• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ජීවිතේ වැටි වැටි නැඟිට්ටෙ

March 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම ජීවිතේ වැටි වැටි නැඟිට්ටෙ
Share on WhatsAppShare on Facebook

⬤ නාඩගම් නටන කවඩියා තාම නිරෝධායනයේ…

⬤ මුල අමතක වෙන අය ඇති. හැබැයි මේ සංගීත් කවදත් මේ විදියමයි…

මේ දවස්වල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ.’ ටෙලිනාට්‍යයේ මාලන්, සරා, කවඩියා ලෙසට චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් තිදෙනකුට කොරෝනා වැලඳී ඇති බව කටකතාවක් පැතිරී ගියා. ඒ සියලුම ශිල්පීන්ට ඉක්මන් සුවය හදවතින් ප්‍රාර්ථනා කරන අතර ‘කවඩියා’ ලෙසට චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූගේ සුවදුක් විමසා බැලීමට අප අමතක කළේ නැහැ. ඔහු මේ වන විටත් නිරෝධායනය වෙමින් සිටින අතරතුර අප සමඟ කතාබහ කළා.
🔴 ඉතින් කොහොමද සංගීත් ඔබගේ අසනීප තත්ත්වය?
එහෙම ඉතින් කියන්න තරම් ලොකු වෙනසක් මට දැනෙන්නේ නැහැ. වෙනදා වගේම සාමාන්‍ය විදියට ඉන්නවා. වෙනසකට තියෙන්නෙ ඉතින් වෙනම කාමරයක තනියම නිරෝධායනය වෙනවා. එයත් මට වෙනස්ම අත්දැකීමක්. හික්කඩුවේ හෝටලයක තමයි මමයි, සජිත නතර වෙලා ඉන්නේ. මට එහා පැත්තේ කාමරයේ තමයි සජිත ඉන්නේ.
🔴 මුළු ලෝකයම වැලඳගත්ත වෛරසයක් වුණත් ඔබට එය වැලඳී ඇති බව දැනුණු විට මොනවගේ හැඟීමක්ද දැනුණේ?
හරි ඒකත් හැදුණා කියලා හිත හදාගත්තා. මම ලෙඩේට කොහොමත් බයක් තිබුණේ නැහැ. නමුත් ‘පී.සී.ආර්.’ කරලා ප්‍රතිඵල එනකම් හිතේ පුංචි බයක් දැනුණා.
🔴 ‘නාඩගම්’ නටන්න ගිහින් අවසානයේ වුණුදේ නේද?
එහෙම හිතේ කලකිරීමක් නැහැ මගේ. මොකද මම, සජිත, කෝකිල අනෙකුත් ශිල්පීන් සියලුම දෙනා එකතුවෙලා කරපු වැඩක් තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය. ඉතින් රටේ මේ වගේ තත්ත්වයක් තිබෙන බව දැන දැනත් අපි කලාව වෙනුවෙන් කැපවීමක් කළා. කරපු වැඩේ ගැන සතුටු වෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. මම, සජිත, කෝකිල අපි තුන්දෙනා තමයි නිරෝධායනය වෙන්නේ. වෙන කාටවත් එහෙම ප්‍රශ්නයක් නැහැ.
🔴 ඔබ රඟපෑ චරිත අතරින් ‘කවඩියා’ චරිතයට විශේෂ තැනක් හිමිවෙනවා?
මම හිතුවෙත් නැහැ මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මම මෙයට කලින් මෙහෙම චරිතයක් කරලා නැහැ. නළුවෙක් වුණාම ලස්සන චරිත තමයි රඟපාන්නේ. හැබැයි ‘කවඩියා’ ලස්සන නොවුණත් ඔහුගේ කතාවට, ගමන තුළින් මම ‘කවඩියා’ ලස්සන කිරීමට උත්සාහ කළා. සමාජයේ මමත් එක්ක ගැටෙන චරිත කිහිපයක් ආභාෂයට ගනිමින් ‘කවඩියා’ උපරිම ලෙසට කිරීමට මම උත්සාහ කළා.
🔴 ඔබේ ඒ උත්සාහයත් එක්ක මෙවර ඔබත් ජනප්‍රිය නළුවාට නිර්දේශ වෙලා?
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘කවඩියා’ චරිතය නිසා තමයි මම ඒ නිර්දේශ නාම අතරට එකතු වුණේ. මෙයට කලින් කිසිම සම්මාන උළෙලක මගේ නම නිර්දේශිත නම් අතරට එකතුවෙලා නැහැ. ඉතින් එය ගැන මට සතුටුයි.
🔴 වර්තමානයේ ටෙලිනාට්‍යවල ශිල්පීන් කොටුවීමක් අප දැක තිබුණත්, ඔබේ රඟපෑම තුළ වෙනසක් අපිට පෙනෙනවා?
මාව ගොඩදෙනෙක් දැන හඳුන ගත්තේ ‘සල් සපුනා’ ටෙලිනාට්‍ය හරහා. ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට දැනුණා මම ජනප්‍රිය වෙලා කියලා. ඒත් මම එය ගැන හිතන්නේ නැතුව වැඩ කළා. මගේ තිබෙන වාසනාවකට මට විවිධ චරිත ලැබුණා. හරියටම කිවුවොත් මැජික් එකක් වගේ. එකිනෙකට වෙනසක්. ඉතින් ඒ නිසාම මාව එකම චරිතයකට සීමාකර ගැනීමට නොහැකි වුණා. අනෙකුත් ශිල්පීන්ට වුණු දේම මටත් වුණා නම් මගේ දක්‍ෂතාවය තවත් එක තැනකට වෙලා හිරවෙලා තියේවි.
🔴 ගොඩදෙනෙක් උඩට යනකොට එක්තරා රෝගයක් හැදෙනවා?
ඔබ ඔය අහන්නේ මුල අමතක වෙන එක ගැන වෙන්න ඇති. එහෙම පිරිසකුත් ඇති. හැබැයි මේ සංගීත් කවදත් මේ විදියමයි. ජනප්‍රිය වෙනවා කියන එක පහසු දෙයක් නෙවේ. හැබැයි ඒ වගේම ජනප්‍රියතාවය රඳවා ගන්නවා කියන එක එයටත් වඩා බැරෑරුම් වැඩක් කියලයි මම හිතන්නේ. අනෙක එහෙම වෙනස් වුණා කියලා අපිට ලැබෙන දේකුත් නැහැනේ.
🔴 ඔබගේ ජීවිතයට මේ ලැබෙන දේවල් ගැන මොකද හිතෙන්නේ?
මම ජීවිතයේ වැටි වැටී නැඟිටපු කෙනෙක්. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සතුටින් හිනාවෙලා ජීවත් වෙන එක තමයි මගේ අරමුණ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පළිගැනීමේ කොමිසම් වාර්තාවට එරෙහිව නීතීඥ සංගමයේ සභාපතිවරු සටන අරඹයි

Next Post

ආයෙත් ඒවිද පොදු සමනලයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.