• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී: එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන් EXCLUSIVE

February 23, 2021
in CID, Exclusive
Reading Time: 2 mins read
A A
පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී: එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන් EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පානදුරේදී මහා දවාලයේ ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෑතකදී මෙරට සිදුවුණු පාතාලයේ බිහිසුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. බියක් සැකක් නොමැතිව මහා දවාලයේ ධිවර කාර්මිකයාට වෙඩි තබා ටී 56 ගිනි අවියද රැගෙන ඔවුන් පළායන්නේ නීතියට පවා යම් අභියෝගයක් කරමිනි. පොලීසිය සමග සෙල්ලම් කරමින් වෙඩි තැබූ ගිනි අවිය වෙනුවට වෙනත් අවියක් පානදුරේ සුසාන භුමියක දමා සැබෑ යතුරු පැදිය වෙනුවට සොරාගත් යතුරු පැදියක් බොල්ගොඩ ගඟට දමා පොලිසියට ඔත්තු දෙමින් ඔවුන් ලොකු සෙල්ලමක් පසුගිය සති කිහිපය තුළම දැම්මේය. ඒ ගැන මෙම තීරුව මගින් විටෙන් විට හෙළිදරව් කිහිපයක්ම කළේය.

පානදුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් කළ පරීක්ෂණවලට නිරන්තරයෙන් ඇඟිලි ගසමින් එම විමර්ශනවලට බාධාකරමින් පොලිස් ලොක්කෙක් ඒ හැම විටම කියා තිබුණේ වෙඩික්කරු සහ යතුරු පැදිකරු අද හෙටම භාරවෙන බවය. ගිනි අවිය සහ යතුරු පැදිය අපරාධකරුවන් විසින් එම අපරාධයට යොදාගත් එක බව කියා පොලීසිය භාර ඇමතිවරයාව පවා මේ නිලධාරීන් ඇන්දවිය. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඇමතිවරයා පවා එම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් හෙළිකරගෙන ඇති බවත්, අපරාධයට යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය සොයාගත් බවත් පොලීසිය ගැන ආඩම්බරයෙන් කියන්නට වූයේ එබැවිනි. පොලීසිය තමාව අන්දවා ඇති බවක් ඇමතිවරයා අදටත් දන්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඇමතිවරයා එම ප්‍රකාශය කරන විට වෙඩික්කරුත්, යතුරු පැදිකරුත් රටේත් නැති බැවිනි.

වෙඩික්කරු පැන ගන්නේ ඉන්දියාවටය. ඒ බෝට්ටුවක නැගීය. යතුරු පැදිකරු පැන යන්නේ ඩුබායි වෙතය. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක නැගී ඉකුත් 10 වෙනිදා අලුයම් කාලයේදීය.

හපුආරච්චිගේ දොන් පියුම් හස්තක නැමැති එම යතුරුපැදිකරු 1998 වසරේ නොවැම්බර් 27 වෙනිදා කළුබෝවිලදී උපන් අයෙකි. ඔහුගේ පදිංචි ලිපිනය ලෙස සැලකෙන්නේ පානදුර අළුබෝමුල්ලේ අරුක්ගොඩ, කමරදූවයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවට හඳුනාගෙන ඇති ඔහු ඩුබායි බලා යන්නේ ඊට දින කිහිපයකට පෙර ඔහුගේම ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ඔහුගේ නමින්ම එක්දින සේවය යටතේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඒ සංචාරක වීසාවක් යටතේය.

ධීවර ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රටින් එසේ යන්නට ඉඩ දුන් පිරිස් එය වසා ගැනීමට ලකුණු දා ගන්නේ එම ඝාතනයට ඝෘජු සම්බන්ධකමක් නොමැති වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ඉන්න හිටින්නට සහ කන්න බොන්න දුන් බව කියන කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනිමිනි. ඊට මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් පවා ලබාදෙන්නේ ඇමතිවරයාව ඉදිරියට දමාය.

පොලීසිය ඇමතිවරයාව මේ ආකාරයට රැවටීමකට ලක්කළ පළමු අවස්ථාව වන්නේ මෙය නොවේ. වරක් ඔහුව රවටන්නේ මෙම වසර තුළ පමණක් පොලීසියේ 20000ක් පමණ විශ්‍රාම යන බවට අලි බොරැවක් අතාරිමිනි. පොලිසීයේ පිරිස් පාලන අංශයේ වාර්තාවන්ට අනුව මෙම වසරේ විශ්‍රාම යන්නට සිටින්නේ සැබෑ ලෙසම නිලධාරීන් 1424 දෙනෙක් පමණි. ලබන වසරේ විශ්‍රාම යන්නට නියමිතව සිටින්නේ 1742 දෙදෙනෙක් පමණි. මේ අකාරයට 2028 වසර දක්වා නිලධාරීන්ගේ සංඛ්‍යාව එකතු කළත් පොලීසියේ විශ්‍රාම යන්නේ නිලධාරීන් 18096 දෙනෙක් පමණි. 2029 දී පමණක් විශ්‍රාම ගැනීමට සිටින නිලධාරීන්ගේ ගණන 3070 කි. මේ දත්තයන්වලට අනුව පොලීසිය ඇමතිවරයාව රවටා ඇති තරම සිතා ගන්නට පුළුවනි.

එහෙත් ඒ ගැන නොදත් ඇමතිවරයා පොලීසියේ බොරුව ඇත්තක් යැයි සිතා මාධ්‍ය හමුවේ පවා පැවැසුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමෙන් පොලීසිය දැඩි අසීරුතාවකට පත්වන්නට ඉඩ ඇති බවට අනතුරු ඇගයීමක්ද කරමින් බඳවා ගැනීම් වේගවත් කරන බව කියමිනි.

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ අසූ දහසකට අඩුවෙනි. මෙම නිලධාරීන්ගෙන් හතළිස් සහසක් පමණ පිරිසක් ප්‍රභූ ආරක්ෂාවේ නිරත වන බවට පවා ලොකු බොරුවක් ඇමතිවරයාට පොලිස් ලොක්කන් ඇද බා තිබුණේය. ඇමතිවරයාත් ඒ සංඛ්‍යා දත්ත විශ්වාස කරමින් ප්‍රභු ආරක්ෂාවට සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදා පොලීසියේ රාජකාරියට පොලිස් නිලධාරීන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය. එහෙත් ඒ සංඛ්‍යා දත්ත කොතරම් නිවැරදිදැයි පොලීසිය තුළම මේ වන විට පවතින්නේ දැඩි කථාබහකි. ඒ ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ සැබෑ ලෙසම නිරතව සිටින්නේ ඒ කියූ ගණනින් අඩකටත් අඩු නිලධාරීන් පිරිසක් වන බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පැණි කුරුල්ලනේ… නිල් කොබෙයියනේ… ගිය තැනකින් වරෙල්ල‌ා… පැණි ධම්මික හොයල්ලා…

Next Post

බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ: පොහොට්ටුවේ ලේකම්ගෙන් යළි ප්‍රහාරයක්

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper