• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඡන්ද දිනවන කේන්දරේ පිහිටීම

February 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ඡන්ද දිනවන කේන්දරේ පිහිටීම
Share on WhatsAppShare on Facebook

ඡන්දයක් දිනල ජනතා නායකයෙක් වෙන්න හැමෝටම බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕනෑ. හැබැයි වාසනාව කියන එකත් උපතින්ම අරගෙන ආවොත් තමයි වඩාත් සුබ වෙන්නේ. ඉතින් ඒ වාසනාව අවාසනාව ලියැවෙන කේන්දරේ මේ ගැනත් ලියැවිලා තියෙනවා. ඒවා විවිධාකාරයෙන් හඳුන්වන්නත් පුළුවන්. හැබැයි ඉතින් කේන්දරයක් තුළ ජන බලය ලබාගෙන ජන නායකයකු වන යෝග තිබුණා කියලා හැමෝටම ඡන්දයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් නැහැනේ. මුදල් යහමින් තිබෙනවා නම්, දේශපාලන බලය ලබාගන්න ඕනෑකමකුත් තියෙනවා නම් කේන්දරයත් බලවත් නම් ඡන්දයකට ඉදිරිපත් වෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් සමහරු ඉන්නවා අතේ ලොකු මුදලක් නැහැ. ජනතාව අතර වැඩ කරලා ලබාගත් අත්දැකීම් තියෙනවා.
කේන්දරයත් බලවත්. මෙන්න මෙහෙම අය සමහර විට ඡන්දයකදී වැඩි ඡන්ද ලබාගන්නවා. සමහරු මුදල් තිබෙන නිසා ඡන්දයට ගිහිල්ලා විශාල මුදලක් වියදම් කරලාත් ඡන්දය දිනාගන්න බැරි වුණු අවස්ථා ගැන පසුගිය මැතිවරණවලින් අපට දැනගන්න ලැබුණා.

ඔබගේ ජන්ම පත්‍රය තුළ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන ප්‍රධාන ග්‍රහයන් නව දෙනකු ගැන සඳහන් වෙන බව ඔබ දන්නවා. මේ අතරින් රවි ග්‍රහ මණ්ඩලයේ රජු ලෙස සලකනවා. කේන්දරය තුළ රාජකීයත්වය නියෝජනය කරන රවි බලවත්ව සිටීමෙන් කේන්දර හිමියාට කිසියම් රාජකීය බලයක් ලබා ගන්න පුළුවන්. ඉදිරියේදී දේශපාලන මගේ ගමන් කරන්න හෝ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාගන්න හෝ රජයට සම්බන්ධ කොන්ත්‍රාත් වැඩ හෝ දැනට රජයේ හරි දේශපාලනයේ හරි ඉන්න ඔබ, තව තවත් ඉදිරියට යන්න හරි හිතා ඉන්නවා නම් මුලින්ම බලන්න කේන්දරයේ රවීගේ බලය.

රවි, මේෂ රාශිය තුළදී උච්ච බලයක් ලබාගන්නවා. එයිනුත් මේෂ රාශියේ අංශක 10දී තමයි වැඩිම බලය රවිට ලැබෙන්නේ. ඒ වගේම රවි, තුලා රාශිය තුළදී නීච වන අතර, තුලාවේ 10 වැනි අංශකයේදී පරම නීච තත්ත්වයකට පත්වෙනවා. ඔබ උපන් වෙලාවේ ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් කුමන රාශියේ, කුමන අංශකයන් පසුකරමින් සිටියාද යන්න ඉතාමත් වැදගත්. සමහර ජන්ම පත්‍රවල ජන්මියා උපන් අවස්ථාවේ ග්‍රහයන්ගේ අංශක ගණන් ලකුණු කර තිබුණද එහෙම නැති ජන්ම පත්‍රත් හමු වෙනවා. එහෙම අවස්ථාවලදී ඔබ උපන් දිනට අදාළ පංචාංග ලිතක් පරීක්‍ෂා කර බැලීමෙන් ඔබට ඔබ උපන් වේලාවේ ග්‍රහයන්ගේ අංශක ගණන දැනගන්න පුළුවන්.
පරාශර ඍෂිතුමාට අනුව රවි ග්‍රහයා බලවත්ව සිටින අවස්ථාවක ඉපදුණොත් එයා රජෙකු බඳු බලවතකු වන බවද එහෙම නැත්නම් මහා ධනවතකු වන බවද සඳහන්. නමුත් යමෙක් උපදින අවස්ථාවේ රවි, තුලා රාශියේ හරි තුලා නවාංශකයේ හරි අංශක 10 පසුකරමින් සිටියේ නම් එම ජන්ම පත්‍රයේ තිබෙන අනෙකුත් සියලුම බලවත් යෝග භංග වන බවද සඳහන් වෙනවා.
මෙන්න මේ වගේ තැන් ගැන ඔබ ඡන්දය ඉල්ලන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද වෙනත් දේශපාලන යෝග කිහිපයක් දිහා බලලා දිනන්න පුළුවන් කියලා හිතාගෙන විශාල මුදලක් වියදම් කරලත් අන්තිමට ඡන්ද ගණන් කළාම පරාද වෙලා.

