• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මල්සරාට වරෙන්තුවක් අරන් රට වටේ යනවා

February 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මල්සරාට වරෙන්තුවක් අරන් රට වටේ යනවා
Share on WhatsAppShare on Facebook

⬤ මොකක්දෝ වාසනාවක් මටම ආරාධනා කරනවා…

⬤ කවුරුත් කියල නෑ මෙගාවල රඟපාන්න එපා කියලා…

ටෙලිනාට්‍ය ගණනාවකටම දරුවන් වෙනුවෙන් තම දහදිය, කඳුළු හෙළපු තවත් උත්තරීතර මවකි ඇය. අප සමාජයේ ජීවත් වන අම්මාවරුන්ගේ චරිත ජීවමාන කිරීම ඉතා පහසු කටයුත්තක් නෙවෙයි. ඇය විටෙක අහිංසකාවියක්. රටම අම්මා ලෙස ආදරයෙන් හඳුන්වන ඇය රංගන ශිල්පිනී පවිත්‍රා වික්‍රමසිංහ.
🔴 ඔබව ටෙලිනාට්‍ය සඳහා නැතුවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වෙලා නේද?
ඔව්… එය ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම වෙහෙසකාරී මේ දවස්වල. සිඳූ, මැටිකඩුළු, අසංවර වැස්ස, රෑනගල වලව්ව, ඉරුදෙනිය, නීල පබළු ටෙලිනාට්‍ය සියල්ලටම මගේ දායකත්ව සපයා දෙනවා. එයට අමතර අලුත් ටෙලිනාට්‍ය, චිත්‍රපට සඳහා රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා මම ගොඩාක් කාර්යබහුල වෙලා. අඩු තරමේ මට ගෙදර ඇවිල්ලා විවේකයක් ගන්න බැහැ. ගෙදරට එන කොට අනෙක් ටෙලිනාට්‍යයෙන් මාව එක්කගෙන යන්න ගෙදරට ඇවිත්.
🔴 ඔබේ මේ තිබෙන කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඒ සඳහා කාලවේලාවන් වෙන්කර ගන්නේ?
ඇත්තටම මට ඒ සඳහා ගොඩදෙනෙක් උදවු කරනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරුන්ගෙන් මට ලැබෙන සහාය කියන්න වචන නැහැ. මාව ටෙලිනාට්‍යයට චරිතයට අත්‍යවශ්‍යම නම් මගේ අනෙකුත් නිර්මාණවලට බාධාවක් නොවන ලෙස ඉතා සැලසුම්සහගතව ඔවුන් කාලවේලාවන් හදලා දෙනවා.
🔴 ඔබ මේ දවස්වල නිරූපණය කරන චරිත එකිනෙකට වෙනස් බවක් අපි දකිනවා. කොහොමද ඒ චරිත සඳහා ඔබේ පෙරසූදානම?
මෙහෙම මම ඉන්න ටෙලිනාට්‍ය ගණනාවක් එක දිගටම විකාශය වන පළමු අවස්ථාව වීමත් සතුටට කරුණක්. ඒ වගේම ඔබ පැවැසූ පරිදි නිරූපණය කරන චරිත වුණත් එකිනෙකට වෙනස්. මට සමාජයේ චරිත සමඟ ගැටීමට කාලය අඩු නිසා මම අධ්‍යක්‍ෂකගෙන් වගේම ටෙලිනාට්‍ය රචකත් සමඟ කතාබහ කරලා චරිතය ගැන පුළුල් අවබෝධයක් අනිවාර්යයෙන් ලබාගන්නවා. එයට ගැළපෙන පරිදි චරිතයට ඔබින විදියට මම ඉරියව් ඉදිරිපත් කරනවා.
🔴 ටෙලිනාට්‍ය සඳහා තිබෙන කාර්යබහුලත්වයත් සමඟ ඔබ සිනමාවට, වේදිකාවට ඔබේ දායකත්වය ගැන කතා කළොත්?
මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට තිබෙනවා. මේ දවස්වලත් අලුත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා වැඩකරගෙන යනවා. හැබැයි වේදිකාවට මම ගොඩාක් කැමැතියි. එහෙත් පුහුණුවීම් කටයුතු සිදුකරන නිසා මට එයට කාලය වෙන් කරවා ගැනීමට අපහසුයි. ඒ නිසා වේදිකාවට මගේ දායකත්වයත් අඩු බවක් තිබෙනවා. ඉදිරියේදී ‘මල්සරාට වරෙන්තුවක්’ වේදිකා නාට්‍ය සමඟ රටවටා යනවා.
🔴 පුංචි තිරයට අම්මාවරුන් අඩු නිසාද ඔබට මේ තරම් ඉල්ලුම?
අපෝ නැහැ. ඕනෑ තරම් ඉන්නවා. අම්මාගේ චරිතයට ගැළපෙන දක්‍ෂ පිරිසක් මේ ක්‍ෂේත්‍රයේ. එහෙත් මොකක්දෝ වාසනාවකට මටම ආරාධනා කරනවා අම්මාගේ චරිතය සඳහා. මට යෑමට බැරි වුණොත් මම දන්න අයව සම්බන්ධ කරලා දෙනවා ඒ නිර්මාණ සඳහා.
🔴 ඔබේ තිබෙන නිහතමානීත්වයත් ඒ වාසනාවට ආභරණයක් වන්නට ඇති ?
ඒ දේ නම් ගොඩදෙනෙක් මට කියනවා. මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න නම් නිහතමානීත්වයත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන සියලුම දෙනා සමඟ ඉතා සුහදශීලීත්වයෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා සියලුම දෙනාගේ ආදරය මට ලැබෙනවා.
🔴 මෙගා ටෙලිනාට්‍ය රඟපෑවා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතලා බැහැනේ. මේ මගේ වෘත්තිය. ඒ නිසා අපේ ආර්ථිකය ගැන හිතලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා. මම රඟපාපු ටෙලිනාට්‍ය ගොඩාක්ම මෙගා ටෙලිනාට්‍ය තමයි. මට එහෙම කවුරුවත් කියලත් නැහැ මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න එපා කියලා. ප්‍රධාන චරිතවල අම්මාගෙ චරිතවලට තමයි මට කතා කරන්නේ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට නැවැත සම්බන්ධ වුණේ ඔබේ හොඳම කාලය මඟහැරලා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ, 87 වර්ෂයේ බන්ධුල විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘අත්ත බිඳෙයි’ ටෙලිනාට්‍ය හරහා. ඉන්පසු කඩුල්ල, ගොළු හදවත, හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. පසුකාලීනව මගේ විවාහයත් සමඟ මම කලාවෙන් ඈත්වෙලා සිටියේ. අවුරුදු දහහතකට පස්සේ තමයි මම චන්න පෙරේරාගේ ‘පුංචි හපන්නු’ ටෙලිනාට්‍යයේ අම්මාගේ චරිතයක් රඟපාලා නැවැත එන්නේ. එදා ඉඳලා මම ඉතින් කලා නිර්මාණ ගොඩකටම අම්මා වුණා.
🔴 එදා තරම් අද සුන්දර නැහැ නේද?
එය ගැන ගොඩාක් දුක හිතෙනවා. අපි ඒ දවස්වල සතුටින්, සැහැල්ලුවෙන් තමයි රඟපෑවේ. ඒත් අද රූපවාහිනි නාලිකා වැඩිවෙලා. එනිසා ටෙලිනාට්‍ය කරන ප්‍රමාණය වැඩිවෙලා. ඒ නිසා අපි හෙම්බත් වෙනවා. මොනවා කරන්නද ඉතින්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආලින්දය රස සාගරයක් කළ ඩබල් ගේම්කාරයා

Next Post

මරික්කාර් නාමල්ට ගහපු ගැහිල්ල (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.