සාර්ථක ලෙස අවසන් කරන ලද රාජගිරිය සහ 103 කැම්බල් පෙදෙසේ පළමු සහ දෙවන මහල් නිවාස ව්‍යාපෘතිවලට පසු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර නමක් දිනූ ෆ්ලෙමිංටන් ආයතනය මෑතකදී අති උත්කර්ෂවත් අයුරින් ඔවුන්ගේ තෙවැනි මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා වූ මුල්ගල නො. 20, වජිරා පාර, කොළඹ 04 යන ස්ථානයේදී තබන ලදී.
මෙම උත්සවය එලිෂ් ඩිවෙලොප්මන්ට් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශමිත ගනේගොඩ මහතා විසින් මෙහෙයවන ලද අතර, මෙම සුවිශේෂී සංධිස්ථානය සිහිපත් කිරීම වෙනුවෙන් ආගමික වතාවත් සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා ගොඩකිරීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් සේවා සැපයුම්කරු වන සැන්කන් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ අනුබද්ධ සමාගමක් වන සැන් පයිලින් (පුද්ගලික) සමාගමට ප්‍රධානය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී අවසන් කිරීමට නියමිතය.











