• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැණි කුරුල්ලනේ… නිල් කොබෙයියනේ… ගිය තැනකින් වරෙල්ල‌ා… පැණි ධම්මික හොයල්ලා…

February 23, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
පැණි කුරුල්ලනේ… නිල් කොබෙයියනේ… ගිය තැනකින් වරෙල්ල‌ා… පැණි ධම්මික හොයල්ලා…
Share on WhatsAppShare on Facebook

මරණයට බිය නොවන්න. මරණය පැමිණි කල ඔබ ළඟින් වැතිරුණු සුරූපිනියක සමග සයනය කරන්නේ යැයි සිතා මරණය වැලඳ ගන්න.
Don’t fear the death, if it comes embrace it as if you are lying down next to a beautiful woman.

ඔය කියමන කවුරුන් විසින් කවුරුනට කියන ලද්දක් දැයි යන්න හෝ කවර පොතක හෝ පතක හෝ තිබී ලියා ගන්නා ලද්දක් දැයි යන්න හෝ මට කිව නොහැකි වුවත් මවිසින් රැස් කරනු ලබන වැදගත් කියමන් ගොන්නේ ඇති බව නම් සැබැවි.

අගනුවර රාජකාරි කරන්නන්ට මෙන්ම සේවා සපයන උදවියටද අවුරුදු උත්සවය ගතවී දින දෙක තුනක් ගතවන තුරුත් ගෙදරින් කෑම පාර්සලේ නො ගෙනියන්නේ නම් ඉන්න වෙන්නේ කුස ගින්නේය. ඒ කොළඹ වැඩි වශයෙන්ම චීනයේවත් නැති තරම් ඇති චෛනීස් හෝටල් සියල්ල ම පවා වැසී යන අන්දමින් සෑම දෙනාම පාහේ ගාල්ල මාතර පැත්තේ ගම්බිම් බලා යන හෙයිනි.

ඔය ටික කියන්නට සිදු වූයේ දැන් කොරෝනා වෛරසයත් සමග අප ජීවත්වීමට හුරුපුරුදු විය යුත්තේත් ඔන්න ඔය අන්දමට අනුගත වෙමිනි.

ළිපේ හාල් හුණ්ඩුව (අපේ කාලේ හාල් මැන්නේ හුණ්ඩුවෙන් වුවත් දැන් කිලෝය) රත්කර ගන්නට ගෙදරම සිටම නො හැකි බැවිනි. ඒ නිසා රැකියාව වෙනුවෙන් යනෙන කළ මග තොටේ බස් රියේ දුම්රියේ ඔය කවර තැනකින් හෝ අප කරා එන කොරා්නාවට මුහුණ දිය යුතුව ඇත. ඒ අනුව අප කොරා්නාව ගැන සැලකිය යුත්තේ අපට සයනය කරන්නට සිදුවන සුරූපිනිය සේය.

කෙරෝනා වෛරසයද චෛනීස් හෝටල් වගේය.

චෛනීස් හෝටල් අපේ රටට ආවේ චීනෙනි. ලෝකය පුරා පැතිර ගියේ ද චීනයෙනි. මට මතක හැටියට හැට හැත්තැ ගණන්වල කොළඹ කොටුවේ තිබුණු “නෙක්ටා” හෝටලේ කොයි වෙලාවෙත් “හවුස් ෆුල්”ය. (දෙවැනි වූයේ ඕල්කොට් මාවතේ තිබුණු “ආනන්ද භවාන්” එකට හෝ “ලක්‍ෂ්මී භවාන්” එකට පමණ).

එසේම චීනයේ වුහාන් නගරයෙන් ඇරඹි කොරා්නා වෛරසයද දැන් චීනයේ නැත. එහෙත් අපේ රටේ නම් තවත් පැතිරෙයි. ලෝකය පුරාම වාන් දමමින් පැටව් දමමින් පැතිරෙයි.

කොරෝනාවට මුණුපුරෝ පමණක් නොව මී මුණුබුරෝද සිටින්නා සේය. එක එක රටවලින් දෙවැනි රැල්ල තුන් වැනි රැල්ල ආදි වශයෙන් ප්‍රභේද ඇතිවන්නේ එහෙයිනි. දැන් දැන් අපේ රටටත් කොරා්නා රැලි ඇවිත් තිබේ.

රැලි පමණක් නොව, සුලිද (දිය) වැල්ද පැමිණ තිබේ. මරණ සංඛ්‍යාව හාරසියය (400) ඉක්මවා ගොසිණි. (එපමණකින් නවතියිද?) හැත්තෑ දහස (70,000) ඉක්ම වූ ආසාදිතයින් තවත් වර්ධනය නොවේ වායි අප ඉත සිතින් පතමු.

