“සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල, ගිරිබාව පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියර පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.
ඊට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ගිරිබාව වේරගල ගම්මානයේදී අරම්භ කෙරුණි.
අනතුරුව මාදුරාගම ක්‍රිඩාපිටියට පැමිණි ජනාධිපතිවරයා ගම්වාසින් සමග සුහද පිළිසඳරක නිරත විය.










