පසුගිය අවස්ථාවක පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩකයන්ට ගෙවන දෛනික දීමනාව හෙවත් ‘පර්ඩියම්’ එක සම්බන්ධයෙන් කළ කතාවකට පිළිතුරු දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා නාමල් රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළ කළේය.
එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා විභාගය නොලියා නීතීඥවරයකු වූ බවකි.
නමුත් මරික්කාර් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩි විරෝධය පළ කළ අතර එම ප්‍රකාශය ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.










