• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දුම්බර පෙතේ සේරු රජදහන

February 24, 2021
in Holiday
Reading Time: 3 mins read
A A
දුම්බර පෙතේ සේරු රජදහන
Share on WhatsAppShare on Facebook

දුම්බර මිටියාවත නිවහන කරගත් මිනිස් පහසින් නොයිදුල් වූ කදුපන්ති මිටියාවත් දියඇලි සොයා ගිය අප ගමනේ මීලග නැවතුම ලෙස මෑතකදී ජනාකර්ෂණය වූ සේර ඇල්ල නැරඹීමට යොදාගත්තෙමු. මාතලේ රත්තොට පිටවල පතන හරහා ජනශුන්‍ය මිහිදුමෙන් වැසුනු වනගොමු මැදින් දිවෙන මාර්ගයේ අඩියක් දෙකක් පමනක් ඉදිරිය දකිමින් සේර ඇල්ලට ගිය ගමන මනරම්ය.

උදෑසන 7ට පමන මාතලේ නගරයට පැමින අමිලගේ යතුරු පැදියෙන් මමත් ලහිරුත් ගමන ආරම්භ කලේ සිහින් වැහි පොදක් හමුවේය. රත්තොට නගරයෙන් උදෑසන ආහාරය ගෙන රිවස්ටන් කුලුන අසලට සෙමින් සෙමින් පරිසරයේ මිහිදුම අතරින් හෝරා දෙකකට පමන පසුව අපි පැමිනියෙමු. දැඩි මිහිදුම පහව යන සේයාවක්වත් නොපෙනුන නිසා රිවස්ටන් කුලුන අසල නොරැදී පිටවල පතන බලා නැවත ගමන් ඇරඹුවෙමු.

කොරෝනා වසංගතය නිසාවෙන් වෙනදාට විශාල වශයෙන් සංචාරකයන් රැදෙන පිටවල පතන හිස් ස්වභාවයක් ගෙන තිබුනි. ප්‍රවේශපත් කවුලුවෙන් අවසරපත් ලබාගෙන හෝරා එකහමාරක් පමන පතනෙහිද, කුඩා ලෝකාන්තයේද, වඩා උස් නොවූ පතනට ආවේණික වූ රුක්වියන් ගොමු අතර සංචාරයක අප නිරතවුනෙමු. මිහිදුම් සේලය ස්වල්ප වේලාවකට පහව යාමත්, නැවත ක්ශනිකව පැමිනීමත් වලාකුලු වනාන්තරය ස්වභාවය පෙන්නුම් කෙරිනි. ගමන චිත්තාකර්ෂණීය වුවද ස්වයං ආරක්ශාව හා ප්‍රවේශම් සහගත වීම කාලගුණික තත්ත්වය මෙන්ම වනසතුන්ගෙන් ආරක්ශා වීමට හේතුවේ.

පිටවල පතනට සමුදී තවත් කිලෝමීටර් 15 කට නොවැඩි වනගත මාර්ගයේ ගමන් කිරීමෙන් අනතුරුව ලංකාවේ වඩාත් ආකර්ශනීය බවකින් යුතු පලල්ව ඇද හැලෙන සේර ඇල්ලට පිවිසිය හැක. වර්ශා කාලයක වඩාත් සුන්දරව දර්ශනය වන ඇල්ලේ පැතීරීම පුලුල්ය. තෙල්ගමු ඔයෙන් පෝෂණය වන මීටර 10ක් පමණ උසැති ගල් තලාවකින් තටාකයකට ඇද වැටෙනා සේර ඇල්ල අතීතයේ සිට සේරුන්ගේ නිජ බිමක් ලෙස පැවතිබවට ජනවහරේ කියැවේ. වැසි නොමැති කල්හි දෙකොටසකට ඇදහැලුනද, වැස්සෙන් සරුවන ඇල්ල මීටර විස්සක් පමන පුලුල්ව චන්ඩව විහිදේ. නොවැම්බරයේ සිට මාර්තු දක්වා වන දුම්බර වැසි සමයේ වඩා ආකර්ශනීයව ඇල්ල දිස්වනු ලැබේ.

ඇල්ලේ වඩාත්ම සිත්ගන්නා කාරනය වනුයේ ඇල්ල පිටුපස ගුහාවයි. සංචාරකයන් ඕනැම දුරක සිට ඇල්ල වෙත පැමීනීමට හේතුව ලෙසද එය දැක්විය හැක. මාතලේ දිස්ත්‍රික්කයේ පොත්තවෙල ග්‍රාමයේ පිහිටන සේර ඇල්ල සොබාදම් ලෝලියකුට තෝතැන්නක් වනවා නොඅනුමානය.
වනඇලි වනසතුන්ගෙන් නිවහන වන දුම්බර වනපෙත අනාගත පරම්පරාවටද රැකගනිමින් ගමන් කිරීමට සංචාරකයන් වගබලා ගතයුතුවේ.
අකිල දහනායක

SendShareShare
Previous Post

ලංකාවේ භූමදාන ප්‍රශ්නය OIC මහලේකම් ජිනීවා අරන් යයි

Next Post

බදුල්ල රෝහලේ වැඩ වර්ජනයක්: වැඩ ටික කරන්න හමුදාවෙන් 50ක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.