් ආමන්ත්‍රණය කරන තරමට මුහුණු පොත තුළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ නම බයිට් එකක් වී ඇත්තේ ඉහත කී සූක්ෂ්ම හොරකම හේතුකොටගෙනය.
‘ඇත්තටම ‘සුනිල් ටි.’ ඒ හොරකම කරලද? ඇත්තටම සුනිල් ටී. ප්‍රනාන්දු කියන්නේ සිංහල සිනමාවට චිත්‍රපට 72ක ප්‍රමාණයක් තිළිණ කිරීමට ඉදිරිපත් වූ ප්‍රකට නිෂ්පාදකවරයෙකි.
එහෙත්, යම් මංකොල්ලයක්, අසාධාරණයක් කර ඇත්නම් දෙවියන් වහන්සේට වුවද දඬුවම් කළ යුතුය. නමුත් ඒ දඬුවමට පළමුව විත්තියට කතා කිරීමට අවසර දිය යුතු හෙයින් ‘මව්රට’ද සුනිල් ටී. ප්‍රනාන්දුට කතා කිරීමට ඉඩක් වෙන්කර දුන්නේ මෙලෙසය.


🔴 මුහුණු පොත පුරා ඔබේ නමට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙලා?
මොකක්ද අනේ මුහුණු පොත කියන්නේ. රස්සාවක්, වැඩක් නැති කොල්ලන්ගේ, කෙල්ලන්ගේ නොහික්මුණු ගති සිතුවිලි ප්‍රකාශයට පත්කරවන එක තමයි වැඩිපුරම මුහුණු පොත හරහා කෙරෙන්නේ. කවුරු හරි හෝ වේවා ප්‍රසිද්ධ මනුස්සයකුට කටකතා හදන්න අපහාස කරන්න ඒ කාලේ අය කැලෑ පත්තර ගැහුවා වගේ අද කාලේ අය කරන්නේ මුහුණු පොත පාවිච්චි කරන එකයි.
🔴 අවංකවම කතා කරමු අපි. ඇත්තටම ඔය මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ?
මොනවා සිද්ධ වෙන්නද? මම චිත්‍රපටයක් හැදුවා. මීට පළමුව කවුරුත් නොකළ ස්ටයිල් එකට ඒක කළා. පොඩි ළමයි වෙනුවෙන් හදපු නිසා ඒකට ‘අපට සැදුණු අපේ ලෝකයේ’ කියලා නම දාලා ප්‍රදර්ශනය කළා. එච්චරයි.
🔴 ඔබ ඩිස්නි සමාගමට අයිති චිත්‍රපටයක් රීමේක් කළා කියලයි කියැවෙන්නේ?
මම එහෙම කළේ නැහැ. ටිකක් හිතලා බලන්න එහෙම දෙයක් කරලා මට ලංකාවේ ඉන්න පුළුවන්ද? චිත්‍රපට ක්ෂේත්‍රයට මුහුණ දෙන්න පුළුවන්ද. මට සමීපව සිටින කලාකරුවන් සමඟ ආයෙ වැඩ කරන්න පුළුවන්ද?
🔴 ඔබ ඔහොම කියන්නේ චිත්‍රපට 72ක් හදපු ලොකු මිනිහෙක් නිසාද?
මම ලොකු මිනිහෙක්ද? පොඩි මිනිහෙක්ද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මම සිංහල සිනමාවට චිත්‍රපට 72ක් දායාද කරල තියෙනවා. විනෝදකාමී ලෙස නිෂ්පාදනය කරපු චිත්‍රපටවලින් චිත්‍රපට සංස්ථාවට ලාබ අරන් දුන්නා. ගුණාත්මක චිත්‍රපට හදලා උසස් කලාකරුවන්ට සම්මාන අරන් දුන්නා.
🔴 එච්චරටම සිනමාවට සේවය කළ නිසා සමාවක් ලැබෙයි කියලා හිතලද ඔබ මේ වරද කළේ?
කවුද වරදක් කළේ. අනික කවුද සමාවක් බලාපොරොත්තු වුණේ. මම කළ වරදකුත් නැහැ. කාගෙන්වත් මම සමාවක් ඉල්ලන්නෙත් නැහැ.
🔴 ඔබ ‘ජංගල් බුක්’ චිත්‍රපටයේ රූපරාමු හොරකම් කළේ නැහැ කියලද කියන්නේ?
නැහැ. ඉතාම වගකීමෙන් කියනවා මම ‘ජංගල් බුක්’ චිත්‍රපටයට අතවත් තිබ්බේ නැහැ.
🔴 එහෙම නම් ඔබ රීමේක් කළේ ‘මෝග්ලි’ ළමා චිත්‍රපටයද?
මොනවද මේ කියන කතා. මම ඔය කියන චිත්‍රපට දෙකෙන් කිසිම රූපරාමුවක් ගත්තේ නැහැ. හැබැයි ඒ ආභාෂය එහෙම පිටින්ම අරගත්තා. ඒ ආභාෂය හරහා ඉන්දියාවෙන් ගෙන්වාගත් විශේෂ ‘ඇප්’ එකක් හරහා තමයි මම ‘අපට සැදුණු අපේ ලෝකයේ’ නිෂ්පාදනය කළේ. ඒ සඳහා මට සහාය වුණේ මමම හදාගත්ත ටීම් වර්ක් එකක ඉන්න තරුණ අධ්‍යක්ෂවරු පිරිසක්.
🔴 ‘ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ’ කියලා තමයි කවුරුත් වාගෙ කියන්නේ?
‘මුහුණු පොත’ වැනි මාධ්‍යයන් හරහා නම් ඒ වාගේ දුම් ඕනෑ තරම් නඟිනවා. ප්‍රවීණයො කියන කීදෙනකුට නිස්කාරණයේ මුහුණු පොත හරහා මඩ ගහලා තියෙනවද? කරන්නට දෙයක් නැති තරුණ කොල්ලන් කිහිපදෙනකු එකතු වෙලා තමයි ඔය වාගේ මඩ ප්‍රහාර දියත් කරවන්නේ. තමාට නැති දේවල් තව කෙනකුට ලැබෙනකොට තමාට කරන්නට බැරි දේ තව කෙනකු කරනකොට මේ පොඩි ගැට කොල්ලන්ට හුඟාක් රිදෙනවා. ඒ රිදවීම හරහා තමයි ඔවුන් මේ වාගේ පහත් වැඩ කරන්නේ. අනික කොපි කිරීමක් කරපු පළමු වැනියා මමද. එක්දහස් නවසිය පනස් ගණන්වල, හැට ගණන්වල ඉඳම කොපි චිත්‍රපට කලාව ආරම්භ වුණා. මේ බොහොම මෑතකදී ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ අමු අමුවේ කොපි කරලා ‘සරිගම’ චිත්‍රපටය කළේ නැද්ද?
🔴 ඔබ කරලා තියෙන්නේ කොපියකට වඩා මංකොල්ලයක් කියලයි හැමෝම කියන්නේ?
ඔය කතා කරන්නේ චිත්‍රපටය බලලා නැති අය. ටේ්‍රලර් එක විතරක් බලලා චිත්‍රපටයකට චෝදනා කරන මෝඩ තරුණ කොල්ලන් රැලක් ගැනයි ඔබ ඔය කතා කරන්නේ. ‘හැමෝම’ කියලා ඔබ හඳුන්වන ඔය නාම විශේෂණයේ ඉන්නේ රැකියාවක්වත් නැති තරුණ කොල්ලො කිහිපදෙනෙක් විතරයි. වැඩක් නැතුවට ඔවුන් ඔය කරන දේවල් ගැන මම අනුකම්පා කරනවා.
🔴 ඔබේ කතාබහ තුළ තියෙන්නේ කලකිරීමක ස්වරූපයක්?
කවුද අනේ ඕවාට කලකිරෙන්නේ. කලකිරෙනවා නෙමේ මට ලොකු සතුටක් දැනෙනවා. මොකද? ඔය ගැටව් පිරිස මගේ චිත්‍රපටයට ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. අද මගේ පළමු දර්ශනය වාර දෙකම හැම තැනකම වාගේ හවුස්ෆුල් වෙලා, සත්තකින් මට පහර ගහපු කොලු ගැටයන්ට මම ස්තුති කරනවා සත පහක්වත් අය නොකර මට දුන්න ප්‍රසිද්ධියට.