සාමාන්‍ය ජනතාව ගැන කෙසේ වෙතත් අපේ රටේ මැති ඇමැතිවරුන්ටත් කොරා්නා හැදුණේය. දයාසිරි ජයසේකර වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ටත් විපක්‍ෂයේ රාවුෆ්හකීම් මහතාටත් කොරෝනා වැලඳී තිබිණි. (සෞඛ්‍ය ඇමැතිනියටත් කොරා්නා වැලඳුණේ නම් සෙසු අය ගැන කවර කතාද?)

ඉතාම කනගාටුවෙන් වුවද කිවයුත්තේ දේශපාලනඥභාවය කෙසේ වෙතත් සිංහල භාෂාව ඇතුළු භාෂා ගණනාවක ප්‍රාඥයකු වූද (හෙළ හවුලේ පතාක යෝධයකුවූ) වි.ජ.මු. ලොකුබණ්ඩාර යන මහා පඬිවරයා අපට අහිමිවිය.
දේශපාලනඥයකු එමෙන්ම මහත් බාධක මැද්දේ වුවද යතීන්ද්‍ර ඛීලයක් සේ නො සැලී රටට මහත් මෙහෙවරක් කළ fදාස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා අපට අහිමි වූයේද කොරා්නා මාරයා නිසාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යුද හමුදාවේ සහ සෙසු ආයතන ගණනාවක කැපවීම නිසා කොරෝනා වෛරස ආරම්භක සමයේම ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක්වන අන්දමින් මර්දනය කරනු ලැබිණි. (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශාල මෙහෙයක් කළේය) කවුරු මොනවා කීවද මධ්‍යස්ත මතධාරී ප්‍රජාවගේ ගෞරවාදරයට ශීර්ෂ ප්‍රණාමයට එය හේතුවක්ම වූවේය. මහජනයා අතර වෙසෙන මාධ්‍යවේදීන් වන අපට එය හොඳාකාරවම ප්‍රත්‍යක්‍ෂ වූවේය.

මහ සයුර මැද කොල්ලෑව බිඳුණු ඔරුවක් මෙන් (අතීතයේ, වර්තමානයේ බහුදින යාත්‍රා තිබේ) කප්පිත්තකු නැති නෞකාවක් මෙන් කොරෝනාවෙන් රට නන්නත්තාර වූයේ අමනෝඥ මාධ්‍ය ආයතන සහ දේශපාලනඥයන් කීප දෙනකු නිසා බව කෑගල්ල ප්‍රදේශයේ බොහෝ පිරිස් විස්තර කළහ.

කිරිබත්ගොඩ මාළු වෙළෙඳ සලේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකුරු මෙන් කෑගල්ලේ, හෙට්ටිමුල්ලෙන්ද පැණි පොකුරක් නිර්මාණය වී තිබේ. ඇත්ත වශයෙන්ම හෙට්ටිමුල්ලේ බිහිවීම හැඳින්විය යුත්තේ පොකුරක් වශයෙන් නොව “වල්ලක්” වශයෙනි.

(පොකුරක ඇත්තේ සීමිත ප්‍රමණයකි. එහෙත් වල්ලක ප්‍රමාණය ඊට වැඩිය)

පැණියේ වටිනාකම හාස්කම ගැන මාධ්‍යවලින් අටුවා ටීකා ටිප්පණි චූර්ණිකා තොරතෝංචියක් නැතිව ජනගතකෙරිණි. ඒවාට අණක්ගුණක් නොවිණි. වඳුරාට දැළිපිහිය අසුවූවාක් මෙනි. වලිගෙ වනමින් හනුමන්තා රට ගිනි තිබ්බාක් මෙනි. උදේ සිට සවස හිරු බහින තුරම නැතහොත් මහපොළොව දෙරණ ගුගුරන තුරුම ගුණ වැනුණේ දේශපාලන හයියද නො අඩුව තිබූ හෙයිනි.

සෞඛ්‍ය ඇමැතිවරිය, කතානායකතුමා පැණි උරන (බොන) හැටි මහජනයා දැැස් දල්වා බලා උන්හ.

