• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැලන්ටයින් එකට සමනලී දුන්න කිස් එක

February 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
වැලන්ටයින් එකට සමනලී දුන්න කිස් එක
Share on WhatsAppShare on Facebook

⬤ මගේ කිස් එක බලලා හරි හැදෙනව නම් කමක් නැහැ…

⬤ තාම ලංකාවේ ඉන්නේ බස් එකේ ගිහින් ලව් කරන පිරිසක්…

‘දෙනෝදාහක් ඇස් ඉදිරියේ
කවදාද දෙන්නේ
මං උණුහුම් හාදුවක්
කවදාද දෙන්නේ
අපි උණුසුම් හාදුවක්’
මේ සමනලී ආදරවන්තයන්ගේ දිනයේදී ආදරවන්තයන් වෙනුවෙන් දුන් තිළිණයයි. මේ මොහොතේ බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇති මෙම අපූරු නිර්මාණය පිළිබඳව සමනලී අපිත් එක්ක කතා කළේ මේ විදිහට.

🔴 සමනලීගෙ ‘හාදුව’ මේ වෙනකොට බොහෝදෙනා කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා?
ඇත්තටම මං හිතුවටත් වඩා හාදුව මිනිස්සු වැලඳගෙන තියෙනව. මං හිතන්නෙ මේ සින්දුව පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු විප්ලවයක් කියල.
🔴 ඒ ගැන තව පැහැදිලි කිරීමක් කළොත්?
මම හිතන්නෙ යල්පැනගිය අදහස්වලින් ඔළුව පුරවගත්ත මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ වෙනස හරි සියුම්ව මියුසික් හරහා කරන්න පුංචි උත්සාහයක් තමයි අපි මේ හරහා ගත්තෙ. ඒක හරිම ආදරණීය ඇරඹුමක්. ඒ අර්ථයෙන් තමයි මේක විප්ලවයක් වෙන්නෙ.
🔴 සින්දුව තුළින් දෙන්න උත්සාහ කරපු පණිවුඩය රසිකයන් ඒ විදිහටම භාරගත්ත කියල ඔබ හිතනවද?
සින්දුවෙ මියුසික් වීඩියෝ එක එළියට ආවට පස්සෙ ගොඩක් අය මේක අරන් තිබුණෙ අසහනයට පත්වුණ පෙම්වතුන්ගේ ගීතයක් විදිහට වගේ. මේක ප්‍රසිද්ධියෙ කියන්න ඕනෙ දෙයක්ද වගේ අදහසකුත් ඒ කියන අය අතරෙ තිබුණ. මං හිතන්නෙ ගොඩක් දෙනෙක්ට තේරුණේ නෑ ඒ සින්දුවෙ තියෙන අවිහිංසාවාදී කෑල්ල. අපි දෙන්න උත්සාහ කරපු දේ සියයට සියයක්ම රසිකයන් භාරගත්තද කියන ප්‍රශ්නය තියෙනව.
🔴 නිර්මාණය පිටුපස ඉන්න පිරිස ගැන කිව්වොත්?
සින්දුව ලිව්වෙ සුජීව හෙට්ටිතන්ත්‍රි. සුජීව එක්ක මන් කලිනුත් වැඩ කරල තියෙනව. සින්දුවෙ වචන දිහා බැලුවම මට හරිම ආස හිතුණ. අරුණ ගුණරත්න තමයි ගීතය සංගීතවත් කළේ. අරුණගෙ මියුසිකුයි, සුජීවගෙ වචනයි, මගේ කටහඬයි මේ සින්දුවෙ හොඳමට ගැළපිලා තියෙනව.
🔴 ගීතයෙ වචනවල තියෙන සරල බව මියුසික් වීඩියෝ එකටත් ගෙනල්ල තියෙන බවක් පේනව?