ග්‍රහයකුගේ ආරෝහණ ගමන ගැනත් අවරෝහණ ගමන ගැනත් අපි ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ආරෝහණ කියන්නේ නැඟී යන කියන අර්ථය බවත් අවරෝහණ කියන්නේ බැස යන කියන අර්ථය බවත් අපි දන්නවා. ග්‍රහයෙක් තම නීච රාශියේ සිට උච්ච රාශිය බලා යන ගමන ආරෝහණ ගමන ලෙසද, තම උච්ච රාශියේ සිට නීච රාශිය දක්වා බලය අඩුවෙමින් යන ගමන අවරෝහණ ගමන ලෙසද හඳුන්වනවා. රවි, මේෂ රාශියේදී උච්ච වෙනවානේ. ඉතින් ඔබේ කේන්දරයේ රවි ඉන්නේ වෘෂභ, මිථුන, කටක, සිංහ කන්‍යා කියන රාශිවලින් එකක නම් එයා අවරෝහණ රවි ඔබගේ ජන්ම පත්‍රයේ රවි ඉන්නේ වෘශ්චික, ධනු මකර, කුම්භ, මීන යන රාශියක නම් එයා ආරෝහණ රවි, සිංහ රාශිය රවිට අයිති නිසා සිංහ රාශිය තුළදී රවි ස්වක්‍ෂේත්‍ර බලය ලබා ගන්නවා. රවි නීච වන්නේ තුලා රාශියේදී.

කෙනකුගේ කේන්දරයේ ආරෝහණ රවි ත්‍රිකෝණ ස්ථානයක ඉන්නවා නම් එයා දුප්පත් පවුලක ඉපදුණත් රජකු හා සමාන බලවතකු බව සඳහන්. (ත්‍රිකේණ ස්ථාන කියන්නේ 5, 9 ස්ථාන) ඒ වගේම ආරෝහණ රවි ත්‍රිකෝණ ස්ථානයක සිටියදී සඳු ලග්නයේද ගුරු කේන්ද්‍රගතවද සිටියොත් ජන්මියාට රාජ්‍ය බලය ලැබෙන බවද ජ්‍යොතිෂයේ සඳහන්. කේන්ද්‍ර ස්ථාන කියන්නේ ජන්ම පත්‍රයක 1, 4, 7, 10 ස්ථාන.

දේශපාලන බලය ලැබෙනවාද කියන එක එහෙමත් නැත්නම් ඉහළ තලයක ජීවත් වෙන්න ලැබෙනවද කියන එක කේන්දරය තුළින් බලන්න පුළුවන් වන්නේ සියලුම ග්‍රහයන්ගේ බලයත් යෙදී ඇති යෝගවල බලයත් නිවැරැදිව තක්සේරු කිරීමෙන් අනතුරුවයි.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

වැලන්ටයින් එකට සමනලී දුන්න කිස් එක

Next Post

සමලිංගික චරිත කරන්න මම සමලිංගිකයෙක් නෙමෙයි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.