අන්තිමේදී පැණිය අලෙවි කෙරෙන බව නිවේදනය කෙරුණු වහාම පසුදා උදේම කුකුළා කිහිල්ලේ තියා ගෙනම මරබියෙන් තැතිගෙන සිටි මිනිස්සු රොදබැඳ, ගෙන ආවෝය. මුල් දින පැමිණි පිරිස දහ පහළොස් දහසකි. දිවයිනේ හතර දිග් භාගයෙන්ම පැමිණි මේ පිරිසේ ඒකායන අරමුණ තම අඹු දරුවන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් පැණි බෝතලයක් ගැනීම විනා වෙන දෙයක් නොවිනි. (ඒ මනුෂ්‍ය ස්වභාවය බැවින් ඒ ගැන ඔවුනට කිසිදු fදාසක් කිව නොහැකිය) කෙසේ වෙතත් ඒ පැමිණි පිරිස් පාලනය කළ නො හැකි වූ අතර ඒ සඳහා ක්‍රමවේදයක්ද නොතිබිණි.
වෙදමහත්තයාගෙ අණසක නිසා සෞඛ්‍ය පරීක්‍ෂකවරු මුළු ගැන්වී උන්හ. පොලිසියද අසරණ විය.

පැණිය ගැනීමට පැමිණි පිරිස අතර ආසාදිතයන් නොසිටියා යැයි කියන්නට කිසිම කෙනකුට නො හැකිවිය. ලැබෙන තොරතුරු අනුව පැමිණි බොහෝ දෙනා අතර නිවසේ සිටි ආසාදිතයන් වෙනුවෙන් පැණිය ගෙනයාමට පැමිණි උදවිය බොහෝ වූහ. එසේම පැමිණ සිටි බොහෝදෙනා ආසාදිතයන් ආශ්‍රිතයෝය. ඒ සියල්ලෝම ලංකාවේ සෑම පළාතකින්ම පැමිණියාහු වෙත්.

ඒ හේතු නිසා දැන් රැල්ල නවත්වා ගත නොහැකි ව තිබේ.

පෙරදී නොකඩවා විස්තර කී පැණියේ වර්තමාන තත්ත්වය ගැන දැන ගැනීමට හෙට්ටිමුල්ල පැත්තේ පසුගිය දිනෙක රවුමක් ගැසූ කල අසන්නට ලැබුණු දේ එසේය.

පෙරදී හෙට්ටිමුල්ල, අඹවල, උඩුමාගම ප්‍රදේශයේ තිබූ පැණි මධ්‍යස්ථානය දැන් ඒ ප්‍රදේශයේ නැත. කොළඹ නුවර මහාමාර්ගයේ නෙළුම්දෙණිය, තෝලංගමුව, උඩුකුඹුර ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත. පැණි ගන්න නම් පෙර පරිද්දෙන් පිරිස් නො එන්නාහ. දිනකට දෙතුන් දෙනකු එන බව අසල් වැසි මගේ හිතවත්තු කීහ.

ඒ දිනවල කෝකටත් තෛලය වූ පැණිය ගැන දැන් මාධ්‍ය මගින් “නෝ කතාය. නෝ සිනාය” පැරණි සාහිත්‍යයේ කී අන්දමට පාෂාණ මස්තකයේ පැහැරූ බිඩාලයන් සේය.

දැන් කොරා්නාවට එකම පිළිසරණ එන්නතය. එමගින් හෝ මහජනයාට සෙතක් වන්නේ නම් එය අපේ වාසනාවය. පැණිය පානය කළත් ඉන් පසු අවස්ථාවක කොරෝනා ආසාදනයවී සුවය ලද සෞඛ්‍ය ඇමැතිවරියටත්, එසේම ස්වයං නිරෝධානයට පාත්‍රව සුවය ලද අපේ කතානායක තුමාටත් දේවාශීර්වාදය පතමු.

සෑම කළු වළාවකම රිදීරේඛාවක් ඇත්තේ යැයි ප්‍රස්තා පිරුළක් ඇත. ඇමැතිවරියත් කතානායකතුමාත් කොරෝනා සම්බන්ධයෙන් අත්දුටු සිද්ධීන් සමාජ ගතවීමෙන් මහජනයා අතර පැණිය ගැන කිසියම් ප්‍රමාණයක යහපත් මතයක් ඇතිවී තිබේ. ඒ එම පැණියෙන් කොරෝනා රෝගය සුව නොවන බවයි. එසේ නොවන්නට මහජනයා තවමත් මුළාවී කටයුතු කිරීමට ඉඩ තිබිණි. ඒ පළමු වැන්නය.

දෙවැන්න “කොන්ත නෝනගෙ කාරණේ කොන්ත නෝනට ඕනෑ හැටියට” යන කියමන සේ අපේ ඇතැම් මාධ්‍යයද කටයුතු කරන්නේ කොන්ත නෝනගෙ කාරණේ වගේය යන්න මහජනයා තේරුම් ගැනීමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

‘මව්රට’ හෙළිදරව්වෙන් පසු ශිෂ්‍යත්වය පාස් වී පස් අදින පැංචාට හතර වටෙන් උදව්

Next Post

පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී: එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන් EXCLUSIVE

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.