🔴 ඔබ ඔය කරන්නේ නක්කලයක්ද?
අයියෝ නැහැ. හීනෙකින්වත් එහෙම හිතුවේ නැහැ. මම කතා කළේ හිත හොඳින් සීරියස්ලියි. මම කැමතියි පොඩි කොල්ලො එක්ක හැප්පෙන්න. මම කැමතියි එයාලට උදව් කරන්න. මහ ලොකු විචාර ලියන ඔය හාදයන්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන හැකියාවක් තියෙනවා නම් මට පුළුවන් ඔවුන්ට අවශ්‍ය පිරිවැය ඒ සඳහා දෙන්න. මම ආරාධනා කරනවා ඔවුන්ට එන්න අපි හොඳ නිර්මාණයක් කරමු. හොඳ කතා වස්තුවක් ගේන්න. ඕනෑම වියදමක් මම දෙන්නම් කියලා නිර්මාණයක් කරගන්න අතේ මුදල් නැතුව අසරණ වෙලා ඉන්න ඔය ළමයින්ට මම කියනවා.
🔴 ඔබ ඔය වගකීමෙන්ද කතා කරන්නේ?
ඔව්. ඔය කමකට නැති තරුණ එවුන් වාගේ මම ඵලක් නැති දේ කියන්නේ නැහැ. මේ අභියෝග කරන්නේ වාචාලකමකට නෙමෙයි. ‘සුනිල් ටී’ ප්‍රනාන්දු කියන්නේ එහෙම මිනිහෙක්.
🔴 අවසාන වශයෙනුත් ඔබ කියන්නේ ‘අපට සැදුණු අපේ ලෝකයේ’ රීමේක් එකක් නෙමෙයි කියලද?
අවසානෙට නෙමෙයි ආරම්භයේ ඉඳලමත් මම අදටත් හෙටටත් කියන්නේ මේක මගේ ‘ටීම් වර්ක් එකක් එක්ක කරපු වැඩක්’. ‘මෝග්ලි’ චිත්‍රපටයේ ආභාෂය ගත්තා එච්චරයි. අනික වැදගත්ම කාරණය අපට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ලැබුණා. ඒ තරම් වගකිවයුතු තනතුරුවල ඉන්නා පුද්ගලයන් අනුමත කළ චිත්‍රපටයකට තමයි මේ ඊයේ පෙරේදා ගැටව් ටිකක් එකතු වෙලා පහර දෙන්නේ. අනික හැමෝම තමන්ගේ චිත්‍රපට නිෂ්පාදන සිනමා හෝල්වලට නොදෙන අවදානමක් රට පුරා තියෙද්දියි මම ‘අපට සැදුණු අපේ ලෝකයේ’ රිලීස් කළේ. ලාබෙකට වඩා මට වුවමනා වුණේ අලුත් තාගේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයාට දෙන්නයි. ඒ නිසා මේක පාඩු වුණත් මට අවුලක් නැහැ.
🔴 හෙට දවසක ඔබට නඩුවක් වැටුණොත් එහෙම?
ඕනෑ නඩුවක් ඕනෑම කෙනකුට දාන්න පුළුවන්. මම බය නැහැ. මට පුළුවනි නඩු කියන්න. කන්දකට බුරන ඔය කට්ටියටත් පුළුවනි මට විරුද්ධව නඩු දාන්න. ඇත්තටම මට ආසයි ඔවුන් සමඟ හැප්පෙන්න. අභියෝග තරම් මම කැමති වෙනත් දෙයක් නැති තරම්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම ෆේල් නෑ: පාස්වෙලා හුඟාක් කල්: දැන් ලැබෙන්නේ බෝනස් මාක්ස් (VIDEO)

Next Post

ෂෝලේ තරුවට සුදු සැරයැටිය අතට ගන්න වෙයිද?

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.