පසුගිය ජනවාරි පළමුවැනිදා අප “මව්රට” පුවත්පත මගින් වරල්ල දෙණියාය ප්‍රදේශයේදි දිළිඳු දරුවෙකුට උපකාර කිරීමට ඉල්ලා ලිපියක් පළකළා. ඒ අනේක දුක් කම්කටොලු අගහිඟකම් විඳිමින් පසුගියදා පැවති 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 141ක් ලබාගත් දෙණියාය වරල්ල පිල්ලහේන වතුයායේ දිනේෂ් කුමාර් කණකරාජා නැමැති දමිළ දරුවා සහ ඒ පවුල පිළිබඳවයි. ඒ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තියක් නොමැති බව අප මව්රට පුවත්පත මගින් හෙළි කිරීමට කටයුතු කළා.
ඒහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ පිරිසක් මේ දිළිඳු දරුවාට පාසල් යාමට උපකාර කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ උපකාරවලින් පසුව දරුවා පසුගිය දහඅට වැනිදා වරල්ල M.D යාපා මහා විද්‍යාලයේ හය ශ්‍රේණියට ඇතුළත් වීමට හැකි වී තිබෙන බව මේ දරුවාගේ මව විසින් අප පුවත්පතට කතාකර ස්තුති කර සිටියා. ඇය කියා සිටියේ පිටරට සේවය කරන මහත්මියක් කතාකර ඇගේ ගිණුමට රුපියල් 12000ක මුදලක් තැන්පත් කළ බවයි.
ඊට අමතරව දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් පොත් සහ උපකරණ Task Force for Child and youth Development of Sri Lanka සංවිධානය සහ පුද්ගලයින් කිහිප දෙනකු විසින් ලබාදුන් බවයි. මේ දරුවා වෙනුවෙන් උදව් උපකාර කළ, ඒ සද්කාර්ය වෙනුවෙන් උරදුන් සියලුරෑම දෙනාට මව්රට පුවත්පතේ කෘතවේදිත්වය පළකර සිටිනවා.
මේ දිළිඳු පවුල වෙනුවෙන් තවදුරටත් ශක්තියක් වන්නට හැකිනම් එය මහත්පල, මහානිසංස ක්‍රියාවක්. ඒ දිළිඳු පවුල වෙනුවෙන් උපකාර කරනවා නම් අතරමැදි වංචාකාරයින්ට හසුනොවි ඒ දරුවාගේ මව වෙතම උපකාර කිරීමට කටයුතු සලස්වන්නට කාරුණික වන්න.
( මවගේ නම – අලගර්සාමි කමලා දු.ක අංකය 071-1151447/ 0741406605 ලිපිනය :- පිල්ලහේනවත්ත, වරල්ල, දෙණියාය
(බැංකු ගිණුමේ විස්තරය – ලංකා බැංකුව, අකුරැස්ස ශාඛාව ගිණුම් අංකය – 86968846 )
නිලන්ති රේණුකා