මට මේ සින්දුවට මියුසික් වීඩියෝ එකක් කරන අදහසක් තිබුණෙ නෑ. ඉතින් බොහොම සරලව සින්දුවෙ අයිඩියා එක දෙන්න පුළුවන් වැඩක් කරන්න තමයි උත්සාහ කළේ. මේක අධ්‍යක්‍ෂණය කළේ තිසර ඉඹුළාන. අහිංසකත්වය මූලික කරගෙන බහුශ්‍රැත, බහුභූත සංකීර්ණ දේවල් නැතුව ඉතාම සරලව වැඩක් කරන්න ඕනෙ කියන අදහස තමයි අපිට තිබුණෙ. මේ හරහා මිනිසුන්ට තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇති වෙනව ඇයි පෙම්වතුන්ට මෙහෙම වෙලා තියෙන්නෙ කියන කාරණය ගැන. ඒ අදහස් ඉතාම සරලව දෙන්න ගත්ත උත්සාහයක් තමයි මේ මියුසික් වීඩියෝ එක.
🔴 පෙම්වතුන්ට සමාජයෙන් ලොකු අසාධාරණයක් වෙනව කියන එකද ඔබ එයින් අදහස් කරන්නෙ?
සමාජය තුළ පෙම්වතුන්ට ලැබෙන ඉඩ, ගෞරවය, ඔවුන්ට දෙන පිළිගැනීම නිසි පරිදි ලැබෙනවද කියන ප්‍රශ්නය තියෙනව. පෙම්වතුන් දෙදෙනෙක් දිහා අපි බලන විදිහ, ඔවුන්ට නිදහස අපි ලබාදෙනවද කියන දේ ගැන ඇත්තටම අපිට අදහසක් තියෙනවද කියල හිතෙනව. දෙන්නෙක් ආදරය කරනව කියන එක දැකපු ගමන්ම අපි ඒක ගැන කතා කරන්නෙ සෙක්ස් මූලික කරගෙන. ඇයි අපි ඒක එතැනින් විතරක් අල්ලන්නෙ. ආදරය, කරුණාව, දයාව, අවිහිංසාවාදය කියන හැම දෙයක්ම ආදරය තුළ තියෙනවනෙ. ඒ වුණාට අපි අල්ලගන්නෙ ඒකෙ සෙක්ස් කියන කාරණය විතරයි. අපේ අය ආදරය, කරුණාව, දයාව කියන දේවල් ගැන කතා කරන්නෙ දානයක් දෙන, පින්කමක් කරන කාරණාවලදි විතරයි. ඒ ගුණාංග පෙම්වතුන් අතර තියෙනව කියන එක දකින්න සමාජය කැමැති නෑ. ඒක තමයි මේ සමාජයෙ අපි දකින ලොකුම දුර්වලතාවය.
🔴 සමාජ මාධ්‍ය හරහා සින්දුවට ප්‍රචාරය ලැබුණෙත් ඔබ ඔය කියන ‘සෙක්ස්’ කියන කෑල්ල අල්ලගෙන නේද?
සමාජ මාධ්‍ය තුළ මොන විදිහට ප්‍රචාරය කරල තිබුණත් ඔවුන් ගීතය බැලුවට පස්සෙ නතර වෙන්නෙ එතැන නෙමෙයි. ඒ හැමෝම පාස් කරන් ආපු ජීවිතය ඒ සින්දුව තුළ කතා කරල තියෙනව. මධ්‍යම පාන්තික ජීවිත ගත කරන අය විදිහට අපි බහුතරයක් පෙම්වතුන් විදිහට ඔය ප්‍රශ්නවලට මුහුණදීල තියෙනව. ධනවත් මිනිසුන්ට ඔය ප්‍රශ්නයට මුහුණදෙන්න වෙලා නැතුව ඇති. ඒගොල්ලන්ට ඕන තැනක ඕන දෙයක් කරගන්න පුළුවන්නෙ. තවමත් ලංකාවෙ බහුතරයක් ඉන්නෙ බස් එකේ ගිහින් ලව් කරන පිරිසක්. ලංකාවේ සියයට අසූවකටම මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වෙලා තියෙනවා. සමාජ මාධ්‍යවල ගහල තියෙන ඒව බලල මගේ කිස් එක බලන්න ගිහිල්ල පස් දෙනෙක් හරි වෙනස් වෙනව නම් මට ඒ ඇති.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

දැන් හැමතැනම කැපිලි කුඩම්මාගේ සැලකිලි

Next Post

ඡන්ද දිනවන කේන්දරේ පිහිටීම

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.